Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස අවුරුදු 20න් ඉහළ මීටර 5000 කාන්තා ඇවිදීමේ තරගය නියෝජනය කළ මදිරිකා සිය ඉසව්ව මිනිත්තු 24.26කින් අවසන් කර ඇය විසින් 2015 වසරේ පිහිටුවන ලද එම ඉසව්වේ වාර්තාව අභිබවමින් නව තරග වාර්තාව බිහිකරනු ලැබුවාය.
ජාතික තරුණ සේවා සභාව විසින් මෙහෙයවනු ලැබූ ඇවිදීමේ පිරිමි සහ කාන්තා (වයස අවුරුදු 20න් පහළ සහ 20න් ඉහළ) තරගය අනුරාධපුර මැදිමහ විදුහල අසලින් ආරම්භ වී එම ස්ථානයෙන්ම අවසන්විය.
මේ අතර වයස අවුරුදු 20න් පහළ බාලිකා ඉසව්ව මහනුවර ජේ්.ජී.එන්. වීරසිංහ විසින්ද, එම බාලක ඉසව්ව එස්.එන්.ඒ. රත්නායක විසින්ද දිනාගන්නා ලද අතර වයස අවුරුදු 20න් ඉහළ පිරිමි ඉසව්ව පොළොන්නරුව ඩී.එච්.අයි.එස්. දුණුකාර විසින් දිනාගන්නා ලදී.
යොවුන් ක්‍රීඩා මැරතන් පිරිමි හා කාන්තා තරගය හෙට (17දා) අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතය.
වයස අවුරුදු 20න් ඉහළ පිරිමි ඉසව්ව දිනූ ඩී.එම්.අයි.එස්.එස්. දුණුකාර
තරග ප්‍රතිඵල
වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර 5000
1. ජේ්.ජී.එන්. වීරසිංහ (මහනුවර) මි. 29.42
2. ඒ.ඊ. සෙනෙවිරත්න (බදුල්ල) මි. 29.48
3. ඒ.එච්.ඩී. ලක්ෂිකා (පොළොන්නරුව) මි. 29.54
වයස අවුරුදු 20න් පහළ බාලක මීටර 10000
1. එච්.එන්.ඒ. රත්නායක (ගම්පහ) මි. 54.39
2. ඕ.බී.සී.අයි. සෝමසූරිය (මාතලේ) මි. 55.58
3. කේ. සත්සර එදිරිසිංහ (කළුතර) මි. 58.45
වයස අවුරුදු 20න් ඉහළ කාන්තා මීටර 5000
1. යූ.වී.කේ. මදිරිකා (කළුතර) මි. 24.26 (නව තරග වාර්තාව)
2. එච්.එච්.කේ. මදුෂිකා (මාතර) මි. 28.12
3. ජේ.කේ.කේ.එම්.සී. දමයන්ති (මොනරාගල) මි. 29.46
1. ඩී.එම්.අයි.එස්.එස්. දුණුකාර (පොළොන්නරුව) මි. 48.50
2. එල්.එච්. ලහිරු දුලාජ් (ගාල්ල) මි. 50.16
3. කේ.ඒ.එච්. ප්‍රසාද් (මාතර) මි. 50.55
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.