Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුර පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී දැන් පැවැත්වෙන 29 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා නව තරග වාර්තා සඳහා මිලක් නියම කර තිබියදීත් ඊයේ (29) දෙවැනි දිනය නිමාවනවිටත් එහි මලල ක්‍රීඩා තරගාවලියේදී කිසිදු නව වාර්තාවක් බිහිවී නොතිබීම කැපීපෙණුනි. ඒ වනවිට පවත්වා අවසන් කර තිබූ ජවන හා පිටිය ඉසව් ගණන 47කි.
තරගාවලියේ අවසන් දිනය වන අද (30 වැනිදා) පැවැත්වීමට ඉතිරිව තිබෙන ජවන හා පිටියේ ඉසව් ගණන 17 කි.
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය ඉසව් මුළුගණන 64 ක් වන අතර එසේ වීමට හේතුව වයස 20 න් පහළ හා 20 න් ඉහළ පරිදි කාන්තා හා පිරිමි ඉසව් ප්‍රධාන කාණ්ඩ දෙකකින් සමන්විතව තරග පැවැත්වීමයි.
කෙසේ වුවත් මෙම ක්‍රීඩා උළෙලේදී තරග සංවිධායකයන් දක්‍ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තෑගි කන්දරාවක් පිරිනැමීමට පියවර ගෙන තිබේ.
දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනකුට යතුරුපැදි හා ස්කූටර පැදි හතරක් ප්‍රදානය කිරීමට අමතරව මෙවර මලල ක්‍රීඩා නව තරග වාර්තාවකට රුපියල් 10,000 ක් හා නව ශ්‍රී ලංකා වාර්තාවකට රුපියල් 50,000 ක් බැගින් ප්‍රදානය කිරීමට ජාතික තරුණ සේවා සභාව සුදානමින් සිටින බව එහි ප්‍රචාරක නිලධාරි අනිල් සිරිවර්ධන මහතා ‘ලංකාදීප’යට පැවසීය.
බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේදී පැවැති පසුගිය ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා ඉසව්හි නව වාර්තා 11 ක් සටහන් වී තිබේ. මීට පෙර මෙරට ප්‍රධාන පෙළේ මලල ක්‍රීඩා තරගාවලි ගණනාවක් අනුරාධපුරය පළාත් ක්‍රීඩා සංකීර්ණය ලෙස පසුව නවීකරණය වූ අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී බිහිවී තිබේ.
කෙසේ වුවත් කඩතොළුවලින් ගහන එම තණ කොළ සහිත ධාවන පථයේදී නව තරග වාර්තාවලට යාම බෙහෙවින් දුෂ්කර බව තරග වැදුණු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් ‘ලංකාදීප’යට පැවසූහ.
එහෙත් මීටර 400 - වයස 20න් ඉහළ කාන්තා තරගය ජයගත් බදුල්ලේ එම්.ඕ. උදයංගනී තත්ත්පර 59.53 කට එය නිමා කළාය. එහි තරග වාර්තාව තත්ත්පර 54.31 කි. මීටර 400 වයස 20න් පහළ ඉසව්ව තත්ත්පර 49.61 කට ජය ගත්තේ කුරුණෑගල කේ.පී. නිතූය. එහි වාර්තාවේ වත්මන් කාලය තත්ත්පර 48.67 කි.
ජාතික ක්‍රීඩිකා රුමේෂිකා රත්නායක තරග වදින මීටර 100 - වයස 20න් ඉහළ කාන්තා ඉසව්වේ අවසන් තරගයද අද පැවැත්වීමට නියමිතව ඇත.
ඊයේ පැවති ක්‍රීඩා උළලේ කණ්ඩායම් ඉසව්හිදී වොලිබෝල් (කාන්තා) ඉසව්වේ අවසන් තරගයේදී වට 3-0 කින් ත්‍රිකුණාමල කණ්ඩායම පරාජය කිරීමට කුරුණෑගල කණ්ඩායම සමත්විය. ලකුණු තත්ත්වය 25/18, 25/15, 25/17කි.
ලකුණු 25/20, 25/17 හා 25/23 කින් කෑගල්ල කණ්ඩායම පරාජය කරමින් මෙවර පිරිමි වොලිබෝල් රන්පදක්කම දිනාගැනීමට ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩකයෝ සමත් වූහ.
29 වැනි යොවුන් ක්‍රීඩා උළෙල අද පස්වරු 3.30 ට පැවැත්වෙන සමාප්ත උත්සවයෙන් නිමාවට පත්වේ. ක්‍රීඩා උළෙලේ දින දෙකක් අවසානයේදී ගම්පහ දිස්ත්‍රික්කය ලකුණු 89ක් ලබා ලකුණු සටහනේ පෙරමුණේ පසුවිය.
එහිදී කුරුණෑගල දිස්ත්‍රික්කය ලකුණු 79 ක් ලබා දෙවැනි තැනට පත්ව සිටී. පසුගිය ක්‍රීඩා උළෙලේදී අටවැනි ස්ථානයේ පසුවූ කෑගල්ල දිස්ත්‍රික්කය ඒ වනවිට ලකුණු 69ක් ලබා තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබීම කැපී පෙනේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.