Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story භානුකගේ උත්සාහය අපතේ යයි

භානුකගේ උත්සාහය අපතේ යයි

editorial - 2023 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (15 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට එරෙහිව ලකුණු 11 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථාන නැඟී එන කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 253 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට ඕවර 38.5 ක් ආවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 241 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් ඊබ්‍රහීම් ලකුණු 52 කට කඩුලු 4 ක් දවාගත් අතර සියාවුර් රේමන් සහ මොහොමඩ් සලීම් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

මුල් පෙළ පිතිකරුවන් සිවු දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යද්දී, මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් සමග එක්ව ශ්‍රී ලංකා නැඟී එන ඉනිම ගොඩනැගූ මිනෝද් භානුක, සිය කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවේය. එහෙත් පන්දු 103 කදී හයේ පහරක් සහ හතරේ පහර 17 ක් සමග ලකුණු 119 ක් ලබා සිටියදී 9 වැනි කඩුල්ල ලෙස ඔහු දැවී යෑමත් සමග එම බලාපොරොත්තු බිඳවැටිණ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථාන නැඟී එන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 252 ක් රැස්කළ අතර එහිදී රියාස් හසන් (82) සහ නූර් අලී සද්රාන් (53) අර්ධ ශතක ලබාගත්හ. ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ චාමික කරුණාරත්න ලකුණු 56 කට කඩුලු 3 ක් බිඳහෙළීමට සමත් විය.


ඇෆ්ඝනිස්ථාන නැඟී එන පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 252
(රියාස් හසන් 82, නූර් අලී සද්රාන් 53, ශහිදුල්ලා 23, ඉක්‍රම් අලිඛිල් නොදැවී 34, ශරෆුඩීන් අෂ්රෆ් 19, චාමික කරුණාරත්න 56/3, ළහිරු සමරකෝන් 25/2, දුෂාන් හේමන්ත 54/2)

ශ්‍රී ලංකා නැඟී එන පිල - ඕවර 38.5 කදී සියලු දෙනා දැවී 241
(මිනෝද් භානුක 119, අෂේන් බණ්ඩාර 19, දුනිත් වෙල්ලාලගේ 21, දුෂාන් හේමන්ත 31, ළහිරු සමරකෝන් 16, මොහොමඩ් ඊබ්‍රහීම් 52/4, සියාවුර් රේමන් 44/2, මොහොමඩ් සලීම් 47/2)


අදහස් (0)

භානුකගේ උත්සාහය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.