Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහේල - සංගා - මාලිංගලාගේ අමිල වටිනාකම
පිට්ටනියෙන් එහා II

මහේල - සංගා - මාලිංගලාගේ අමිල වටිනාකම

editorial - 2024 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(සන්තෝෂ් මෙනන් විසිනි)

ක්‍රිකට් ලෝලීන් වශයෙන් අපි සියලු දෙනාම ඉන්දීය කණ්ඩායම සහ ඔවුන්ගේ දක්‍ෂතා පිළිබඳව දන්නෙමු. ඒත් ඇත්ත ඇති සැටියෙන්ම කියතොත්, ඉන්දීය කණ්ඩායම තවමත් තම තමන්ගේ හැකියාවන් සම්පූර්ණයෙන් වටහාගෙන නොමැත. ඉන්දීය ක්‍රිකට් නිලධාරීන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවටත් නීති රීති දමාගෙන ඇති බව බොහෝ දෙනා සිතන නමුත් ක්‍රීඩා පිටියේදීද ඉන්දියාව සවිමත් බලවේගයක් බව ක්‍රීඩාවට ආදරය කරන සියලුම දෙනාම හොඳින් දනිති. 

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව තුළ දැවැන්ත වටිනාකමක් නිර්මාණය වෙමින් පවතී. ක්‍රීඩකයින් සඳහාත්, ක්‍රිකට් තරග විකාශකයින් සහ ඔවුන්ගේ බලයලත් හිමිකරුවන් වැනි අනෙකුත් පාර්ශවකරුවන් සඳහාත් ඉහළ වටිනාකමක් නිර්මාණය වෙමින් තිබේ. සරළවම කිවහොත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ඉතා හොඳ මට්ටමක පවතින බව පෙනේ. එනම් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන සමඟ සියල්ල හොඳින් ගැලපී තිබෙන බවයි. 

අයි.පී.එල්. තරගාවලිය නිසා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මියැදෙනු ඇතැයි කලකට පෙර තිබූ තදබල විශ්වාසයක් විය. ඒත් ඇත්ත වශයෙන්ම විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාව විසින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පුනර්ජීවනය කර තිබේ. ඉන්දියාව දෙවරක්ම ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට පැමිණීමෙන් සනාථ වන්නේ එයයි. තවත් කෝණයකින් දකින්නේ නම්, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් සන්දර්භය මත ඉන්දීය කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන ආකෘතීන් තුනේදීම අඛණ්ඩව දස්කම් දක්වමින් සිටී.

තත්ත්වය මෙසේ තිබියදී, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කැළඹිලි සහිත කාලයක් පසු කරමින් සිටින බව කීම ද අසාධාරණ නොවේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපේක්‍ෂිත ප්‍රතිඵල නොගෙනෙන බැවින් එය රටේ ජනතාව අතර බරපතළ වේදනාවක් ඇති කිරීමකි. අනෙක් අතට දකුණු ආසියාතිකයන්ගේ ආත්ම අභිමානය බොහෝ දුරට රඳා පවතින්නේ ඔවුන්ගේ ක්‍රිකට් කණ්ඩායම් වල දස්කම් මත බව පැවසීම ද අතිශයෝක්තියක් නොවේ. එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම, මෑතක සිට බොහෝ දෙනකු සතුටු කිරීමට අසමත් වූ කණ්ඩායමකි. 

තවත් පැත්තකින් බලන කල්හි, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, අන්‍යෝන්‍ය වශයෙන් බොහෝ ක්ෂේත්‍ර හරහා සමීප බැඳීම් ඇති, අසල්වාසී රටවල් දෙකකි. වර්තමානයේදී දෙරටම ආර්ථික අවශ්‍යතා අනුව සම්බන්ධවීමට උත්සාහ ගන්නා අතරම දෙරට අතර අතීතයේ සිට පවතින සංස්කෘතික හා ඓතිහාසික බැඳීම් බොහෝ ගැඹුරු මෙන්ම ශක්තිමත් ඒවාය. එබැවින් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ හිස එසවීම ශ්‍රී ලංකා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි සොයා බැලීම කාලෝචිත විමසුමකි. 

ක්‍රිකට් ක්‍රීඩකයකුගේ තනි පුද්ගල දෘෂ්ටිකෝණයකින් බැලුවහොත්, ඉතාම පැහැදිලිව, අයි.පී.එල්. යනු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට කදිම අවස්ථා නිර්මාණය කරන්නකි. ඔව්හු ක්‍රිකට් ක්‍රීඩකයන් වශයෙන් තිබිය යුතු සහජීවනය සම්බන්ධයෙන් අයි.පී.එල්. තරගාවලියේ වටිනාකම හඳුනති. 

උදාහරණයක් වශයෙන් ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිළේ ජයග්‍රහණ සඳහා ඉදිරියෙන්ම සිටි ක්‍රීඩකයෙකි. විශේෂයෙන්ම තරගයක අවසන් ඕවර කිහිපයේදී මාලිංගගේ පන්දු යැවීම මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ ජයග්‍රහණ සඳහා තීරණාත්මක බලපෑමක් කර තිබේ. ඔහුගේ පන්දු යැවීමෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරඟ බොහොමයක් ජයග්‍රහණය කර ඇත. එලෙසින්ම මාලිංග, ඉන්දීය ජාතික කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටින වේග පන්දු යවන්නකු වන ජස්ප්‍රිත් බුම්රාට ද මහත් අභිප්‍රේරණයක් වී ඇත. 

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර වැනි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ‘මුම්බායි ඉන්දියන්ස්’ සහ ‘රාජස්ථාන් රෝයල්ස්’ යන කණ්ඩායම්වල උපායමාර්ගික භූමිකා  සඳහා මිල කළ නොහැකි දායකත්වයක් ලබා දෙති. 

සමස්තයක් වශයෙන් ගත් කල්හි, ඔවුන් (ලසිත් මාලිංග, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර මෙන්ම මුත්තයියා මුරලිදරන්) මෙම කණ්ඩායම් තුළ ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීමට අවකාශය සහ අවස්ථාව සොයා ගනිමින් සිටිති. එලෙසින්ම ඒ සඳහා ඔවුන් නිර්මාණය කරන වටිනාකමට සරිලන මූල්‍ය ප්‍රතිලාභ ද ඔවුන්ට ලැබෙන බවට සැකයක් නැත.

වර්තමාන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ නුවන් තුෂාර වැනි ක්‍රීඩකයන් සියලු දෙනාත් ඔවුනොවුන්ගේ කණ්ඩායම්වල ජයග්‍රහණ සඳහා මිල කළ නොහැකි දායකත්වයක් දක්වා තිබේ. ඔවුන් ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතරම ඔවුන්ගේ ප්‍රේක්ෂක සහ රසික පිරිස් නොපැකිළවම ඔවුන්ට පක්ෂපාතිත්වය දක්වති. ආදරය කරති. එමෙන්ම ඒ වෙනුවෙන් ඔවුන් සැලකිය යුතු මූල්‍ය ප්‍රතිලාභ ලබාගෙන සිටිති. 

එවන් දක්ෂතා පැවතියද, අයි.පී.එල්. තරගාවලිය මගින් මතීෂ පතිරණ සහ නුවන් තුෂාර වැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මතුකර ගත්තද, ජාතික කණ්ඩායමක් වශයෙන් පසුගිය කාලයේදී ශ්‍රී ලංකා පිලට සැලකිය යුතු දෙයක් කළ නොහැකි විය. 

එබැවින් අපි වඩාත් සැලකිලිමත් විය යුත්තේ ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේත් අභිලාෂ නොනැසී පවත්වාගනිමින්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සම්බන්ධතා මගින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත් යහපත් තත්ත්වයක් නිර්මාණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. 
ඒ සාකච්ඡාව තවත් දිනයකට ඉතිරිකර තබමු

- මතු සම්බන්ධයි

- පරිවර්තනය - දමින්ද විජේසූරිය


අදහස් (1)

මහේල - සංගා - මාලිංගලාගේ අමිල වටිනාකම
  • Manjula Monday, 24 June 2024 08:40 PM

    මාලිංග දක්ෂ වුණාට ස්පෝර්ට්ස්මන් කෙනෙක් විදිහට හැදියාවක් නැති කෙනෙක්. මයික් එකක් ඇල්ලුවාම ඒක පේනවා. හෙන ලොකුවට කතා කළාට. සද්දෙට කැලේ හෙලවෙද්දී තේරෙනවා ඇතුළ හිස් කියලා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.