Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අසාමාන්‍ය ඉරියව්වකින් පන්දු යවන මතීෂ පතිරණ ඉදිරියේදී ශ්‍රී ලංකාවට අගනා සම්පතක් බවට පත්වනු ඇති බැවින් ඔහුව ප්‍රවේශමෙන් තරග සඳහා යොදාගත යුතු බව එදා මෙදා තුර ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම නායකයා ලෙස සැලකෙන මහේන්ද්‍ර සිං දෝනි පවසයි. මෙවර අයි.පී.එල්. තරගාවලියේ තරග 7 කට ක්‍රීඩා කර ඇති මතීෂ මේ වන විට බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 10 කි.
ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ශූරතාව 5 වරක් දිනා සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව සෙනසුරාදා (6 වැනිදා) පැවැති තරගයේදී තමාගේ පන්දු හමුවේ එක් හයේ පහරක් හෝ හතරේ පහරක් ගැසීමට ඉඩක් නොදී ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගනිමින් මතීෂ දැක්වූ කැපී පෙනෙන දස්කම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෝනි ඒ බව කියා සිටියේය.
“අසාමාන්‍ය ඉරියව්වකින් යුත් පන්දු යවන්නන්ට මුහුණදීම සහ ඔවුන්ට එරෙහිව ලකුණු රැස්කිරීම පිතිකරුවන්ට තරමක් අසිරු කටයුත්තක්. වේගය, විවිධත්වය සහ තරගයට අවතීර්ණ වන අකාරය ඔහුව තවත් විශේෂ පන්දු යවන්නෙක් බවට පත්කරනවා. වැදගත් කාරණය වන්නේ ඔහු කොතරම් ක්‍රීඩා කරනවද යන්න පිළිබඳව අවධානයෙන් සිටීමයි.”
“මම හිතන්නෙ ඔහු රතු පන්දුවෙන් (ටෙස්ට් ක්‍රිකට්) ක්‍රීඩා නොකළ යුතුයි. එක්දින තරගත් අඩුවෙන් ක්‍රීඩා කරලා සෑම අයි.සී.සී. තරගාවලියකටම ක්‍රීඩා කරනවා නම් හොඳයි.
එතකොට සෑම තීරණාත්මක අවස්ථාවකදීම ඔහුව යොදාගන්න පුළුවන්. ඉතා පරිස්සමට රැක බලාගත්තොත් ඉදිරියේදි ඔහු ශ්‍රී ලංකාව අගනා සම්පතක් වේවි.”
“අමතක කරන්න එපා, ඔහු තවමත් තරුණ කොල්ලෙක්. ගිය පාර ඔහු එනකොට හුඟක් කෙට්ටුයි. නමුත් මේ වෙනකොට මාංශ පේෂී වර්ධනය වෙලා ඔහු හුඟක් ශක්තිමක් වෙලා ඉන්නවා. මා හිතනවා ඔහු ශ්‍රී ලංකාවට දීර්ඝ කාලයක් සේවය කරයි කියලා. ඒත් ඔහු කොපමණ පන්දු යවනවාද යන්න පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි.” යයි දෝනි වැඩිදුරටත් පැවසීය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.