Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මඩුගල්ලේ ඓතිහාසික 400 කඩඉම පසුකරයි

මඩුගල්ලේ ඓතිහාසික 400 කඩඉම පසුකරයි

editorial - 2024 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එක්දින අන්තර්ජාතික තරග 400 ක තීරකවරයා ලෙසින් කටයුතු කළ ලෝකයේ පළමු වැනි ක්‍රිකට් නිලධාරියා වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන රන්ජන් මඩුගල්ලේ මහතා අද (7 වැනිදා) ක්‍රිකට් ඉතිහාසයට එක්විය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේ තීරකවරයා වශයෙන් මඩුගල්ලේ මහතා මෙම ඓතිහාසික කඩඉම පසුකළේය. 

වසර 1993 සිටම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරයකු වශයෙන් කටයුතු කරන මඩුගල්ලේ මහතා ටෙස්ට් තරග 216 ක තරග තීරකවරයා වශයෙන් කටයුතු කර තිබේ. තරග තීරකවරයකු වශයෙන් ටෙස්ට් තරග 200 කඩඉම පසුකළ පළමුවැන්නා ද මඩුගල්ලේ මහතාය. 

මඩුගල්ලේ මහතා තරග තීරකවරයා ලෙසින් කටයුතු කළ විස්සයි-20 අන්තර්ජාතික තරග සංඛ්‍යාව 163 කි. ඔහුගේ වසර 31 ක තරග තීරක දිවියේදී ලෝක කුසලාන අවසන් මහ තරග 4 ක (1999, 2003, 2015 සහ 2019) තරග තීරකවරයා ලෙසින් කටයුතු කළේය. 2007 සහ 2011 වසර වලදී ලෝක කුසලාන අවසන් මහ තරග දෙකම මඩුගල්ලේ මහතාට මඟහැරී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ක්‍රීඩා කළ බැවිනි. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළ තීරක මඬුල්ල හඳුන්වා දුන් මුල් අවදියේ සිටම එහි ප්‍රධාන තීරකවරයා ලෙසින් මඩුගල්ල මහතා කටයුතු කළේය. 


අදහස් (0)

මඩුගල්ලේ ඓතිහාසික 400 කඩඉම පසුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.