Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කැනඩාවේදී පැවැත්වෙන ග්ලෝබල් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය ලෙස එඞ්මොන්ටන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (4 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 16 ක ජයක් අත්කර ගැනීමට ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ටේ්‍රල් ටයිගර්ස් කණ්ඩායම සමත් විය. ටයිගර්ස් කණ්ඩායම මෙම තරගාවලියේදී ලැබූ පළමු ජයග්‍රහණය මෙයයි.
ජයග්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය රෝයල්ස් කණ්ඩායම ඕවර 19.1 ක් අවසානයේ ලකුණු 113 කට සීමා කිරීමට පීටර් සිඞ්ල් ප්‍රමුඛ ටයිගර්ස් කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වූහ. රෝයල්ස් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා සිඞ්ල්ට අනගි සහායක් දුන් නායක ලසිත් මාලිංග සහ කෙවොන් කූපර් කඩුලු 2 බැගින් දවාගත්හ.
මෙතෙක් පැවැති තරගවලදී වැඩිම කඩුලු ලාභින්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින මාලිංග තරග 4 කදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 9 කි. ඔහුගේ කණ්ඩායමේම සාමාජිකයෙක් වන පීටර් සිඞ්ල් 4 කදී කඩුලු 8 ක් දවාගනිමින් එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ටයිගර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 129 ක් ලබාගත් අතර එහිදී පන්දු 49 කට මුහුණදුන් මොයිසස් හෙන්රිකස් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය.
ටයිගර්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා හෙන්රිකස්ට අනගි සහායක් දුන් සිකන්දර් රාසා හතරේ පහර 3 ක් සමග ලකුණු 20 ක්ද, නජිබුල්ලා සද්රාන් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 22 ක්ද රැස්කළහ.
මොන්ට්‍රිල් ටයිගර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 129
(මොයිසස් හෙන්රිකස් 50, සිකන්දර් රාසා 20, නජිබුල්ලා සද්රාන් 22, වේන් පානෙල් 23/3)
එඞ්මොන්ටන් රෝයල්ස් පිල - ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 113
(ලුක් රොන්කි 30, ශයිමන් අන්වර් 24, පීටර් සීඞ්ල් 13/4, කෙවොන් කූපර් 27/2, ලසිත් මාලිංග 29/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.