Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මනිලාල්ට ජීවිතාන්තය දක්වා පාපන්දු තහනම්

මනිලාල්ට ජීවිතාන්තය දක්වා පාපන්දු තහනම්

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

අන්තර්ජාතික පාපන්දු සම්මේලන ව්‍යවස්ථාවේ වගන්ති පහක් උල්ලංඝනය කිරීමේ චෝදනා මත හිටපු විධායක සභික මනිලාල් ප‍්‍රනාන්දු මහතාට පාපන්දු පරිපාලනයේ යෙදීම ජීවිතාන්තය දක්වා තහනම් කළ බව එම අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ඊයේ (10) නිවේදනය කළේය.

වසර අටක තහනමකට ලක්ව සිටි මනිලාල් ප‍්‍රනාන්දු මහතා ඊට එරෙහිව අන්තර්ජාතික පාපන්දු සමුළුවේ අභියාචනා කමිටුවට ඉදිරිපත් කර තිබූ අභියාචනයක් විභාග කිරීමෙන් පසු මෙම තීරණය ප‍්‍රකාශවී තිබේ.

මේ වසරේ අපේ‍්‍රල් 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඔහුට වසර අටක තහනම පනවා තිබුණි.

අන්තර්ජාතික පාපන්දු සමුළුවේ විධායක සභික ධුරය දැරීමට පෙර මනිලාල් ප‍්‍රනාන්දු මහතා වසර ගණනාවක් ආසියානු පාපන්දු සමුළුවේ උපසභාපති ධුරයක් දැරූ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කළමනාකාර මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළේය. වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන ඔහු නීතිඥවරයකු ද වේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරට පත්වූ ළාබාල තැනැත්තා ලෙස ද මනිලාල් ප‍්‍රනාන්දු මහතා වාර්තා පොතට එක්වේ.
පසුව ආසියානු පාපන්දු සමුළුවේ විධායක සභාවට පත්වූ ඔහු ලෝක පාපන්දු සමුළුවේ හා ආසියානු පාපන්දු සමුළුවේ තනතුරු රැසක් දරා තිබේ.


අදහස් (4)

මනිලාල්ට ජීවිතාන්තය දක්වා පාපන්දු තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.