Last Update  :  2025-01-06 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර - හැව්ලොක්ස් අපරාජිතයන්ගේ සටන අනිද්දා

මහනුවර - හැව්ලොක්ස් අපරාජිතයන්ගේ සටන අනිද්දා

editorial - 2025 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

අන්තර් සමාජ රග්බි ලීගයේ සති 3 ක් අවසානයේ අපරාජිත බව රැකගෙන ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සිවුවැනි සතිය යටතේ අනිද්දා (4 වැනිදා) කොළඹ, හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී එකිනෙකාට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත. 

පස්වරු 3.45 සිට පැවැත්වෙන එම තරගය ජයගන්නා කණ්ඩායම තවදුරටත් අපරාජිත බව රැකගනිමින් ඉදිරියට යන අතර පරාජයට පත්වන කණ්ඩායමේ අපරාජිත බව බිඳවැටෙනු ඇත. මේ වන විට මහනුවර කණ්ඩායම ප්‍රසාද ලකුණු 3 ක් සමග තරග 3 ක් ජයගෙන ලකුණු 18 ක් ලබා සිටින අතර හැව්ලොක්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 ක් සමග තරග 3 ක් ජයගෙන ලකුණු 17 ක් ලබා සිටියි. 

තරගාවලියේ සිවුවැනි සතිය ආරම්භ කරමින් නාවික හමුදාවට එරෙහිව ගුවන් හමුදාව වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදීත්, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව යුද හමුදාව ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදීත් අද (3 වැනිදා) තරග බිමට පිවිසෙනු ඇත. මෙම සතියේ තවත් තරගයක් හෙට (4 වැනිදා) පැවැත්වෙන අතර එහිදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයත් තරග වදිනු ඇත. 

මේ වන විට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සහ යුද හමුදාව තරග 2 බැගින්ද, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සහ ගුවන් හමුදාව එක් තරගය බැගින්ද ජයගෙන සිටියි. පොලිසිය, නාවික හමුදාව සහ ශ්‍රී ලයන්ස් යන කණ්ඩායම් තවමත් ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් පසුවේ. සහභාගි වූ තරග 3 ම පරාජයට පත්වුවද, එහිදී ප්‍රසාද ලකුණු 2 ක් ලබා සිටින පොලිස් කණ්ඩායමට මෙම සතියේදී විවේකයක් හිමිවී තිබේ. 


සිවුවැනි සතියේ තරග කාලසටහන 

■ ජන. 3 වැනිදා - නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී - පස්වරු 3.45 සිට 
■ ජන. 3 වැනිදා - සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී - පස්වරු 6.30 සිට 
■ ජන. 4 වැනිදා - සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අතර ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පස්වරු 3.45 සිට 
■ ජන. 4 වැනිදා - හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී - පස්වරු 3.45 සිට


අදහස් (0)

මහනුවර - හැව්ලොක්ස් අපරාජිතයන්ගේ සටන අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.