Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
බංග්ලාදේශයේ ශිලාත් නුවරදී පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන තරගාවලියේදී මැලේසියානු කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) පැවැති තරගයේදී මල්ෂා ෂෙහානි කළ විස්මිත පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 72 ක ජයක් අත්කරගත්හ. මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රසාද ලකුණු පුවරුවේදී ඉන්දියාව සහ පාකිස්තානය සමග සමතැන් ගෙන සිටිති.
ආසියානු කුසලාන තරගාවලියේදී මේ වනවිට තරග 4 කට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය සහ මැලේසියාව පරාජය කරමින් ප්‍රසාද ලකුණු 6 ක් ලබාගෙන සිටිති. තරගාවලියේ සැකැස්ම අනුව, ප්‍රසාද ලකුණු පුවරුවේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 අතර, මේ මස 13 වැනිදා අවසන් පූර්ව වටයේ තරග පැවැත්වේ.
අද පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 105 ක් ලබාගත්හ. ලකුණු 14 කට කඩුලු 3 ක් බිඳ වැටුණු නමුත්, නායිකා චමරි අතපත්තු (21), නිලක්ෂි ද සිල්වා (21) සහ ඕෂධී රණසිංහ (නොදැවී 23) ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100 කඩයිමෙන් එපිටට තල්ලු කළහ.
වේග පන්දුව මෙන්ම දඟ පන්දුවත් එකසේ හුරු මල්ෂා ෂෙහානිගේ අති විශිෂ්ට පන්දු යැවීම හමුවේ, පන්දු 11 කින් මැලේසියානු පිතිකාරිනියෝ හතර දෙනෙක් දැවී ගියහ. ප්‍රතිඵලය වූයේ ලකුණු ලකුණු 106 ක පහසු ඉලක්කයක් කරා යමින් සිටි මැලේසියානු ක්‍රීඩිකාවන්ගේ අවසන් කඩුලු 6 ම ලකුණු 02 ක් ඇතුළත බිඳ වැටීමයි.
වරෙක කඩුලු 4 ක් දැවී ලකුණු 31 ක් ලබා සිටි මැලේසියානු ක්‍රීඩිකාවෝ සියලු දෙනාම ලකුණු 33 කට දැවී ගියහ. මල්ෂා ෂෙහානිගේ පන්දු යැවීම සටහන් වූයේ ඕවර 1.5-0-02-4 ක් ලෙසිනි.
මල්ෂා පන්දුව අතට ගැනීමට පෙර ධෛර්වයන්ත පන්දු යැවීමක නිරත වූ සුගන්ධිකා කුමාරි (11/2) සහ ඉනෝකා රණවීර (08/2) මැලේසියානු පිතිකාරිනියන් මෙල්ලකර තබාගත්හ.
ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 7 ට 105 යි
(චමරි අතපත්තු 21, නිලක්ෂි ද සිල්වා 21, මල්ෂා ෂෙහානි 14, ඕෂධී රණසිංහ නොදැවී 23, සාෂෘ අස්ම 10/2, අයිනා හස්හිම් 23/2)
මැලේසියානු කාන්තාවෝ - ඕවර 9.5 කදී සියලු දෙනා දැවී 33 යි
(එස්ලා හන්ටර් 18, සුගන්ධිකා කුමාරි 11/2, ඉනෝකා රණවීර 08/2, මල්ෂා ෂෙහානි 02/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.