Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට (03) දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා පිල පළමු තරග දෙකම ජය ලබා 2-0 ක් ලෙස පෙරමුණේ පසු වීම නිසා කණ්ඩායම් දෙකටම මෙම තරගය වැදගත් වේ. ශ්‍රී ලංකාවට කලින්ම තරගාවලිය ජය ලැබීමට මෙම තරගය ජය ලැබීම වැදගත් වන අතර එංගලන්තය නැවතත් තරගාවලියට පිවිසීමට මෙම තරගයේ ජය ලබා පැමිණිය යුතුය.
මහේල ජයවර්ධන පෞද්ගලික හේතුවක් නිසා මෙම තරගයට සහභාගි නොවන අතර එම ස්ථානයට අෂාන් ප‍්‍රියංජන් ආදේශ කර තිබේ.
ශ‍්‍රී ලංකා පිල වෙනුවෙන් ඊයේ මාධ්‍ය හමුවට සහභාගි වූ උප නායක ළහිරු තිරිමාන්න පැවසුවේ මහේල නොමැතිවීම විශාල පාඩුවක් බවත් මහේල මැද පෙළේ ශක්තිය බවත්ය.
”මහේල මෙම තරගයෙන් ඉවත්වීමේ හේතුව මම දන්නේ නෑ. නමුත් ඔහු නොමැතිවීම ලොකු පාඩුවක්. ක‍්‍රීඩකයන් මෙම තරගය වෙනුවෙන් හොද සූදානමින් ඉන්නවා” යැයි තිරිමාන්න වැඩි දුරටත් පැවසීය.
එංගලන්ත පිල වෙනුවෙන් ඊයේ මාධ්‍ය හමුවට සහභාගි වූ වේග පන්දු යවන ක‍්‍රීඩක ස්ටීව් ෆින් පැවසුවේ පළමු තරගයේදී ඩිල්ෂාන් හොද ඉනිමක් ක‍්‍රීඩා කළ බවත් දෙවැනි තරගයේදී මහේල සහ සංගක්කාර හොද සම්බන්ධතාවක් පැවැත්වූ බවත් පරාජයට එය දැඩිව ලබපෑ බවයි.
”අපි ඊයේ හොද පුහුණු සැසියකට සහභාගි වුණා. අපි මේ තරගයට හොද විශ්වාසයක් ඇතිව පිවිසෙනවා. තරග දෙකයි පරාජයට පත්වුණේ තව තරග පහක් ඉතිරිව තිබෙනවා. ඒ නිසා අපි තරගාවලියේ ඉදිරිය පිළිබදව බලාපොරොත්තු තබා සිටිනවා” යැයි ස්ටීව් ෆින් වැඩි දුරටත් පැවසීය.
ඊයේ පස්වරු 4.50 ට පමණ නැවතත් වර්ෂාව ඇද හැලූණු අතර රාත‍්‍රිය දක්වා අඛණ්ඩව වර්ෂාව පැවතීම හේතුවෙන් එංගලන්ත පිලේ පුහුණු සැසිය අතහැර දැමීමට සිදුවිය.
සූරියවැව ක‍්‍රීඩාංගණයට සහ අවට ප‍්‍රදේශයට ඊයේ පස්වරු 2.00 සිට පැයක පමණ කාලයක් දැඩි වර්ෂාවක් පතිත වූ අතර ඒ වන විට ක‍්‍රීඩාංගණය සම්පූර්ණ ආවරණය කර තිබුණි. හතරේ සීමාවෙන් පිටතම ස්ථාන රැසක ජලය පිරී තිබුණ අතර කී‍්‍රඩාංගණය ඇතුළතද වැසි ජලය විශාල වශයෙන් එක්ව තිබිණ.
වර්ෂාව හේතුවෙන් මෙම තරගය අද පැවැත්වීමට නොහැකි වුවහොත් අතිරේක දිනය වන හෙට තරගය නැවත පැවැත්වේ. තරගය පැවැත්වෙමින් තිබියදී අත්හිටුවීමට සිදුවුවහොත් එතැන් සිට තරගය හෙට පැවැත්වේ.
කෙසේ වෙතත් සූරියවැව ක‍්‍රීඩාංගණයේ සුපුරුදු දැඩි සුළං තත්ත්වය ඊයේ දැඩිය නොහැකි විය.
ශ්‍රී ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිළිණ කණ්ඩම්බි, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, ශාමින්ද එරංග, ධම්මික ප‍්‍රසාද්, තිසර පෙරේරා සහ ළහිරු ගමගේ
එංගලන්ත සංචිතය:
අලෙස්ටියාර් කුක් (නායක), මුයින් අලී, ඉයන් බෙල්, ජෝස් බට්ලර්, ස්ටීව් ෆින්, ක‍්‍රිස් ජෝර්දන්, එඔයින් මෝගන්, ජෝ රූට්, බෙන් ස්ටෙකිස්, ජේම්ස් ටේරඞ්වෙල්, ක‍්‍රිස් වෝක්ස්, ජේම්ස් ඇන්ඩසන්, රවී බොපරා, හැරී ගානී, ඇලෙක්ස් හේල්ස්, ජේම්ස් ටේලර්
ඡායාරූපය - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.