Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිවයිනේ පැරණිතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලෙස සැලකෙන මහගස්තොට කඳු තරණයේදී නව වාර්තාවක් පිහිටුවමින් තරගකරුවෙකු දැක්වූ හොඳම තරග නිමි කාලය වාර්තා කිරීමට ඩරින් වීරසිංහ සමත් විය. මෙම තරගාවලිය පෙරේදා (10 වැනිිදා) නුවරඑළිය මහගස්තොටදී පැවැත්විණ.
තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙසද සම්මාන දිනාගත් ඩරින් වීරසිංහ, සුබාරු එස්. ටී. අයි. 10 වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරමින් එස්. එල්. ජී. ටී. කාණ්ඩයෙන් (සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා) තරග වැදිණ. ඔහුට එක් තරග වටයක් නිමා කිරීම සඳහා ගතවූ අවම කාලය තත්ත්පර 33.47 කි.
ඩරින් විසින් මෙවර තරගාවලියේදී බිඳ දමන ලද්දේ තත්ත්පර 34.17 කින් තරග වටයක් නිමා කරමින් ඉකුත් (2015) වසරේදී නිෂාන් වීරසූරිය විසින් පිහිටුවන ලද වාර්තාවයි.
තමන්ගේම වාර්තාව නැවත වරක් අලූත් කරමින් මෙවර තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ආනන්ද සම්පත් සමත් විය. ආනන්ද සම්පත් පිට පිටම මහගස්තොට කඳු තරණයේදී යතුරුපැදිකරුවෙකු වාර්තා කරන ලද හොඳම කාලයට හිමිකම් කී තෙවැනි අවස්ථාව ලෙසද මෙය හැදින්විය හැකිය.
සී. ආර්. එෆ්. 450 වර්ගයේ යතුරුපැදියක් භාවිතා කරමින් එස්. එම්. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 175 සිට 450 දක්වා) සුපර්මෝටාඞ් ඉසව්වෙන් තරග වැදුණ ආකාෂ්ට තරග වටයක් නිමා කිරීමට ගතවූ කාලය තත්ත්පර 34.62 කි. ඉකුත් වසරේ (2015) පැවැති තරගාවලියේදී තත්ත්පර 34.84 කින් තරග වටයක් නිමා කරමින් ඔහු පෙර පැවැති වාර්තාව පිහිටුවා තිබිණ.
වැඩි දෙනාගේ අවධානයට ලක් වූ තවත් වේගවත් තරග ඉසව්වක් ලෙස හැදින්විය හැකි ෆෝර්මියුලා (සිලින්ඩර් ධාරිතාව 1665 දක්වා) මෝටර් රථ තරගය ජයගැනීමට රොහාන් ද සිල්වා සමත් විය. ඔහුට තරග වටයක් නිමා කිරීම සඳහා ගත වූ කාලය තත්ත්පර 33.70 ක් වූ අතර එය ඩරින් වීරසිංහට පමණක් දෙවැනි විය.
පිට පිටම 47 වැනි වසරටත් මහගස්තොට කඳු තරණයට සහභාගී වූ එස්. මාන්නප්පෙරුම, එස්. එල්. එස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගයේ තෙවැනි ස්ථානය හිමිකරගනිද්දී ඔහුගේ පුත් මධුෂාන් මාන්නප්පෙරුම එම තරගයේ ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වීම සුවිශේෂී සිදුවීමක් විය.
පුතා ඉදිරියේ පියාට පසුබෑමට සිදුවූ තවත් අවස්ථාවක් වූයේ එස්. එල්. එන්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයේදීය. සිදුවිය. එම තරගය ජයගැනීමට කුෂාන් පීරිස් සමත් වෙද්දී ඔහුගේ පියා වූ ධම්මික පීරිස්ට එහි තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
කෙසේ වුවත් එස්. එල්. එන්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයේදී තම පුත‍්‍රයාට ඉතා තියුණු සටනක් දුන් ධම්මික පීරිස්, තත්ත්පර 0.01 කින් කුෂාන් පිරීස්ව පසුපසට ඇද දමමින් එම තරගය ජයගත්තේය.
සිලින්ඩර ධාරිතාව 125 සිට 160 දක්වා නවීකරණය නොකළ යතුරුපැදි තරගයේදීද නරඹන්නන්ට මෙවැනිම පිය පුතු ගැටුමක් දැකගත හැකි විය. හොණ්ඩා සී. බී. ආර්. වර්ගයේ යතුරුපැදියක් භාවිතා කළ විනුල පතිරගේගේ එම තරගය ජයගැනීමට සමත් වූ අතර එම වර්ගයේම යතුරුපැදියක් භාවිතා කළ ඔහුගේ පියා වූ මංගල පතිරගේ එහි දෙවැනි ස්ථානයට පත්විය.
සිලෝන් මෝටර් රථ කී‍්‍රඩා සමාජය 82 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියට මෝටර් රථ ඉසව් 11 ක් සහ යතුරුපැදි ඉසව් 10 ක් ඇතුළත් වූ අතර සියැට්, මහින්ද්‍රා, මැක්ෆොයිල්, මොබිල් ලූබි‍්‍රකන්ට්ස් යන සමාගම් එහි අනුග‍්‍රාහකයෝ ලෙස කටයුතු කළහ.
මහගස්තොට කඳු තරණය - මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ශානුක අරවින්ද
මෝටර් රථ තරග ප‍්‍රතිඵල
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 ධම්මික පිරීස් (මැස්ඩා ෆැමිලියා)
2 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා)
3 සුසන්ත ගුණවර්ධන (ෆෝඞ් ලේසර්)
ඒස්. එල්. ඊ. කාණ්ඩයේ නිසාන් මාර්ච් වර්ගයේ මෝ්ටර් රථ
1 රිස්මි අමනුඞීන් (නිසාන් මාර්ච්)
2 යසිත් ගමගේ (නිසාන් මාර්ච්)
3 ඉර්ෂාඞ් ෆහීම් (නිසාන් මාර්ච්)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618) දක්වා මෝටර් රථ
1 සුසන්ත ගුණවර්ධන (හොණ්ඩා සිවික්)
2 ෆහාම් නියුමාන් (හොණ්ඩා ඊ. කේ. 6)
3 චන්දිම ගුණරත්න (හොණ්ඩා ඊ. ජී. 6)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ
1 නාමල් සිල්වා (ඔස්ටින් මිනි)
2 රවින් වන්නිතම්බි (ඔස්ටින් මිනි)
3 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා)
2 රජිත් උළුවිට (ෆෝඞ් ලේසර්)
3 ධම්මික පිරීස් (මැස්ඩා ෆැමිලියා)
ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ
1 චන්දිම ගුණරත්න (ෆෝර්මියුලා මැක්ලරන්ස්)
2 රොහාන් ද සිල්වා (ෆෝර්මියුලා මැක්ලරන්ස්)
3 මෙහාන් ද සිල්වා (ෆෝර්මියුලා මැක්ලරන්ස්)
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ
1 චානක රත්නායක (ඔස්ටින් මිනි)
2 නිෂාන්ත් ද අල්විස් (ඔස්ටින් මිනි)
3 සමන් හේමකුමාර (මොරිස් මිනි)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ
1 ඉර්ෂාඞ් ෆහාම් (ටොයොටා විට්ස්)
2 දිනේෂ් ජයවර්ධන (ටොයොටා විට්ස්)
3 ෆාහම් නව්මාන් (ටොයොටා විට්ස්)
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ
1 මධුෂාන් මාන්නප්පෙරුම (හොණ්ඩා සිවික්)
2 දිනේෂ් සේනානායක (හොණ්ඩා සිවික්)
3 එස්. මාන්නප්පෙරුම (හොණ්ඩා සිවික්)
ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1665 දක්වා) මෝටර් රථ
1 රොහාන් ද සිල්වා (ෆෝර්මියුලා වැන්ඩයිමන්)
2 ඩිලාන් සෙනෙවිරත්න (ෆෝර්මියුලා මැක්ලරන්ස්)
3 දිනේෂ් ජයවර්ධන (ෆෝර්මියුලා මැක්ලරන්ස්)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ
1 ඩරින් වීරසිංහ (සුබාරු එස්. ටී අයි. 10)
2 දිනේෂ් ජයවර්ධන (මිට්සුබිෂී එවොලූෂන්)
3 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 9)
යතුරුපැදි තරග ප‍්‍රතිඵල
‘ ඕ’ කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි
1 ශිහාන් පෙරේරා (හොණ්ඩා ජේ. එක්ස්. 125)
2 සුපුන් ධනුෂ්ක (හොණ්ඩා ජේ. එක්ස්. 125)
3 විජිත පෙරේරා (හොණ්ඩා ජේ. එක්ස්. 125)
‘ ඕ’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට 160 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි
1 විනුල පතිරගේ (හොණ්ඩා සී. බී. ආර්. 150)
2 මංගල පතිරගේ (හොණ්ඩා සී. බී. ආර්. 150)
3 ධම්මික නිෂාන්ත (හොණ්ඩා සී. බී. ආර්. 150)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි
1 ගනේෂ් විජේකුමාර් (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
2 ෂේන් මාර්ක් (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
3 එන්. ජයශාන්ත (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
සි. ධා. 250 සිට 1000 දක්වා නවීකරණය කළ සහ නොකළ විවෘත යතුරුපැදි
1 නඳුන් විජේසේකර (බී. එම්. ඩබ්ලිව්. 1000)
2 රීසා ඔඩයාර් (බී. එම්. ඩබ්ලිව්. 1000)
3 මධුරංග කල්දේරා (යමහා ආර්. 600)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට 250 දක්වා) නවීකරණය කළ සහ නොකළ ස්ටී‍්‍රට් ටේ‍්‍රල් යතුරුපැදි
1 ආර්. ඒ. උදයකමාර (යමහා ඩබ්ලිව්. ආර්. 250)
2 ටී. එම්. දිනේෂ් (යමහා ඩබ්ලිව්. ආර්. 250)
3 පී. රගුරාජා (කවසාකි. කේ. එල්. එක්ස්. 250)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 175 සිට 250 දක්වා) නවීකරණය කළ සහ නොකළ ස්ටී‍්‍රට් ටේ‍්‍රල් යතුරුපැදි
1 ෂේන් මාර්ක් (හොණ්ඩා සී. ආර්. එම්. 250)
2 එස්. වාසුදේවන් (හොණ්ඩා සී. ආර්. එම්. 250)
3 ඥාන ප‍්‍රගාෂ් (හොණ්ඩා සී. ආර්. එම්. 250)
සි. ධා. 85 දක්වා නවීකරණය කළ සහ නොකළ රේසිං යතුරුපැදි
1 ලක්ෂාන් අරුල්දාස් (යමහා වයි. ඉසෙඞ්. 85)
2 නිමේෂ් සඳරුවන් (යමහා වයි. ඉසෙඞ්. 85)
3 ගිහාන් සංජීව (යමහා වයි. ඉසෙඞ්. 79)
සි. ධා. 125 දක්වා රේසිං යතුරුපැදි
1 ඩබ්ලිව්. එම්. ගුණසිංහ (හොණ්ඩා ආර්. එස්. 125)
2 ඩිලාන් චමින්ද (හොණ්ඩා ආර්. එස්. 125)
3 නෙවිල් ගුණතිලක (හොණ්ඩා ආර්. එස්. 125)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 100 සිට 250) සුපර් මෝටාඞ් යතුරුපැදි
1 ආනන්ද සම්පත් (ආකාෂ් සී. ආර්. එෆ්. 250)
2 එම්. ප‍්‍රදීප් (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 රීසා ඔඩෙයාර් (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 175 සිට 450) සුපර් මෝටාඞ් යතුරුපැදි
1 ආනන්ද සම්පත් (ආකාෂ් සී. ආර්. එෆ්. 450)
2 රීසා ඔඩෙයාර් (කේ. ටී. එම්. 450)
3 එස්. පී. චමින්ද (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.