Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආරම්භයේ සිටම කවුරුත් අපේක්ෂා කළ පරිදි තනි අශ්වයකුගේ තරගයක් ගාණට වැටුණු මහනුවර ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ලකුණු 61-20 ක දැවැන්ත ජයක් මහනුවර කණ්ඩායමට අත්විය.
උත්සාහක දිනුම් වර්ෂාවකින්ම පොලිස් කණ්ඩායම තෙමා දැමු වත්මන් ලීග් ශූර මහනුවර පිල තරගය පුරා තැබූ උත්සාහක දිනුම් ගණන 9කි. ඉන් 8ක්ම ගෝල බවට ප්‍රවර්තනය කරගැනීමටත් ඔවුහු සමත් වූහ.
පොලිස් කණ්ඩායම තැබූවේ උත්සාහක දිනුම් දෙකක් සහ දඬුවම් පහර දෙකක් පමණි.
මහනුවර පිලේ ගෝල 8 න් 7 ක්ම ප්‍රවර්තනය කරනු ලැබුවේ තිළිණ විජේසිංහ විසිනි. ඉතිරිය නයිජල් විසින් ප්‍රවර්තනය කරනු ලැබිණ.
මේ තරගයේ ජයග්‍රහණය සහතික බව හොඳින්ම දැන සිටි මහනුවර පිල අවසන් මොහොතේ කණ්ඩායමේ නායක ගයාන් වීරරත්න, සුපිරි ක්‍රීඩක ෆාසිල් මරිජා ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් විවේක ගැන්වූ අතර කණ්ඩායම මෙහෙයවීම පළපුරුදු ක්‍රීඩක රිචඞ් ධර්මපාලට පැවැරිණි.
සංදේශ් ජයවික්‍රම දඬුවම් පහරක් සාර්ථක කරගැනීම නිසා ආරම්භයේදී ලකුණු 3-0 කින් ඉදිරියට යාමට පොලිස් පිල සමත්වූවත් ඉන් පසුව පන්දුව ඔවුන්ට ලැබුණේම නැත.
මුලින්ම නයිජල් රත්වත්ත තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ තිළිණ විජේසිංහ මහනුවර පිල ලකුණු 7-3 කින් පෙරමුණට තැබුවේය. අනතුරුව පළමු භාගය නිමාවනතුරු උචිත ජයසූරිය එක් උත්සාහක දිනුමකින්ද, අනුරුද්ධ විල්වර උත්සාහක දිනුම් දෙකකින්ද මහනුවර පිල ඉහළට ඔසවා තැබීමට සමත් වූහ.
සියල්ල ප්‍රවර්තනය කළ තිළිණ විජේසිංහ මහනුවර පිල ලකුණු 28-03 කින් ඉහළ දමද්දී පළමුභාගය නිමාවන මොහොතේ ලද දඬුවම් පහරක් සාර්ථක කළ සංදේශ් ජයවික්‍රම පොලිස් පිලේ ලකුණු ප්‍රමාණය 6 දක්වා ඉහළ දැමුවේය.
දෙවැනි භාගය ආරම්භයේදී අගනා උත්සාහක දිනුමක් තැබූ නයිජල් රත්වත්ත තමන්ම එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 35 දක්වා ඉහළ දැමුවේය.
කෙසේ වෙතත් මහනුවර පිල ඕනෑවට වඩා ප්‍රතිවාදීන් සමග ලෙල්ලම් කරන්නට යාම නිසා ඊට මොහොතකට පසුව පොලිස් පිලට දඬුවම් ගෝලයක් පිරිනැමීමට තරග තීරකවරයා කටයුතු කිරීම කැපී පෙනුණි. මේ වරප්‍රසාදයෙන් සිය ලකුණු සංඛ්‍යාව 13දක්වා ඉහළ දමාගැනීමට පොලිස් කණ්ඩායමට හැකිවිය.
මොහොතකට පසුව ධනුෂ්ක රන්ජන් තවත් උත්සාහක දිනුමක් තබමින් මහනුවර පිල ලකුණු 40-13 කින් ඉදිරියට ගෙන යද්දී රිචඞ් ධර්මපාල මීටර් 60 ක් පමණ ඉදිරියට දිව ගොස් තවත් උත්සාහක දිනුමක් තැබුවේය.
තරගයේ පරාජය නියත බව දැන සිටියත් මහනුවර පිල හමුවේ තරමක ජවසම්පන්න ක්‍රීඩා විලාසයක් පෙන්වූ පොලිස් කණ්ඩායමට උදාර සූරියප්පෙරුම උත්සාහක දිනුමක් ගෙනදීමට සමත්විය. එය ගෝලයක් බවට සංදේශ් ජයවික්‍රම ප්‍රවර්තනය කිරීමෙන් සිය ලකුණු සංඛ්‍යාව 20 දක්වා ඉහළ දමාගැනීමට පොලිස් පිලට හැකිවිය.
අවසන් මිනිත්තු කිහිපය එළැඹෙද්දී ලකුණු 47-20 කින් පෙරමුණ ගෙන සිටි මහනුවර පිල රිචඞ් ධර්මපාලගේ දෙවැනි උත්සාහක දිනුමත් දනූෂ දයාන්ගේ උත්සාහක දිනුමත් දෙකම තිළිණ විජේසිංහගේ ප්‍රවර්තනයෙන් ගෝල බවට පත්කර ගත්තේය.
තරගාවලියේ මෙතෙක් එකම අපරාජිත කණ්ඩායම බවට පත්වී සිටින මහනුවර පිල මේ ජයග්‍රහණයත් සමග පිට පිට තරග 8ක් ජයගැනීමට සමත්වි සිටි.
077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.