Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ටෙනිස් ශූරතාවලියේ හසිඳි ලොකුගේ සහ තිසුරි මොල්ලිගොඩ අතර පැවැත්වෙන කණිෂ්ඨ අංශයේ වයස 18 පහළ බාලිකා අවසන් මහ තරගය අද (16 වැනිදා) සවස තිබූ මන්දාලෝකය හේතුවෙන් අතර මැද නතර කිරීමට සිදුවිය.
මෙම තරගය නැවතත් හෙට (17 වැනිදා) උදෑසන 8 ට ආරම්භවීමට නියමිතය.
අද දිනයේදී තරගය නිමා වන විට තරග වට 5/7 ක්, 6/4 ක් සහ 5/1 (නිමා නොවූ තරග වටය) ක් ලෙස තිසුරි මොල්ලිගොඩ ඉදිරියෙන් සිටියාය. කෙසේ වෙතත් කී‍්‍රඩිකාවන් දෙදෙනාම තරග වටය බැගින් ජයගෙන සිටීම නිසා අතර මැද නතර කළ තරග වටය ඔවුන් දෙදෙනාටම වැදගත් වේ.
අවසන් පූර්ව තරග වලදී තරග වට 2-0 ක් ලෙස තෙව්නි දේවරාජා පරාජය කරමින් හසිඳි ලොකුගේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර තිසුරි මොල්ලිගොඩ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ තරග වට 2-1 ක් ලෙස කාවින්ද්‍යා ද සිල්වා පරාජයට පත්කරමිනි.
කණිෂ්ඨ අංශයේ වයස 16 පහළ බාලක අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෑන් ප‍්‍රනාන්දු සහ අනීෂ් වීරසිංහ අද (16 වැනිදා) සමත් වූහ.
අද පැවති පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස ජොෂුවා ජයරත්න පරාජය කරමින් චෑන් ප‍්‍රනාන්දු අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. අනීෂ් වීරසිංහ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස බී. සුරේන් පරාජයට පත්කරමිනි.
16 න් පහළ අවසන් මහා තරගය හෙට (17 වැනිදා) උදෑසන 9.00 ට ආරම්භ වීමට නියමිතය.
වයස 18 පහළ බාලිකා අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල
හසිඳි ලොකුගේ විසින් තරග වට 2 - 0 ක් ලෙස තෙව්නි දේවරාජා පරාජය කරන ලදී. (7/6, 6/4)
තිසුරි මොල්ලිගොඩ විසින් තරග වට 2 - 1 ක් ලෙස කාවින්ද්‍යා ද සිල්වා පරාජය කරන ලදී. (4/6, 7/5, 7/6)
වයස 16 පහළ බාලක අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල
චෑන් ප‍්‍රනාන්දු විසින් තරග වට 2-0 ක් ලෙස ජොෂුවා ජයරත්න පරාජය කරන ලදී. (6/3, 6/4)
අනීෂ් වීරසිංහ විසින් තරග වට 2-0 ක් ලෙස බී. සුරේන් පරාජය කරන ලදී. (6/4, 6/0)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.