Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ක්‍රීඩා සමාජයේ අපරාජිත බව අවසන් සති තුනේදීත් රැකගත හැකිදැයි පරික්ෂා කිරීමේ අභිලාෂයෙන් සිටින නාවික හමුදාව ඒ සඳහා මහනුවර ක්‍රීඩා සමාජය හෙට (27) වැලිසරට ගෙන්වයි. අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදා පිලට එරෙහිව දෙවැනි වටයේ තරගය සඳහා මහනුවර පිල වැලිසරට පැමිණෙන්නේ අපරාජිතව කුසලානය හඹා යන එකම කණ්ඩායම වීමේ අභිමානයත් තුරුලු කරගෙනය.
නැවියන්ට දෙවැනි තැන ලැබුණේ පසුගිය සතිය වනතුරුම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන රැකගෙන සිටි හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අනපේක්ෂිත අයුරින් පොලිස් ක්‍රීඩා සමාජය සමග පැවැති තරගයේ ලකුණු සමවීම නිසාය.
ඒ අනුව ජයග්‍රාහකයන් තේරීමට තවත් සති අන්ත 3ක් පමණක් ඉතිරිව ඇති මේ තරගාවලියේ අනුශූරතාව අත්පත් කරගැනීමේ සටනට දැන් නැවියෝද ප්‍රවිශ්ඨ වී සිටිති.
මෙතෙක් පැවැති තරග 11 ම ජයගත් මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 64 ක් ලබා පෙරමුණේ පසුවන අතර නැවියන් තරග 8ක් ජයගෙන දෙවැනි තැන සිටින්නේ ලකුණු 46 ක් රැස් කරමිනි.
උත්සාහක දිනුම් තැබීම අතින් ඉහළින්ම සිටින මහනුවර පිලට මෙවර තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම්ලාභියෝ කිහිපදෙනක්ම ඇතුළත්ව සිටිති. අනුරුද්ධ විල්වර උත්සාහක දිනුම් 10ක් තබමින් පෙරමුණේ සිටිද්දී ධනුෂ්ක රන්ජන් තැබූ උත්සාහක දිනුම් සංඛ්‍යාව 9කි.
ඒ අතර නාවික හමුදා පිලේ තිළිණ වීරසිංහත් උත්සාහක දිනුම් 9ක් තබමින් ඒ ගොඩටම වැටී සිටින බැවින් හෙට තරගයේදී දෙපිලම කරට කර සටන් වදිනු නිසැකය.
මහනුවර - නාවික තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අනුමාන කළත් මේ සතියේ තරගවලදී වැඩිම අවධානය දිනාගන්නා තරගය බවට පත්වී ඇත්තේ හැව්ලොක්ස් පිටියේ පැවැත්වෙන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර තරගයයි. පසුගිය සතියේ දී පොලිසිය සමග පැවැති තරගයේ ලකුණු සමවීමෙන් මෙතෙක් රැකගත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන අහිමිවූ හැව්ලොක්ස් පිල පසුවන්නේ දණ්ඩෙන් පහර කෑ නාගයකු සේ කෝපාවිශිෂ්ටවය.
යළි සිටි තැන අත්පත් කරගැනීමට කුරුමානම් අල්ලන හැව්ලොක්ස් පිල හමුවේ සී.ආර්.පිලට ඇත්තේද දැඩි අභියෝගයකි.
දිගින් දිගටම පරාජයේ අමිහිරි වේදනාව විඳදරාගනිමින් සිටින සී.ආර්.පිල පසුවන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැනය. එසේ වුවත් අනාවැකි පළ කළ නොහැකි සී.ආර්. පිල හමුවේ හැව්ලොක්ස් පිලේ ඇතිවීම හෝ නැතිවීම තීරණය කෙරෙනු ඇත.
හැව්ලොක්ස් පිලේ ඉවසීම පසුගිය සතියේදී කදිමට පරික්ෂා කළ පොලිස් කණ්ඩායම ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමග පොලිස් පිටියේදී තරග වදියි. මෙතෙක් කිසිදු ජයග්‍රහණයකට හිමිකම් කීමට තරම් වාසනාවන්ත නොවූ පොලිස් පිල පසුවන්නේ ලකුණු 10ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ අවසන් තැනය. තරග 11න් 9 ක්ම පරාජය වූ පොලිස් පිල තරග 2 ක් ජයපරාජයෙන් තොරව නිමා කරගැනීමට සමත්විය.
ඊට ඉහළින් පසුවන තරග 2ක් ජයගත් ගුවන් හමුදා පිල ප්‍රසාද ලකුණු 13ක් ලබා සිටී. පොලිස් පිල තරගයට එක්වන්නේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරිමේ අරමුණ ඇතිවය.
පෙරළිකාර සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ යුද හමුදා කණ්ඩායම අතර තරගය අනිද්දා (28) හැව්ලොක්ස් පිටියේදී පැවැත්වෙයි. ප්‍රසාද ලකුණු 33 ක් ලබා ලකුණු සටහනේ සිවුවැනි තැන දක්වා ඉහළට පැමිණ සිටින සී.එච්.පිල තරගයට පිවිසෙන්නේ යුද හමුදා පිල මෙල්ල කරමින් තවත් ස්ථානයක් ඉහළට යාමේ බලාපොරොත්තුවෙනි.
සී. එච්. ක්‍රීඩකයන්ගේ අදිටන වී ඇත්තේ තරගාවලිය නිමාවීමට ඉතිරිව ඇති සති 3 දී අනුශූරතාව කරා ළඟා වීම ඉක්මන් කිරීමයි. එය තීරණය කෙරෙන්නේ මේ තරගයෙන් ඔවුන් ලබන ජයග්‍රහණය මත පමණක් නොවන බව නම් ඉඳුරාම කිව හැකිය. මහනුවර - නාවික තරගයේත්, හැව්ලොක්ස් - සී.ආර්. තරගයේත් ප්‍රතිඵල මත සී.එච්.පිලේ ස්ථානය තීන්දු වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.