Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ සිංගප්පූරුවේ සිට)
සිංගප්පූරුවේදි දැන් පැවැත්වෙන දොළොස් වැනි ආසියානු දැල් පන්දු තරගාවලියේ අද (06) පැවැති දෙවැනි වටයේ තරගයකදී මලයාසියාව ලකුණු දෙකකින් පරාජය කිරීමට (55-53) ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වූහ.
මෙහි පළමු වටය හා සිව්වැනි වටය පරාජයට පත්ව තිබියදී ශ්‍රී ලංකාව මෙම තියුණු ජයග්‍රහණය වාර්තා කිරීම කැපී පෙනුණි. ඒ අනුව ලකුණු 13-15,17-15,15-8 සහ 10-15 ක් ලෙස මෙහි සෙසු තරග වට දෙක්ක් මලයාසියාවට හිමි වෙමින් මෙම තරගය නිමාවට පත්විය.
ඒ අනුව අවසන් පූර්ව වටයට පිවිසීමේ විශ්වාසනීයත්වය මෙම ජයග්‍රහණ හමුවේ ගොඩනගාගත් ශ්‍රී ලංකාව හෙට (07) දෙවැනි වටයේ සිය දෙවැනි තරගෙට සහභාගි වන්නේ කලාපයේ සිය ප්‍රබලතම ප්‍රතිවාදිනිය ලෙස සැලකෙන සිංගප්පූරුව සමගය.
හෙට තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වීම තුළින් මෙවර තරගාවලියේ අවසන් පූර්වටයට පිවිසීමේ කඩඉම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනු ඇත.
මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ප්‍රඹලතම ප්‍රතිවාදිනියක් මුණගැසුන පළමු අවස්ථාව ලෙස අද තරගය සැලකිය හැකිය අපේක්ෂා කළ අන්දමින් ම එය ආරම්භයේ පටන් ම දෙපිලටම ජයග්‍රහණය දෝලනය වූ තරගයක් විය.
එසේ වුවත් තෙවනි වටයේදී ශ්‍රී ලංකා වල ලකුණු 15- 8 ක් ලෙස අත්කරගත් වාසිය 2016 පසුව මලයාසියාව හමුවේ ඔවුන්ට තවදුරටත් පරාජය් නොවීමේ අවස්ථාව උදාකර දුන්නේය.
මේ අන්දමට ශ්‍රී ලංකාව අවසන්වරට පැවති 2018 තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී මලයාසියාව ලකුණු 62-59 කින් පරාජය කර තිබේ තරගය .පිළිබඳව ලංකාදීපයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ගයාන්ජලි අමරවංශ සිය කණ්ඩායමේ අතපසුවීම් කීපයක් නොවන්නට මෙහෙ ශ්‍රී ලංකාව අතපත්කරගත් ජයග්‍රහනය වඩාත් විශිෂ්ට වන බව පැවසුවාය "මලයාසියාවට එරෙහිව එරහිව අද අද අපේ අත්හදා බැලීම සාර්ථකයි. අපට සිංගප්පූරුවට වඩා විස්වාසයෙන් යුතුව මුහුණ දෙන්නට මෙම ජයග්‍රහණය වැදගත් වෙන වහායයි ද' ඇය වැඩිදුරටත් පැවසුවාය.
ජාතික දැල්පන්දු පුහුණුකාරිනිය හයිසින්ත් විජේසිංහ මහත්මිය මලයාසියාව සහ පරාජය කිරීම සම්බන්ධයෙන් ලංකාදීප ට පැවසුවේ අපේ පූර්ව පුහුණු වීම් වල අඩුපාඩුව නොවන්නට මලයාසියාව පරාජය කිරීම තියුණු සටනක් නොවන බවයි "" විවිධ කාරණා උඩ අප රට තුළ සහභාගිවීමට සූදානම්ව සිටි පුහුණු තරග 43 කින් අඩකටත් වඩ අඩු වුණා. අපට පුහුණු විදෙස් සංචාර එකක්වත් ලැබුනෙත් නෑ. මෙවැනි පීඩනයක් තුළ තමයි අපේ කණ්ඩායම අද තරගය ජයගත්තේ '' යයිද ඇය පැවසුවාය.
අද මුණගැසෙන සිංගප්පූරුව පසුගිය තරගාවලදි දෙවතාවක්ම පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ එහිදී අවසන් මහා තරගයේදි සිංගප්පූරුව ලකුණු 69 -50 කින් පරාජය කරමින් කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
මේ අතර බෲනයි අතර අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවනි වටයේ තරගය තායිලන්ත කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පිරිසකට කොවිඩ් වැළඳීම නිසා තරගය අවලංගු කෙරිණි. එහි නිතරග ජයක් බෲනායි රාජ්‍යයට හිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.