Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ශිලාත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන සිම්බාබ්වේ කණ්ඩායම පළමු දිනය වු අද (3 වැනිදා) තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 236 ක් ලබා සිටියේය.
පළමු දිනය සඳහා තරගය නතර කරන විට පීටර් මූර් හතරේ පහර 4 ක් සමග ලකුණු 37 ක්ද, රේගිස් චකබ්වා හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. පළමු දිනය අවසානයේ ඔවුන් දෙදෙනා එක්ව සිම්බාබ්වේ කණ්ඩායමේ හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව 35 කි.
අගනා පිතිහරඹයක නිතර වූ ෂේන් විලියම්ස් හතරේ පහර 8 ක් සමගින් ලකුණු 88 ක් රැස්කළ අතර නායක මහමදුල්ලා රියාද්ගේ පන්දුවක් හමුවේ මෙහෙදි හසන් අතට උඩ පන්දුවක් දෙමින් ශතකය පෙනි පෙනී පිටියෙන් ඉවත්ව ගියේය. පීටර් මූර් සමග එක්ව සිම්බාබ්වේ ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද විලියම්ස් සමත් විය.
සිම්බාබ්වේ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක හැමිල්ටන් මසකඞ්සා හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 52 කි. අබූ ජයේද්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසා අර්ධ ශතකය ලබාගැනීමේ පසුව මසකඞ්සාට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට නොහැකි විය.
මුලු ලකුණු සංඛ්‍යාව 47 ක් වන විට සිම්බාබ්වේ ඉනිමේ කඩුලු 2 ක් දවාගැනීමට තයිජුල් ඉස්ලාම් සමත් විය. එහිදී ලකුණු 13 ක් ලබා සිටි බ්‍රයන් චාරීගේ කඩුල් බිඳදැමූ ඉස්ලාම්, ලකුණු 6 ක් ලබා සිටි බ්‍රෙන්ඩන් ටේලර් පිටියෙන් ඉවත් කළේ හොසේන් ශැන්ටෝගේ සහායද ඇතිවය.
සිම්බාබ්වේ කණ්ඩායම - පළමු ඉනිම - කඩුලු 5 කට 236
(හැමිල්ටන් මසකඞ්සා 52, ෂේන් විලියම්ස් 88, සිකන්දර් රාසා 19, පීටර් මූර් නොදැවී 37, රේගිස් චකබ්වා නොදැවී 20, තයිජුල් ඉස්ලාම් 86/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.