Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර ක්‍රීඩකයෝ 20 වැනි අවස්ථාව සොයති

මහනුවර ක්‍රීඩකයෝ 20 වැනි අවස්ථාව සොයති

Nisanka Sandeepani - 2018 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක දිගට ජයග්‍රහණ පෙළක්ම හිමිකර ගනිමින් ඩයලොග් ලීග් රග්බි කුසලානයට හිමිකම් කී මහනුවර ක්‍රීඩා සමාජය හුස්මක් කටක් නොගෙනම දේශීය රග්බි තරග බිමේ කූටප්‍රාප්තිය ලෙස සැළකෙන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ කුසලානය රැක ගැනීමේ සටනට පිවිසී සිටී. 

මීට පෙර ක්ලිෆර්ඩ් කුසලානයට 19 වතාවක් හිමිකම් කියමින් වැඩිම වාරගණනක් එම ගෞරවනීය කුසලානයේ පහස ලැබූ මහනුවර ක්‍රීඩා සමාජය මෙවර කුරුමානම් අල්ලන්නේ පිට පිට සිවුවැනි වතාවටත් එය ඩැහැගනිමින් 20 වැනි වරටත් කුසලානය දිනාගැනීමටය.

වසර 100 කට අධික දීර්ඝ ඉතිහාසයක් ඇති ක්ලිෆර්ඩ් කුසලානය ඇති පදම් කාලයක් සිය කුසලාන කැබිනෙට්ටුවේ තිබුණත් අද (16) ඇරැඹෙන මේ තරගාවලියේ දී නැවතත් එය අතට ගැනීම කුසලාන පිපාසයෙන් පෙළෙන මහනුවර ක්‍රීඩා සමාජයේ එකම අරමුණ වී තිබේ. 

අද පස්වරුවේ ලීග් අනුශූර නාවික හමුදා කණ්ඩායම සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ආරම්භ වන මෙවර තරගාවලියේ දෙවැනි දිනය වන හෙට (17) මහනුවර කණ්ඩායම ගුවන් හමුදා පිල සමග පල්ලෙකැලේදී තරගයට එක්වෙයි. 

අර්ධ අවසන් පූර්ව වටයේ සිට පැවැත්වෙන මේ තරගාවලියේ ඉතිරි අර්ධ අවසන් පූර්ව තරග දෙකත් අනිද්දා පැවැත්වෙයි. 

ලීග් තරගාවලියේ ආරම්භයේ සිටම කුසලානයට සිහින මවා අන්තිමේදී අනුශූරතාවත් අහිමිකරගත් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා කණ්ඩායම අතර තරගය හෙට පස්වරුවේ කොළඹ තුරග තරග පිටියේ පැවැත්වෙයි. එදිනම රාත්‍රී සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර තරගය පැවත්වීමට නියමිතය. 

ක්ලිෆර්ඩ් කුසලාන තරග කාල සටහන

අර්ධ අවසන් පූර්ව තරග 
16 වැනිදා- නාවික හමුදා ක්‍රී.ස. සහ පොලිස් ක්‍රී.ස. අතර කොළඹ තුරඟ තරග පිටියේදි
17 වැනිදා - මහනුවර ක්‍රී.ස. සහ ගුවන් හමුදා ක්‍රී.ස. අතර පල්ලෙකැලේදී
හැව්ලොක්ස් ක්‍රී.ස. සහ යුද හමුදා ක්‍රී.ස. අතර කොළඹ තුරඟ තරග පිටියේදි
සී.ආර්. සහ සී.එච්. කණ්ඩායම් අතර කොළඹ තුරඟ තරග පිටියේදී

අවසන් පූර්ව තරග 
පෙබරවාරි 21 - සී.ආර්.පිටියේදී

අවසන් මහා තරගය
පෙබරවාරි 25 - සී.ආර්.පිටියේදි


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ 20 වැනි අවස්ථාව සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.