Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නත්තල් නිවාඩුවට විරාමයක් ගැනීමට පෙර අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අපරාජිතව පෙරමුණේ රැඳී සිටීමේ බලාපොරොත්තු සහගත මහනුවර ක්‍රීඩා සමාජය අද (16) හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමග හැව්ලොක්ස් පිටියේදී තරගයට එක්වෙයි. මෙතෙක් පැවැති තරග 6 ම ජයගෙන ප්‍රසාද ලකුණු 35 ක් සමග පෙරමුණේ රැඳී සිටින මහනුවර ක්‍රීඩකයෝ පළමු වටයේ අවසන් තරගයත් ජයග්‍රහණයකින් නිමාකර මෙවර නත්තල සැමරීමට බලා සිටිති.
පසුගිය වසරේ ලීග් ශූරයන් වන මහනුවර පිලට මෙවරත් කිරුළ අත්කරදීමේ එකම අපේක්ෂාවෙන් ක්‍රීඩා කරන සියලු දෙනාම අද තරගයට එක්වීමට නියමිතය. ඒ අතරින් කැපී පෙනෙන ක්‍රීඩක යුගලය බවට පත්වී සිටින්නේ තරගාවලියේ මෙතෙක් වැඩිම උත්සාහක දිනුම්ලාභියා වන අනුරුද්ධ විල්වර සහ දෙවැනි තැන පසුවන ධනුෂ්ක රන්ජන්ය.
අනුරුද්ධ විල්වර තරගාවලිය පුරා උත්සාහක දිනුම් 7 ක් තැබීමට සමත්වූ අතර ධනුෂ්ක රන්ජන් තැබූ උත්සාහක දිනුම් සංඛ්‍යාව 6 කි. එම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයත් අත්කර ගෙන ඇත්තේ මහනුවර පිලේ ආරක්ෂක ක්‍රීඩක මෙන්ම උත්සාහක දිනුම් ගෝල බවට ප්‍රවර්ථනය කරන තිළිණ විජේසිංහය.
විජේසිංහ මෙතෙක් තබා ඇති උත්සාහක දිනුම් සංඛ්‍යාව 5කි. ඊට අමතරව තරගාවලිය පුරා මෙතෙක් උත්සාහක දිනුම් කන්දරාවක්ම ගෝල බවට පත් කරමින් සමස්ත ලකුණු ලාභීන් අතර දෙවැනි තැන පසුවන්නේ ලකුණු 60 කට හිමිකම් කියමිනි. ලකුණු 68ක්ම රැස් කළ නාවික හමුදා පිලේ තිළිණ විරසිංහ සමස්ත ලකුණු ලාභින් අතර පෙරමුණේ පසුවෙයි.
මහනුවර පිලේ අපරාජිතභාවයට අභියෝග කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවන හැව්ලොක්ස් පිල ලකුණු 29ක් ලබා සිටින්නේ එක් තරගයක් පමණක් පරාජයට පත්වෙමිනි. එසේ වුවත් හෙට තරගයේදී සෙංකඩගල ක්‍රීඩකයන්ගේ අභිමානය බිඳ දමා තරගය ජයගැනීමට හැව්ලොක්ස් පිල කුරුමානම් අල්ලමින් සිටී.
කෙවින් ඩික්සන්, ප්‍රසාද් මධුසංඛ, රීසා මුබාරක් වැනි සිය කණ්ඩායමේ ජයග්‍රහණ්‍යට විශිෂ්ට දායකත්වයක් සැපයූ ක්‍රීඩකයන්ගෙන් සමන්විත හැව්ලොක්ස් පිල හෙට තරගයේදී පෙරළිකාර ක්‍රීඩා රටාවක නිරතවනු ඇතැයි විචාරකයෝ කියති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.