Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අන්තර් සමාජ රග්බි ලීගයේ මූලික වටයේ අවසන් (9 වැනි) සතිය යටතේ පැවැත්වෙන අතිශය තීර්ණාත්මක තරගය මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී ඉරිදා (9 වැනිදා) පස්වරු 3.45 සිට පැවැත්වෙනු ඇත.
මහනුවර කණ්ඩායම මේ වන විට ලකුණු 41 ක් ලබා අපරාජිතව ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර සී.ආර්. කණ්ඩායම ලකුණු 37 ක් ලබා එහි තෙවැනි ස්ථානයේ පසුවේ. එබැවින් මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් කුසලාන වටයට පිවිසෙනු ඇත.
මහනුවර කණ්ඩායමට ලකුණු සටහනේ පෙරමුණ ගැනීම සඳහා මෙම තරගය ජයගැනීම පමණක් ප්‍රමාණවත් වනු ඇත. එහෙත් සී.ආර්. කණ්ඩායමට ලකුණු සටහනේ පෙරමුණට පැමිණීම සඳහා ප්‍රසාද ලකුණක් සමග තරගය ජයගැනීමට හෝ මහනුවර කණ්ඩායමට ප්‍රසාද ලකුණක් ලබා නොදෙමින් තරගය ජයගැනීමට සිදුවනු ඇත.
ඊට හේතුව සී.ආර්. කණ්ඩායම ප්‍රසාද ලකුණක් නොමැතිව තරගය ජයගත හොත් ජයග්‍රහණය සඳහා හිමිවන ලකුණු 5 සමග ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 42 ක් දක්වා ඉහළ යෑමත්, ප්‍රසාද ලකුණ සමග පරාජයට පත් වුවහොත් මහනුවර කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවද 42 ක් බවට පත් වීමත්ය.
එලෙස ලකුණු සම වන අවස්ථාවකදී එම කණ්ඩායම් දෙක තරගාවලිය තුළ ලබාගත් ලකුණු සහ ප්‍රතිවාදී කණ්ඩායම් වලට ලබාදුන් ලකුණුවල පරතරය අනුව ලකුණු සටහනේ ඔවුන්ට හිමිවන ස්ථාන තීරණය වනු ඇත. මේ වන විට මහනුවර කණ්ඩායමේ ලකුණු පරතරය 241 ක් ලෙසත්, සී.ආර්. කණ්ඩායමේ ලකුණු පරතරය 106 ක් ලෙසත් සටහන් වේ.
හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 42 ක් ලබා මේ වන විට ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටින අතර අවසන් සතියේදී ඔවුන්ට විවේකයක් ලැබී තිබේ. එබැවින් මහනුවර - සී.ආර්. තරගය කුමන කණ්ඩායම ජයගත්තද, හැව්ලොක්ස් කණ්ඩායමට ලකුණු සටහනේ පෙරමුණ අහිමිවනු ඇත. හැව්ලොක්ස් කණ්ඩායමේ ලැබූ ලකුණු සහ ලබාදුන් ලකුණුවල ලකුණු පරතරය 85 කි.
අවසන් සතියේ තවත් තීර්ණාත්මක තරගයක් යුද හමුදාව (ලකුණු 18) සහ ගුවන් හමුදාව (ලකුණු 23) අතර සෙනසුරාදා (8 වැනිදා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. එම තරගයෙන් ගුවන් හමුදාව ඉන් ජය ලැබුහොත් ඔවුන් මහනුවර, සී.ආර්. සහ හැව්ලොක්ස් කණ්ඩායම් සමග තරගාවලියේ කුසලාන වටයට සුදුසුකම් ලබනු ඇත.
එහෙත් යුද හමුදාව තරගාවලියේ කුසලාන වටයට සුදුසුකම් ලැබීම සඳහා එම තරගය ප්‍රසාද ලකුණක් සමග ජයගත යුතු වන අතර එහිදී ගුවන් හමුදාවට ප්‍රසාද ලකුණක් ලබා නොදීමටද ඔවුන් වග බලාගත යුතුය. මේ වන විට ගුවන් හමුදාවේ ලකුණු පරතරය ‘-25’ ක් ලෙසත්, යුද හමුදාවේ ලකුණු පරතරය ‘-59’ ක් ලෙසත් පැවතීම ඊට හේතුව ලෙස සඳහන් කළ හැකිය.
අවසන් සතියේ තවත් තරග 2 ක් සෙනසුරාදා (8 වැනිදා) සහ ඉරිදා (9 වැනිදා) පැවැත්වෙන අතර එහිදී පිළිවෙලින් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව නාවික හමුදාවද, පොලිසියට එරෙහිව ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයද තරග වදිනු ඇත. එම තරග දෙක පිළිවෙලින් කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී සහ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
නමවැනි සතියේ තරග කාලසටහන
■ පෙබ. 8 වැනිදා - යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පස්වරු 3.45 සිට
■ පෙබ. 8 වැනිදා - සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී - පස්වරු 3.45 සිට
■ පෙබ. 9 වැනිදා - සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පස්වරු 3.45 සිට
■ පෙබ. 9 වැනිදා - පොලිසිය සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.45 සිට
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.