Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මගේ වගකීම මා දන්නවා - හේරත්

මගේ වගකීම මා දන්නවා - හේරත්

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශී‍්‍ර ලංකා කණ්ඩායම සාපේක්‍ෂ වශයෙන් අඩු ටෙස්ට් තරග සංඛ්‍යාවකට සහභගි වීම තමන්ගේ දස්කම් කෙරේ බලපාන්නේ නැතැයි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අංක එකේ දග පන්දු යවන්නා වන රංගන හේරත් පවසයි. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 31 වැනිදා ආරම්භ වීමට නියමිත අතර තරගාවලිය ආරම්භ වීමට පෙර රංගන හේරත් අබුඩාබිහිදී එසේ පැවසීය. දෙරට අතර පළමු ටේස්ට් තරගය අනිද්දා (31 වැනිදා) අබුඩාබිහිදී ආරම්භ වේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගි වූයේ මේ වසරේ මාර්තු- මාසයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවය. එසේ වුවත් හේරත් පවසන්නේ ඉදිරියේ එන ටෙස්ට් තරගාවලියට තමන් සූදානම් බවයි.

”මාරතු මාසයේදී අපි කණ්ඩායමක් හැටියට එකට කී‍්‍රඩා කළා. ඒත් දිගින් දිගටම කි‍්‍රකට් කී‍්‍රඩාවේ යෙදෙන විට අපේ රිද්මය පවත්වාගැනීමත් දස්කම් අතර සිටීමත් පහසුයි....මට කිසිම ආකාරයේ නුහුරු බවක් දැනෙන්නේ නෑ. ටෙස්ට් තරගාවලියට මා සූදානම්” යයි රංගන හේරත් අද සවස මාධ්‍යවේදීන්ට පැවසීය.

මේ වන විට 35 හැවිරිදි වියේ පසුවන වමත් දග පන්දු යවන්නා පාකිස්තානු කණ්ඩායමේ ප‍්‍රබලතම ද`ග පන්දු යවන්නා වන සයීඞ් අජ්මල් හා කරට කර තරගයකට සිටින ශී‍්‍ර ලාංකිකයාය. එහෙත් මාධ්‍ය වලින් කෙරෙන විවිධ පිම්බීම් සහ උඩදැමීම් තමන් ගණනකට නොගන්නා බව හේරත් පවසයි.

”අජ්මල් කියන්නේ ඉතාමත් හොඳ පන්දු යවන්නෙක්. ඔහුට ඉතාමත් හොඳ තරග වාර්තාවක් තියෙනවා. මම වුණත් පසුගිය වසර තුන හතරේදී සෑහෙන හොඳින් කී‍්‍රඩා කරලා තියෙනවා”

”මේක අපි දෙන්නා අතර සටනක් කියා කවුරුහරි කියන්න පුළුවන්. ඒත් මම ඒ ගැන ඒ තරම් හිතන්නේ නෑ” යයිද හේරත් පැවසීය.

”මා වඩා උනන්දු වන්නේ අජ්මල් ගැන නොවේ. මගේ කණ්ඩායම ගැනයි” යයි ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරගයේදී කඩුලූ 12 ක් දවාගනිමින් තරගයේ වීරයා වූ රංගන හේරත් පැවසීය.

පාකිස්තානයට එරෙහිව සහභාගි වූ ටෙස්ට් තරග 12 කදී හේරත් කඩුලූ 51 ක් දවාගෙන තිබුණද හේරත් ඒ ගැන වැඩි කතාවක් නැත.

”ඒ සේරම අතීතයේ...මා හිතන්නේ ඒ දේවල් ආත්ම විශ්වාසයට නම් හොඳයි. ඒත් මට  ඕනෑ කරන්නනේ අලූත් ආරම්භයක්” යයි ටෙස්ට් තරග 47 කදී කඩුලූ 200 කට හිමිකම් කියන හේරත් පැවසීය.

”මා හිතන විදිහට කුරාම් මන්සූර් හොඳින් කී‍්‍රඩා කරලා තියෙනවා. මසූඞ් විතරයි නවකයකුට ඉන්නේ. ඒත් මොහොමඞ් හෆීස්, මිස්බා උල් හක්, යුනිස් ඛාන් හා අසාඞ් ශෆීක් වැනි ඉතාම හොඳ ඉදිරි පෙළ පිතිකරුවන් පාකිස්තානු කණ්ඩායමේ ඉන්නවා” යයි කී රංගන හේරත් ලෝක වාර්තාව හිමි පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව කණ්ඩායම තමන්ගෙන් බලාපොරොත්තු වන දේ ගැන තමන්ට හොඳ වැටහීමක් ඇති බවත් පැවසීය.

”මගේ වගකීම මොකක්ද කියන්න මා දන්නවා. කණ්ඩායමෙන් ඉවත් වූයේ කවුරුන්ද කියා මා හිතන්නේ නෑ. ඒත් මුරලිදරන්ගේ අඩුව මට දැනෙනවා. දැන් වුණත් මුරලි ඉන්නවා නම් මට මීට වඩා පහසුවෙන් පන්දු යවන්න පුළුවන්”

”ඔහු කොයි වගේ විශිෂ්ට පන්දු යවන්නෙක්ද කියා ඔබ සැම දන්නවා. ඔහු සමග කිසිවකු සන්සන්දනය කරන්න බෑ. මුරලි ගැන කියන්න මට වචන නෑ” යයිද හේරත් පැවසීය.

 


අදහස් (0)

මගේ වගකීම මා දන්නවා - හේරත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.