Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මසූඩ් - ඉෆ්තිකාර් පාකිස්තානයේ නම්බුව බේරාගනිති
ඉන්දු - පාකිස්තානු තරගය

මසූඩ් - ඉෆ්තිකාර් පාකිස්තානයේ නම්බුව බේරාගනිති

editorial - 2022 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෂාන් මසූඩ් (නොදැවී 52) සහ ඉෆ්තිකාර් අහමඩ් (51) දෙදෙනාගේ සම්බන්ධතාවට ස්තුති වන්නට, මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ඉන්දු - පාකිස්තානු ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම, සිය ඕවර 20 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 159 ක් ලබාගත්තේය. තරගය ජයගැනීමට නම් ඉන්දියානුවන් ලකුණු 160 ක් ලබාගත යුතුව ඇත.

මසූඩ් සහ අහමඩ් දෙදෙනා ලබාගත් ලකුණු 103 හැරෙන්නට, පාකිස්තානයේ තවත් පිතිකරුවන් 8 දෙනකුටම එක්ව රැස්කරගත හැකිවූයේ ලකුණු 56 ක් පමණි.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා, මෙල්බර්න් තණතීරුවේදී පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගත්තේය. ලකුණු 15 ක් ඇතුළත පාකිස්තානයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගියද, මසූඩ් සහ ඉෆ්තිකාර් එක්ව ලකුණු සංඛ්‍යාව 91 ක් දක්වා ඉහළ දැමූහ.

ඉෆ්තිකාර් අහමඩ්ගේ දැවී යාමත් සමගින්, ලකුණු 29 ක් ඇතුළත පාකිස්තානු පිතිකරුවෝ පස් දෙනෙක්ම දැවී ගියහ. ඉනිම අග්ගිස්සේ ඕවර 4 දී ෂාන් මසූඩ් සමගින් එක්වූ ශහීන් ෂා අෆ්රීඩි (16) පන්දු 16 කදී ලකුණු 31 ක් රැස්කරමින්, පාකිස්තානය ලකුණු 159 ක් කරා කැඳවාගෙන ගියහ.

ජස්ප්‍රීට් බුම්රා නොමැතිව තරග කරන ඉන්දියාව වෙනුවෙන් හර්දික් පාණ්ඩ්‍යා (30/3) සහ අර්ශ්දීප් සිං (32/3) කඩුලු 6 ක් බෙදාගත්හ.

ඉන්දීය කණ්ඩායම මේ වන විට විස්සයි-20 ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 හිමි කණ්ඩායමයි. එහෙත් වසර 2007 දී වි-20 ලෝක කුසලාන දිනාගැනීමෙන් පසුව ඉන්දියාවට මේ දක්වා වි-20 ලෝක කුසලානයක් දිනාගත හැකිවී නැත.

මෙම තරගයේ තීරකවරයා ලෙසින් ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායක රන්ජන් මඩුගල්ල මහතා කටයුතු කරයි.
   

- 213


අදහස් (0)

මසූඩ් - ඉෆ්තිකාර් පාකිස්තානයේ නම්බුව බේරාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.