Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති

මහනුවර ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අධිෂ්ඨානශීලීත්වයත්, සටන්කාමීත්වයත් එකට කැටි කළ මහනුවර ක්‍රීඩකයෝ අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයේදී හැව්ලොක්ස් පිලට එරෙහිව ලකුණු 20-9 කින් ජයගෙන සිය අපරාජිතභාවය රැකගැනීමට සමත්වූහ. පළමු භාගය  නිමාවනතුරුමහුස්මක් කටක් ගැනීමට ඉඩ නොදී ඉදිරියෙන් සිටි සත්කාරක හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව මෙම තරගය කොළඹදී පැවැත්විණ.
 
පසුගිය වසරේ ලීග් ශූරයන් වන මහනුවර කණ්ඩායම සිය බලකොටුවේදී පරාජයට ලක් කරමින් ඔවුන්ගේ අපරාජිත වාර්තාව බිඳ දැමීමට කුරුමානම් අල්ලමින් සිටි හැව්ලොක්ස් ක්‍රීඩකයෝ තරගයේ පළමු භාගය නිමාවෙද්දී දඬුවම් පහර 2ක් සමග ලකුණු 6-3 කින් පෙරමුණ ගැනීමට සමත්වූයේ ප්‍රතිවාදීන් එහෙම පිටින්ම ඇද බැඳ තබාගනිමිනි.

එහෙත් දෙවැනි භාගයේදී සිය පරිණතභාවය කදිමට විදහා දැක්වූ සෙංකඩගල ක්‍රීඩකයෝ තරගය ජයගත්තේ ගෝලයක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් සමගිනි. හැව්ලොක්ස් පිල දෙවැනි භාගයේ ලැබූ දඬුවම් පහරත් සමග සමස්ත තරගයේදී ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව සීමා වූයේ දඬුවම් පහර 3කට පමණි.

දෙවැනි භාගය ආරම්භ වී පළමු මිනිත්තු පහ ගෙවෙද්දී කරට කර සටනක නිරතවූ හැව්ලොක්ස් පිලේ ක්‍රීඩකයන් අභිබවා මහනුවර පිලට පළමු උත්සාහක දිනුම ගෙනදීමට යාකුබ් අලී සමත්විය. නයිජල් රත්වත්ත එය ගෝලයක් බවට ප්‍රවර්තනය කර සිය කණ්ඩායම ලකුණු 10-6 කින් ඉදිරියට ගෙන ගියේය. අනතුරුව 53 වැනි මිනිත්තුවේදී නයිජල් රත්වත්ත තැබූ අනගි උත්සාහක දිනුමකින් අස්වැසිල්ලක් ලබාගත් මහනුවර පිල ලකුණු 15-6 කින් ඉදිරියට ගියේය.

ඊට මොහොතකට පසුව රීසා මුබාරක් දඬුවම් පහරක් සාර්ථක කරමින් හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 9 දක්වා ඉහළ දැමුවත් අවසන් මොහොතේදී රිචඩ් ධර්මපාල තැබූ විශිෂ්ට උත්සාහක දිනුමෙන් මහනුවර පිලේ ජයග්‍රහණය තහවුරු විය.

ඡායාරූප - වරුණ කරුණාසේකර


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ අපරාජිත බව රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.