Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාලිංගගේ දස්කම් අපතේ යයි

මාලිංගගේ දස්කම් අපතේ යයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැනඩාවේදී පැවැත්වෙන ග්ලෝබල් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (8 වැනිදා) පැවැති තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට ටොරොන්ටෝ නැෂනල් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය ටොරොන්ටෝ ක්‍රීඩකයෝ ඉනිමේ අවසන් පන්දුවේදී එම ඉලක්කය පසුකර ගියහ. පීටර් සිඞ්ල් යැවූ අවසන් ඕවරයේ අවසන් පන්දුවට හතරේ පහරකින් සංග්‍රහ කළ කෙස්රික් විලියම්ස් ටොරොන්ටෝ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඇන්ටන් ඩොරිච් (43) සහ නිතිෂ් කුමාර් (46) ටොරොන්ටෝ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 31 කට මුහුණ දුන් කිරන් පොලාඞ් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයූවේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක් රැස්කරමිනි.

මෙතෙක් පැවැති තරගවලදී වැඩිම කඩුලු ලාභින්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින ලසිත් මාලිංග, මෙම තරගයේදීද ලකුණු 11 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. එහෙත් සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් ඔහුගේ දස්කම් ප්‍රමාණවත් නොවීය. මෙම තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග 5 දී මාලිංග බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 12 කි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ටයිගර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 176 ක් ලබාගත් අතර අර්ධ ශතක ලබාගැනීමට ජෝජ් වෝකර් (62) සහ මොයිසස් හෙන්රික්ස් (50) සමත් වූහ. පන්දු 52 කදී වාර්තා වූ වෝකර්ගේ අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමන්විත වූ අතර පන්දු 39 කදී වාර්තා වූ හෙන්රික්ස්ගේ අර්ධ ශතකට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.


මොන්ට්‍රේල් ටයිගර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 176
(ඞ්වේන් ස්මිත් 18, ජෝජ් වෝකර් 62, මොයිසස් හෙන්රිකස් 50, මොහොමඞ් සාමි 34/3)

ටොරොන්ටෝ නැෂනල් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 179  
(කම්රන් අක්මාල් 19, ඇන්ටන් ඩොව්රිච් 43, නිතිෂ් කුමාර් 46, කිරන් පොලාඞ් 37, ලසිත් මාලිංග 11/3, පීටර් සීඞ්ල් 45/3, සන්දීප් ලමිච්හානේ 34/2)


- 036  

 

 


අදහස් (0)

මාලිංගගේ දස්කම් අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.