Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි පිටියේ බිහිවූ විශිෂ්ටතම ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා බවට අවිවාදිත ෆාසිල් මරිජාට ජයග්‍රාහී සමුදීමක් පිරිනැමීමට බලා සිටින මහනුවර ක්‍රීඩා සමාජය අද (21) පස්වරු 4.00ට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ක්ලිෆර්ඞ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයට එක්වෙයි. අද තරගය ජයගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය අසමත්වුවහොත් පමණක් එය මරිජාගේ අවසන් තරගය බවට පත්වනු ඇත.
කෙසේ වෙතත් මේ දක්වා මහනුවර පිල දැක්වූ දස්කම් අනුව මරීජාගේ ගමන ක්ලිෆර්ඞ් කුසලාන අවසන් මහ තරගය දක්වා දිග්ගැස්සෙන බවට නම් සැකයක් නැත. පසුගියදා නිමාවට පත්වූ අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි කුසලානය අපරාජිතව දිනාගත් මහනුවර ක්‍රීඩා සමාජය අද තරගයත් ජයග්‍රහණයෙන් නිමා කර අවසන් මහා තරගයට එක් වනු ඇතැයි කවුරුත් කියති.
අර්ධ අවසන් පූර්ව වටයේ සිට ආරම්භ වූ ක්ලිෆර්ඞ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ දී මහනුවර පිල ලකුණු 53-14 කින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර සී.ආර්.පිල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ සී.එච්. පිලට එරෙහිව ලකුණු 46-29 ක ජයක් වාර්තා කරමිනි.
වසර 2015 සිට පිට පිට සිවුවැනි වතාවටත් ක්ලිෆර්ඞ් කුසලානය ඩැහැගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය බලා සිටින අතර ඔවුන් මෙවර දිනන්නට සූදානම් වන්නේ ඔවුන්ගේ 23 වැනි ක්ලිෆර්ඞ් කුසලානයයි. ඒ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා හෙට තරගයේදී මහනුවර පිල ඔවුන්ගේ හොඳම තුරුම්පු ටික පිටියට බස්සන බව අමුතුවෙන් කිව යුතු ද නැත.
නායක ගයාන් වීරරත්න, ෆාසිල් මරිජා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ජේසන් දිසානායක, ශෙහාන් පතිරණ, නයිජල් රත්වත්ත, ධනුෂ්ක රන්ජන්, රිචඞ් ධර්මපාල වැනි ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයන් මෙන්ම ෆුල් බෑක් ක්‍රීඩක තිළිණ විජේසිංහත් කණ්ඩායමේ ජයග්‍රහණ වෙනුවෙන් උරදුන් කැපී පෙනෙන ක්‍රීඩකයෙකි.
වසර 2006 න් පසුව මේ දක්වා ක්ලිෆර්ඞ් කුසලානය දිනා නොමැති සී.ආර්.කණ්ඩායම හෙට තරගයට එක්වන්නේ ලීග් තරගාවලියේදිත් පරාජය කිරීමට නොහැකිවු මහනුවර කණ්ඩායම බිමට ඇද දැමීමේ අරමුණ ඇතිවය. අනාවැකි පළ කළ නොහැකි කණ්ඩායමක් බව කවුරුත් කියන සී.ආර්.පිල කවිඳු පෙරේරා විසින් මෙහෙයවනු ලබන අතර තරින්ද රත්වත්ත, සෂාන් මොහොමඞ්, ඕමල්ක ගුණරත්න, රීසා රෆායිඩීන් වැනි සටන්කාමී ක්‍රීඩකයන්ගෙන් පිරුණු ලෙහෙසියෙන් පසුබසින කණ්ඩායමක් නොවන බව ඉතිහාසය බැලීමේදී පැහැදිලිය.
නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයත් අද පස්වරුවේ පැවත්වීමට නියමිතව ඇත්තේ කොළඹ තුරඟ තරග පිටියේදීය.
හැව්ලොක්ස් පිල බලා සිටින්නේ නාවික හමුදා පිල මෙවර ලීග් තරගාවලියේ තම අත තිබූ අනුශූරතාව උදුරාගත් වාඩුව ගැනීමටය. ඇරත් ක්ලිෆර්ඞ් කුසලාන තරග ඉතිහාසයේ මුල් කාලයේ කීර්තිමත් ජයග්‍රහණ රැසකට හිමිකම් කියන හැව්ලොක්ස් පිලට 1981 න් පසුව කුසලානය අත්පත් කරගැනීමට නොලැබිණ. හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය පසුගිය වසරේදිත් අවසන් මහා තරගයට ක්‍රීඩා කළත් 1981 න් පසුව 7 වැනි වතාවටත් අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
වසර 2014 දී පළමු වතාවට ක්ලිෆර්ඞ් කුසලානය ජයගත් නාවික හමුදා කණ්ඩායම මෙවර ලීග් තරගාවලියේ දෙවැනි වූයේ මහනුවර පිලට පමණි. ඔවුන්ගේ ප්‍රබලතම තුරුම්පුව වූ ෆුල් බෑක් ක්‍රීඩක තිළිණ වීරසිංහ ලීග් තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා ලෙස පමණක් නොව සමස්ත තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙසත් සම්මාන දිනා ගත්තේය. මීට අමතරව හුකර් ක්‍රීඩක දුලාංජන විජේසිංහත්, මොහොමඞ් අබ්සාල්, මූෂින් ෆලීල් සහ හර්ෂණ මධුරංග හෙට තරගයේදිත් හැව්ලොක්ස් පිලේ ඉවසීම පරික්ෂා කිරීමට ඉදිරිපත්වනු ඇත.
ඒ කොහි හැටි වෙතත් රීසා මුබාරක්, නිෂොන් පෙරේරා, හිරන්ත පෙරේරා, චාමර දාබරේ, ෂැරෝ ප්‍රනාන්දු, ප්‍රසාද් මධුසංඛ, දුෂ්මන්ත ප්‍රියදර්ශන වැනි ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත හැව්ලොක්ස් පිලේ එකම අරමුණ වී ඇත්තේ නැවියන් පරදවා අවසන් මහා තරගයට එක්වීමටය. එපමණක් නොව වසර 37 කින් අත නොතැබූ ක්ලිෆර්ඞ් කුසලානය යළි අත්පත් කරගැනීමටය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.