Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සටහන - දමින්ද විජේසූරිය, ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්රහයෙනි)
ටෙස්ට් සහ පළමු පෙළ පිතිහරඹයට පමණක් නොව, එක්දින තරග වලදීත් ජයග්‍රහණය කරා යා හැකි සාධාරණ වේගයක් තමන්ට පවත්වාගත හැකි බව කදිමට පෙන්වාදුන් නිෂාන් මධුෂ්ක, විශිෂ්ට ශතකයක් ලබාගනිමින්, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් කරා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කැඳවාගෙන ගියේය. නිෂාන් මධුෂ්ක (107), ඩිල්ෂාන් මධුශංක (44/3) සහ ප්‍රමෝද් මධුෂාන් (13/2) එක්ව දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් නන්නත්තාර කරමින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සම කරගත්හ.
පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම ලබාගත් ලකුණු 175 පසුකර යාම සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවන් මුහුණ දුන්නේ ඕවර 29 කට පමණි. ආරම්භක පිතිකරු නිෂාන් මධුෂ්ක හතරේ පහර 13 ක් සහ හයේ පහර 2 ක් සමගින් පන්දු 85 කදී නොදැවී ලකුණු 107 ක් ලබාගත්තේ පන්දු 100 කදී ලකුණු 125.88 ක ප්‍රවේගයක් රඳවා ගනිමිනි.
ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරු ලයිස්තුවේත් ඉදිරියෙන්ම සිටි තිදෙනකුටම ලබාගත හැකිවූයේ ලකුණු 12 කි. එහෙත් නිෂාන් මධුෂ්ක සහ සහන් ආරච්චිගේ (නොදැවී 50) එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු ‘ඒ’ නායක ටෝනි ඩි’සෝසිගේ තීරණය කිසිම ආකාරයකින් ඔවුනට වාසිදායක එකක් නොවීය.
වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුශංකගේ විශ්මයජනක පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිතිකරුවෝ ලකුණු 42 ක් තුළ කඩුලු 7 ක් අහිමි කරගත්හ. ප්‍රමෝද් මධුෂාන් සමගින් පන්දු යැවීම ආරම්භ කළ ඩිල්ෂාන් මධුශංක, සිය පළමු ඕවර 6 ඇතුළතදී ලකුණු 20 කට කඩුලු 4 ක් දවාගනිමින්, දකුණු අප්‍රිකානු ‘ඒ’ පිතිකරු ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටි හතර දෙනා ලකුණු 20 ක් ඇතුළතදී ආපසු ක්‍රීඩාගාරයට යැවීය.
මධුශංකට විශිෂ්ට සහයෝගයක් දුන් ප්‍රමෝද් මධුෂාන් සිය පළමු පන්දු යැවීමේ වාරය සටහන් කළේ 8-2-13-1 ක් ලෙසිනි. ඒ වන විට දකුණු අප්‍රිකානු ඒ ලකුණු පුවරුව කඩුලු 7 කට ලකුණු 43 ක් ලෙසින් දිස්වුවද, අතේ තියෙන රොටිය කටේ දමාගැනීමේ කලාව නොදන්නා ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නන් හමුවේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ටි්රස්ටන් ස්ටබ්ස් (59) සහ ජෙරල්ඩ් කොඑට්සි (77) දෙදෙනා ලකුණු 175 ක් කරා තම පිල කැඳවාගෙන ගියහ.
තවමත් 22 හැවිරිදි ට්‍රිස්ටන් ස්ටබ්ස් පළමුව ආක්‍රමණය ආරම්භ කළ අතර පසුව ජෙරල්ඩ් කොඑට්සිගෙන් ඔහුට හොඳ සහයෝගයක් ලැබිණ. හයේ පහර 5 කින් සහ හතරේ පහර 7 කින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සංග්‍රහ කළ ස්ටබ්ස් සහ කොඑට්සි දෙදෙනා 153 ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන ආවෝය. නිශාන් මධුෂ්කගේ විශිෂ්ට ස්ටම්ප් කිරීමකින් ස්ටබ්ස් දැවී ගිය පසුව කොඑට්සි තනිවම ඉදිරියට ගිය නමුත් එතැන් සිට ඔහුට දුර ගමනක් යා නොහැකි විය.
දුනිත් වෙල්ලාලගේ පන්දුවකින් දැවී යාමට පෙර පන්දු 89 කට මුහුණ දුන් කොඑට්සි, ඒවායින් 6 ක් හතරේ සීමාවෙන් එපිටටත්, තවත් දෙකක් ඊට ඉහළිනුත් යැවීය.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු එක්දින තරගය පරාජය වූයේත් මෙවැනිම වාතාවරණයකට මුහුණ දෙමිනි.
පළමු තරගයේදී ලකුණු ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 264 ක් ලබාගත්තේය. ඊට පිළිතුරු සොයා යාමේදී දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල ලකුණු 155 කට කඩුලු 6 ක් අහිමි කරගත් නමුත් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක් එක්කළ ඩිවොල්ඩ් බ්‍රේවිස් (නොදැවී 98) සහ බේයර්ස් ස්වෝන්පියොල් (නොදැවී 43) තම කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.