Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තිලකරත්න ඩිල්ෂාන්ගේ අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අපි‍්‍රකානුවන්ගේ ලකුණු 163 පන්දු 11 ක් ඉතිරිව තිබියදී පසුකර ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී අද (06 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසාන වි:20 තරගයේදීත් කඩුලූ 6 ක විශිෂ්ට ජයක් ලබාගත්තේය.
ඕවර 18.1 කදී කඩුලූ 4 කට ලකුණු 164 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම වි:20 තරගාවලිය 1-2 ක් ලෙසින් පරාජය වූ නමුත් වි:20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය තවදුරටත් රැකගත්තේය.
ශී‍්‍ර ලංකා පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගිය තිලකරත්න ඩිල්ෂාන් පන්දු 51 කදී නොදැවී ලකුණු 74 ක් ලබාගත්තේ අත්‍යංලකාර හයේ පහර දෙකකින් සහ හතරේ පහර 9 කින් තම ඉනිම සරසමිනි.
ඉනිමේ අවසන් ඕවර දෙකින් ජයග‍්‍රහණය සඳහා ලකුණු 6 ක් අවශ්‍යව තිබියදී පිට ඉන්නට එපිටින් වැටුණු මෝනි මෝකල්ගේ පන්දුවක් ස්ක්වෙයාර් ලෙග් කලාපයෙන් සීමාවෙන් ඉවතට යැවූ ඩිල්ෂාන් තම පිලේ ජයග‍්‍රහණය තහවුරු කළේය.
ලකුණු 164 ක අසීරු ඉලක්කයක් කරා ගිය ශී‍්‍ර ලංකා පිලට විශිෂ්ට ආරම්භයක් දුන් මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ඕවර 6 කදී එක්කළ ලකුණු 67 නිසා ඕවර 10 ක් නිමා වන විට ශී‍්‍ර ලංකා පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 90 ක් ලබා සිටියේය.
එතැන් සිට අවසන් ඕවර 10 දී ශී‍්‍ර ලංකා පිල ලබාගත යුතුව තිබුණේ ලකුණු 74 ක් පමණි. දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් හමුවේ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා තරමක අසීරුතාවකට මුහුණ දුන් නමුත් මැතිව්ස් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි තිසර පෙරේරා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ගමන් මග ඉදිරියේ තිබූ බාධක ඉවත් කර දැමුවේ පන්දු 11 කදී ලකුණු 25 ක් ලබාගනිමිනි.
17 වැනි ඕවරය යැවූ වේන් පානෙල්ගෙන් එම ඕවරයේදී ලකුණු 21 ක් උදුරාගත් පෙරේරාගේ ඉනිම දැවැන්ත හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.
මනස්කාන්ත පිතිහරඹයක නිරත වූ මහේල ජයවර්ධන පන්දු 16 කදී හතරේ පහර 7 ක් සහිතව ලකුණු 33 ක් ලබාගත් ඩිල්ෂාන් සමග එක්ව පැවැත්වූ ලකුණු 67 ක සම්බන්ධතාව වෙනුවෙන් දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 36 කට පමණි.
අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වූ ෆෆ් ඩු ප්ලෙසි ලබාගත් ලකුණු 85 නිසා නියමිත ඕවර 20 අවසානයේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 163 ක් ලබාගැනීමට දකුණු අපි‍්‍රකානු පිල සමත් විය.
ලකුණු 15 ක් ලබා සිටියදී තිසර පෙරේරා විසින් යවන ලද පළමු පන්දුවම යටි උදරයේ වැදීම නිසා බලවත් සේ අපහසුතාවට පත්වූ නමුත් ප‍්‍රථමාධාර ලබා නැවතත් පිතිහරඹයට වන් ඩු ප්ලෙසී, පන්දු 65 කින් ලකුණු 85 ක් උදුරා ගත්තේ දැවැන්ත හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.
ඩු ප්ලෙසීට අනගි සහයක් දුන් ජේ. පී. ඩුමිනි, පන්දු 34 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 51 ක් ලබාගත් අතර ඉනිමේ අවසන් ඕවරයේදී ඩු ප්ලෙසී දැවී යන විට දෙදෙනා අතර 3 වැනි කඩුල්ල වෙනුවෙන් වූ සම්බන්ධතාව ලකුණු 112 ක් විය. ඒ සඳහා ඔවුන් දෙදෙනා වැයකළේ පන්දු 73 ක් පමණි.
ශී‍්‍ර ලංකා පිලේ පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමත් ඇදහිය නොහැකි තරමට දුර්වල වී තිබිණ. ඉනිමේ 10 වැනි ඕවරය නිමා වීමටත් මත්තෙන් ශී‍්‍ර ලංක පන්දු යවන්නන් හත් දෙනකුගේ සේවය ලබාගත් නමුත් දකුණු අපි‍්‍රකානු ලකුණු ප‍්‍රවාහය නැවැත්විය නොහැකි විය.
ලකුණු පුවරුව
දකුණු අප‍්‍රිකාව
හෙන්රි ඩිවිඞ් - ක.මු.කළා ප.කුලසේකර 0
කුයින්ටන් ද කොක් - ක.මු.කළා ප.මෙන්ඩිස් 16
ෆෆ් ඩු ප්ලේසී - ප.ලක්මාල් 85
ජේ. පී. ඩුමිනි - නොදැවී 51
ඒ. බී. ඞීවිලියර්ස් - නොදැවී 1
අතිරේක 10
එකතුව ඕවර 20 කදී කඩුලූ 3 ක් දැවී 163
කඩුලු වැටීම :
1-0 (ඩිවිඞ්), 2-45 (ද කොක්), 3-157 (ඩු ප්ලේසී)
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :
ඩෙවිඞ් මිලර්, ෙඩිවිඞ් වීස, ෙවින් පානෙල්, ලොන්වාබෝ සොත්සෝබි, මෝනි මෝකල්, ඉම්රාන් තහීර්
පන්දු යැවීම :
නුවන් කුලසේකර : 4-0-37-1, සුරංග ලක්මාල් : 4-0-29-1, සචිත‍්‍ර සේනානායක : 4-0-20-0, තිසර පෙරේරා : 1-0-10-0, අජන්ත මෙන්ඩිස් : 4-0-31-1, ඇන්ජලෝ මැතිව්ස් : 1-0-14-0, තිලකරත්න ඩිල්ශාන් : 2-0-21-0
ශ‍්‍රී ලංකාව
තිලකරත්න ඩිල්ශාන් - නොදැවී 74
මහේල ජයවර්ධන - ඇ.ඞීවිලියර්ස් ප.පානෙල් 33
කුසල් ජනිත් - ඇ.පානෙල් ප.වීස 1
දිනේෂ් චන්දිමාල් - ස්ට. ද කොක් ප.තහීර් 14
ඇන්ජලෝ මැතිව්ස් - ප.වීස 14
තිසර පෙරේරා - නොදැවී 25
අතිරේක 3
එකතුව ඕවර 18.1 කදී කඩුලූ 4ක් දැවී 164
කඩුලු වැටීම :
1-67 (ජයවර්ධන), 2-71 (ජනිත්), 3-100 (චන්දිමාල්), 4-123 (මැතිව්ස්*)
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :
අජන්ත මෙන්ඩිස්, සචිත‍්‍ර සේනානායක, ළහිරු තිරිමාන්න, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්
පන්දු යැවීම :
ලොන්වාබෝ සොත්සෝබි : 4-0-49-0, මෝනි මෝකල් : 3.1-0-33-0, ෙවින් පානෙල් : 3-0-37-1, ඉම්රාන් තහීර් : 4-0-20-1, ෙඩිවිඞ් වීස : 4-0-24-2
(දමින්ද විජේසූරිය සූරියවැව කී‍්‍රඩාංගණයේ සිට)
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.