Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මලික් තවත් ඉලක්ක දෙකක් සොයයි

මලික් තවත් ඉලක්ක දෙකක් සොයයි

Nisanka Sandeepani - 2018 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අඩුම වශයෙන් 2020 දී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කිරීම තමන්ගේ එකම අරමුණ බව අද (9 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ෂොයිබ් මලික් පවසා තිබේ. පාකිස්තානය වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වන 36 හැවිරිදි ෂොයිබ් මලික් සුප්‍රකට ටෙනිස් තරුවක් වන සානියා මිර්සාගේ සැමියාද වෙයි.

වසර 5 කට පසුව නොසිතූ අයුරින් නැවතත් තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සදහා කැඳවනු ලැබූ පාකිස්තානු පිලේ හිටපු නායකයා 2015 වසර අවසානයේ ටෙස්ට් තරගාවලින් සමුගැනීමට තීරණය කළේය. එසේ වුවත් ෂොයිබ් මලික් එක්දින කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු විය.

ලබන වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය තමන්ගේ අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලිය වුවත් 2020 දී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට තමන්ගේ එකම අරමුණ බවත් කැරිබියන් ප්‍රීමියර් ලීග් විස්සයි20 තරගාවලියේදී ෂොයිබ් මලික් ප්‍රකාශකර ඇත.

“මම බලන්නේ කොහොම හරි මේ ඉලක්ක දෙක වෙත ලඟාවෙන්න. බලමු කොහොමද ඒකට යන්නේ කියලා.....මම නිත්‍ය වශයෙන්ම දස්කම් අතර සිටිනවා නම් මේ ලෝක කුසලාන දෙකට ක්‍රීඩාකරන්න මට අවශ්‍යයි” යයිද හෙතෙම පැවසීය. 

මැද පෙළ පිතිකරුවකු සහ පිට දඟපන්දු යවන්නකු වන ෂොයිබ් මලික් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 35 ක්, එක්දින තරග 261 ක් සහ විස්සයි20 තරග 95 ක් ක්‍රීඩාකර ඇත.

 


අදහස් (0)

මලික් තවත් ඉලක්ක දෙකක් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.