Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 106 දෙනෙකුගෙන් සමන්විත මලල ක්‍රීඩා පුහුණු සංචිත තුනක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ. සුපිරි, විශේෂ හා ජාතික යන කාණ්ඩ තුනකින් මෙතැන් සිට පවත්වාගෙන යන මෙම මලල ක්‍රීඩා සංචිත ලබන වසරේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල හා ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ප්‍රධාන වශයෙන් ඉලක්ක කරමින් ස්ථාපිත කර තිබේ.
සුපිරි සංචිතය සඳහා ඇතුළත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 24 කි. විශේෂ සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනෙකුත් ජාතික සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 61 දෙනෙකුත් නිර්දේශ කර තිබේ.
ලබන වසරේ පෙබරවාරි 17 සහ 18 දෙදින කොළඹ සුගතදාස පිටියේදී ජ්‍යෙෂ්ඨ, යොවුන් හා කනිෂ්ඨ ජාතික තේරීම් (විවෘත) තරග මාලාව පැවැත්වීමෙන් පසුව එම මලල ක්‍රීඩා පුහුණු සංචිතයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංශෝධනයන් සිදු කිරීමට නියමිතය. කෙසේවුවත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල හා ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඉලක්ක කරමින් ලබන මාර්තු 22 වැනිදා කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට නියමිත අවසන් තේරීම් තරගාවලිය සඳහා නිර්දේශිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් සහභාගි කර ගැනේ.
පෙබරවාරි 17 - 18 දෙදින තේරීම් තරගාවලිය සඳහා එතෙක් සංචිතයට ඇතුළත්ව නොසිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද සහභාගි විය හැකි අතර එහිදී ඉහළ දක්ෂතා දක්වන්නට එම එක් සංචිතයකට නිර්දේශවීමේ අවස්ථාව හිමිව තිබේ.
වසර කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සේවය කරන පැනීමේ ඉසව් විශේෂඥ පුහුණුකරු කියුබානු ජාතික ලුයිස් මිරින්ඩා මහතා යටතේ පුහුණුවීම් හදාරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු නව සංචිතයට ඇතුළත් කර තිබේ.
මලල ක්‍රීඩා පුහුණුකරු සජිත් ජයලාල් මහතා යටතේ පුහුණුවීම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු සංචිත ගතව සිටින අතර පුහුණුකාරිනියන් වන අනුපමා රුද්‍රිගු, ඒ.ඩී. නන්දාවතී, අයි.ඩී. අබේරත්න, භද්‍රා ගුණවර්ධන යන මහත්මීන් යටතේ පුහුණුවීම් හදාරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනෙක්ද මෙම සංචිතවලට ඇතුළත්ව සිටිති.
කෙටි දුර ධාවන ඉසව් පුහුණුව සඳහා කියුබානු ජාතික විශේෂඥ පුහුණුකරුවෙකුගේ සේවය ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අවධානය යොමුවී ඇතැයි ද වාර්තාවේ.
● ජාතික මලල ක්‍රීඩා සංචිතය
(පිරිමි)
මීටර් 200 එම්. සෆාන්, මීටර් 200 ජී.ආර්. චතුරංග, මීටර් 1500 එච්.කේ.ටී.වී ෆොන්සේකා, හේමන්ත කුමාර, මීටර 5000 ඒ.කේ. තරංග, මීටර 5000 මීටර 3000 ආර්.එම්.එස්. පුෂ්පකුමාර මීටර් 10000 කේ. ෂන්මුගේස්වරන්, කුමාර බණ්ඩාර, මැරතන් ඩී.ජී.ඩී. සඳරුවන්, පී.ඩී. අරුණසිරි, මීටර 110 කඩුලු රොෂාන් රණතුංග, කේ.බී.අයි. පෙරේරා, මීටර 3000 බාධක එස්. චන්ද්‍රදාසන්, රිටි පැනීම චන්න ප්‍රනාන්දු, ඒ. ප්‍රවිකරන්, යගුලිය විසිකිරීම ආර්.ඒ.එස්. ජයවර්ධන ජෝයි ධනුෂ්ක පෙරේරා, කවපෙත්ත විසිකිරීම යූ.පී. ජයවර්ධන, එම්. ආෂික්, මිටිය විසිකිරීම එස්.ආර්. කුමාරසිරි, සිසිර කුමාර, දසප්‍රයාම අජිත් කරුණාතිලක, ඒ.එස්.එම්. අෂාන්, මීටර් 4X100 එච්.එස්.එස්. කුමාර, එස්.කේ. විජේරත්න, චානුක සන්දීප, මීටර් 4X400 පබසර නිතූ, අංජන ගුණරත්න, රවිෂ්න් ඉන්ද්‍රජිත්, ඇවිදීම ඩී.එම්.එස්. දුනුකාර එස්.එන්. අප්පුහාමි.
(කාන්තා)
මීටර 1500 එන්.එම්.සී. දිල්රුක්ෂි, මීටර 5000 මීටර 10000 එස්.ඒ. ළමාහේවගේ, මීටර 5000 ඒ.එන්. ප්‍රියදර්ශනි, මැරතන් මධුමාලි පෙරේරා මීටර 100 කඩුලු, සප්තප්‍රයාම, මීටර 4X400 ඩබ්.වී.එල්. සුගන්ධිනි, මීටර 100 කඩුලු අයි.එස්. රාජසිංහ, මීටර 400 කඩුලු, ජී.ඒ.එස්. දුලානි, ජී.ඩී.එන්. වික්‍රමසිංහ, උස පැනීම, ඩී.කේ. රණසිංහ, ජයමාලි ගුණරත්න, රිටි පැනීම කේ.එල්.එස්.කේ. පෙරේරා, ජේ. අනීතා, දුර පැනීම, අංජනි පුල්වංශ, දුර පැනීම, සප්තප්‍රයාම හර්ෂණී ජයකාන්ත, සප්ත ප්‍රයාම, යගුලිය විසිකිරීම ටී.කේ. ප්‍රනාන්දු, නදීෂා මුතුනායක, කවපෙත්ත විසිකිරීම, මිටිය විසිකිරීම කේ.ඒ. මධුවන්ති, කවපෙත්ත විසිකිරීම එම්.පී. පෙරේරා, මිටිය විසිකිරීම අරුණි ලක්ෂිකා, හෙල්ල විසිකිරීම නදීකා ලක්මාලි, මීටර 4X100 එස්.එල්. විදානදුරගේ ෂර්මිලා ජෑන් ඊවන්ති ඉමේෂිකා, එම්.ඒ.එස්. ජයතිලක, ආර්.එස්. ෆර්ඩිනෑන්ඩස්, මීටර 4X400 ජී.එස්. ජයසිංහ, සචිනි තාරකා, රුමේෂි ඉෂාරා, ඇවිදීම පී.බී. ගයානි, කල්හාරි මදිරිකා.
● සුපිරි මලල ක්‍රීඩා සංචිතය:-
(පිරිමි)
මීටර 4X400 - කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, අජිත් ප්‍රේමකුමාර, පසිඳු ලක්ෂාන් කොඩිකාර, ෂෙහාන් අඹේපිටිය. මීටර 4X100 - මොහොමඞ් අස්ණු, විනෝජ් සුරංජය ද සිල්වා, හිමාෂ ඒෂාන්. මීටර 100 - සුපුන් අබේකෝන්. මීටර 800 - ඉඳුනිල් හේරත්. උස පැනීම - මංජුල කුමාර විජේසේකර, උෂාන් තිවංක පෙරේරා, සෙනුරි අමරසිංහ. දුර පැනීම - ඩී.ඒ. විමලසිරි, අමිල ජයසිරි, ඩී.එස්. ප්‍රියරත්න, එල්.පී.එස්. ධනංජය. හෙල්ල විසිකිරීම - සුමේධ රණසිංහ, සම්පත් රණසිංහ.
(කාන්තා) -
මීටර 800 - හසන්තිකා අබේරත්න. මීටර 3000 බාධක - නිලානි රත්නායක. මීටර 2000 - මීටර 3000 බාධක - පාරමි වසන්ති මාරිස්ටෙලා. හෙල්ල විසිකිරීම - ඩිලානි ලේකම්ගේ. තුන්පිම්ම - විදුෂා ලක්ෂනි.
● විශේෂ මලල ක්‍රීඩා සංචිතය
(පිරිමි)
මීටර 400 - දිලිප් රුවන් තරුෂ ධනංජය. මීටර 400 - කඩුලු - ඒ.අයි. රත්නසේන, අරවින්ද චතුරංග. දුර පැනීම - ජේ.එච්.ජී. සම්පත්, මොහොමඞ් මින්නේ, එම්.කේ. කරුණාසේකර, ඩී.එම්. ලියනපතිරණ. තුන්පිම්ම - එස්.එස්. ජයසිංහ, ඒ.එන්. කරුණාසිංහ, එන්.එස්. අහමඞ්, ඩී.කේ. ප්‍රනාන්දු.
(කාන්තා) -
මීටර 200, මීටර 100, මීටර 4X100 - රුමේෂිකා රත්නායක. මීටර 10000 මැරතන් - හිරුණි විජේරත්න. මීටර 800, මීටර 4X400 - නිමාලි ලියනආරච්චි, මීටර 100, මීටර 200, මීටර 4X100 - අමාෂා ද සිල්වා. මීටර 400, මීටර 4X400 - නදීෂා රාමනායක, ඊ.ඩබ්.යූ. රත්නකුමාරි, පී.ජී.එන්. මධුෂිකා. මීටර 800, මීටර 4X400 - ඩී.එම්.එස්. කුමාරසිංහ. තුන්පිම්ම - බී.එම්.එච්.පී. බාලසූරිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.