Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් සිටි මහේල ජයවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කීර්තිමත් නායකයකු ද වන මහේල ජයවර්ධන මහතා ‘ වහාම ක්‍රියාත්මක වන පරිදි’ යයි සඳහන් කරමින් අද (26 වැනිදා) සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබේ.
මහේල ජයවර්ධන මහතාට ඉතාමත් සමීප, එමෙන්ම විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත්තේ ඔහුගේ ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන දැඩි කළකිරීම බවයි.
“මම හිතන විදිහයි එතැන (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ) වැඩ කටයුතු සිද්ධ වෙන විදිහයි හරියට අහසයි පොළොවයි වගේ. ඒ වගේ තත්ත්වයකදි මට තවදුරටත් එතන ඉන්න බෑ” යයි මහේල ජයවර්ධන සිය සමීපතමයන් හා පවසා ඇති බවද වාර්තාවේ.
උපදේශක පුහුණුකරුවා වශයෙන් කටයුතු කරමින් සිටි මහේල ජයවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියකු අතර කලක පටන් සීතල යුද්ධයක් පැවතිණ.
“ඔහුගේ ධූර කාලයේදී ජාතික කණ්ඩායමේ ක්‍රියාකාරී ව්‍යූහයට වගේම උසස් දස්කම් මධ්‍යස්ථානයටත් වැදගත් වෙනස්කම් බොහොමයක් හඳුන්වා දෙනු ලැබුවා.. එම කාලයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ඔහුගෙන් ලැබුණු දායකත්වය සඳහා ස්තුති කිරීමට අප මෙය අවස්ථාවක් කරගන්නවා” යයි ද මහේල ජයවර්ධන මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් කියැවේ.
ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට මත්තෙන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට මහේල ජයවර්ධන මහතා උත්සාහ කළ නමුත් ඔහුගේ සමීපතමයින් ඔහුට කියා සිටියේ ලෝක කුසලාන තරගාවලිය අත පොවන දුරින් තිබියදී එවන් තීරණයක් නොගන්නා ලෙසයි. පසුව ඔහු අකමැත්තෙන් නමුත් සිය තනතුරේ රැඳී සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්ව සිටින බැවින් ‘උපදේශක පුහුණුකරු’ තනතුරෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
නිමාවෙමින් පවතින විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ජාතික කණ්ඩායමත් සමග ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සම්බන්ධයෙන් ද කඹ ඇදීමක් පැවැති අතර අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන උපදේශක සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා කණ්ඩායමත් සමගින් ඇමරිකාව බලා පිටත්ව ගියේය.
SL Wednesday, 26 June 2024 11:50 PM
ක්‍රීඩකයින්ගේ කැපවීම , විනය නැතිනම් මොන ක්‍රීඩාවක් වත් කරන්න ලැබෙන්නේ නැහැ 96 වෙනකල් අමාරුවෙන් ගොඩ ඇවිත් ලෝක කුසලානයක් ගන්න කරපු කැපවීමෙන් කාලක්වත් දැන් ඉන්න ක්‍රීඩකයෝ කරන්නේ නැහැ. ඔහොම යමු. 96න් පස්සේ ලැබුණු දායාදය විනාශ කරලාම පස්ස බලමු. පළමුවෙන්ම යවන්න ඕනේ පාලක මණ්ඩලය... නැතිද මන් අහන්නේ...? යන්න කීවාට යන්නේ නැති බහිරව ශම්මි...!
Reply 0 0
වීර Thursday, 27 June 2024 02:09 AM
අඩුම ලකුණු ගන්න උපදෙස් දුන්නු එකා...
Reply 0 0
kotiya Thursday, 27 June 2024 03:55 AM
ෂුවර් එකටම ඇමෙරිකාවේ එක්කන් නොගියාට තමයි ඔය අස්වෙලා තියෙන්නේ. මේ වගේ ඩෑල් එකක් නම් ලංකාවේ දේශපාලනේ වත් නැතුව ඇති...
Reply 0 0
R perea99 Thursday, 27 June 2024 09:15 AM
මේ බිඳවැටීම්වලට හේතුව විනයක් නැති ක්‍රීඩකයින් බිහිවීමයි.
Reply 0 0
Sandun Gunarathne Thursday, 27 June 2024 11:42 AM
එතුමා හිතන විදිහයි, එතැන වැඩ කටයුතු කෙරෙන විදිහයි හරියට අහසයි පොළවයි වගේ කියලා හිතවතුන්ට කියන්න හිතුනේ World Cup එක කටේ තියලාද...? අපිට නම් ඕක තේරුම් ගිහින් අවුරුදු ගාණක් වෙනවා. Salary 60,000$ ඒ වුණාට ගත්තානේ.. Sana ගිය එකටද දන්නේ නෑ අවුල් ගියේ..
Reply 0 0
SL Thursday, 27 June 2024 11:57 AM
ගෙදරක ගෘහ මූලිකයා ගොනෙක්, හොරෙක් නම් ගෙදර ඉවරයි. රටක පාලකයා හොරෙක්, මෝඩයෙක් නම් රට ඉවරයි. ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න පාලකයෝ අත්තනෝමතිකව 96න් පස්සේ ලැබුණු මුදල් එක්ක ආතල් ගන්න හොර, මෝඩ රැලක් නිසා ක්‍රිකට් ඉවරයි. හොඳම දේ..නැවතත්... ස්වේච්වෙඡාවෙන් වැඩ කර, දැඩි සහ හොඳ නායකත්වයක් තිබුණු කරපු 96 කණ්ඩායම වගේ පිරිසකට ක්‍රිකට් පාලක මණ්ඩලය බාර දෙන එක. ශම්මි ඔයා ගෙදර යන්න ...හිරිකිතයි.
Reply 0 0
Msnjula senavirathna Thursday, 27 June 2024 09:45 PM
මහේල ජයවර්ධන මොනතරම් අත්දැකීම් ඇති කෙනෙක් වුනත් වර්තමාන ක්‍රිකට් නංවන්න එයා කළ දෙයක් නැහැ. මාසිකව මිලියන 6 ක වැටුපක් පුහුණු උපදේශක ලෙස ගෙවනවා නම්, ප්‍රධාන පුහුණුකරුවෙක් මොකටද? අනික මහේල නෙමේ මොන ජගතා ආවත්, ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ පිටිය මැද ඉන්න 11 දෙනා. ඒ අයගේ ආකල්ප, කැපවීම විනය නැතුව කවදාවත් අපේ රටේ ක්‍රිකට් හදන්න බැහැ. අනික මෙන්ඩිස් වගේ බින්දුසාර කෙනෙකුට දිගින් දිගටම අවස්ථාව නොදී කණ්ඩායමට එන්න ඉන්න අලුත් අයට අවස්ථාව දෙන්න ඕනෑ. එහෙම නොදුන්නු එකේ පල විපාක තමයි ලෝක කුසලානයේදී අත් වින්දේ. තේරීම් කමිටුව දන්නේ නැහැ වර්තමාන ක්‍රීඩා රටාවන් තුනට ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකයින්. ඕවර 20ට ලකුණු 120 ක් ගහලා දිනුව කාලය ඉවරයි...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.