Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය අපරාජිතබව තවදුරටත් රැක ගත් මහනුවර ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ 6 වැනි ජයග්‍රහණයට හිමිකම් කියමින් නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 33-19 ක විශිෂ්ට ජයක් වාර්තා කිරිමට සමත්විය.
තම ඉවසීම පරික්ෂා කිරීමට සිය නිත්තවෙල රාජධානියට ඊයේ පස්වරුවේ ගිය නැවියන්ට හිස් අතින් ආපසු යාමට සැලැස්වූ මහනුවර ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් 5ක් තැබීමට සමත්වූහ. ඉන් 4 ක්ම සත්කාරකයන් විසින් ගෝල බවට ප්‍රවර්ථනය කරගනිද්දී නැවියන්ට ලබාගත හැකිවූයේ ගෝලයක් සහ දඬුවම් පහර 4ක් පමණි.
තරගය ආරම්භවී දෙවැනි මිනිත්තුවේදි තිළිණ වීරසිංහගේ දඬුවම් පහරකින් ලකුණු 3-0 කින් පෙරමුණ ගැනීමට නැවියන් සමත්වූවත් 8 වැනි මිනිත්තුවේදී ෆාසිල් මරිජා තැබූ විශිෂ්ට උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ නයිජල් රත්වත්ත මහනුවර පිල ලකුණු 7-3 කින් ඉදිරියට ගෙන ගියේය.
අනතුරුව 15 වැනි මිනිත්තුවේදී මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම උත්සාහක දිනුම්ලාභියා බවට පත්වී සිටින අනුරුද්ධ විල්වර සිය උත්සාහක දිනුම් මල්ල 8 දක්වා ඉහළ දමාගනිද්දී නයිජල් රත්වත්ත එය සාර්ථකව ගෝලයක් බවට ප්‍රවර්ථනය කර සිය කණ්ඩායම ලකුණු 14-3 කින් ඉදිරියට ගෙන ගියේය.
28 වැනි මිනිත්තුවේදී කදිම රෝලිං මෝල් අවස්ථාවකින් ඵල නෙලා ගත් අලි මොහොමඞ් මහනුවර පිලේ 3 වැනි උත්සාහක දිනුම තැබිමට සමත්වූ අතර නයිජල් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු 21-3 කින් නැවියන් බිමට ඇද දැමිමට මහනුවර පිල සමත්විය.
එහෙත් සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ නැවියෝ තරගයේ 33 වැනි මිනිත්තුවේදී අබ්සාල් මොහොමඞ් තැබූ පෙරළිකාර උත්සාහක දිනුමක් තිළිණ වීරසිංහ විසින් ගෝලයක් බවට ප්‍රවර්ථනය කරනු ලැබීමෙන් පළමු භාගය නිමාවීමට පෙර සිය ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ දමාගැනීමට සමත් වූහ. පළමු භාගයේ අවසන් මිනිත්තුවේදී නැවියන්ට ලැබුණු තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත් තිළිණ වීරසිංහ සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 13 දක්වා ඉහළට ඔසවා තැබුවේය.
දෙවැනි භාගයේ ආරම්භයේදී තවත් දඬුවම් පහරක් තිළිණ වීරසිංහ සාර්ථකව එල්ල කිරීමෙන් ලකුණු පරතරය 21-16 දක්වා අඩු කරගැනීමට සමත්වූ නැවියන් 55 වැනි මිනිත්තුවේදී තවත් දඬුවම් පහරක් තිළිණ සාර්ථක කිරීමෙන් ලකුණු සංඛ්‍යාව 19 දක්වා ඉහළ දමමින් මහනුවර පිලට අභියෝග කිරීමට සමත්විය.
එහෙත් ඉන් පසුව ප්‍රතිවාදීන්ට නැවත හිස එසැවීමට ඉඩක් නොතැබූ මහනුවර පිල තරගය නිමාවනතුරු බුරුලක් නොදී තරගයේ පාලනය සියතට ගත්තේය.
59 වැනි මිනිත්තුවේදී නැවියන් අන්දමන්ද කරමින් උත්සාහක දිනුමක් තැබීමට නයිජල් රත්වත්ත සමත්වූවත් තරග තීරක ප්‍රියන්ත ගුණරත්න එය රූපවාහිනි තරග විනිසුරු ටෝනි අමිත් මහතා වෙත යොමු කරනු ලැබුවේ නයිජල් පන්දුව ඩැහැගැනීමට පෙර එය නොක් ඔන් පන්දුවක් දැයි තහවුරු කරගැනීමටය. රූපවාහිනි තරග තීරකවරයා එය සනාථ කිරීමෙන් එම උත්සාහක දිනුම අජීවි පන්දුවකින් ලැබූ එකක් ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබිණ.
එහෙත් 63 වැනි මිනිත්තුවේදී නායක ගයාන් වීරරත්න යොමු කළ පන්දුව සුරැකිව ඩැහගත් රිචඞ් ධර්මපාල තැබූ උත්සාහක දිනුමෙන් ලකුණු 26-19 කින් ඉදිරියට ගිය මහනුවර පිල 75 වැනි මිනිත්තුවේදී තිළිණ විජේසිංහ තැබූ ආකර්ශනීය උත්සාහක දිනුමකින් ජය තහවුරු කරගත්තේය. නයිජල් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කරනු ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.