Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාලින්ද පුෂ්පකුමාරගේ (46/6) විශිෂ්ට පන්දු යැවීම හමුවේ නිල නොවන ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අද (12 වැනිදා) සමත්විය. බංග්ලාදේශයේ ශිලාත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 38 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.
තරගාවලියේ පළමු තරග දෙකම ජය පැරදුමෙන් තොරව අවසන් විය.
තුන්වැනි සහ අවසන් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (11 වැනිදා) ක්‍රීඩාව නතර කරනවිට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 57 ක් රැස්කර සිටියේය. එහෙත් බංග්ලාදේශ දෙවැනි ඉනිමේ අවසන් කඩුලු 9 ලකුණු 50 ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත්වූහ.
ඊයේ දිනය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි මිසනූර් රෙහ්මාන් අද ලකුණු රැස්කිරීමට පෙරම පිටියෙන් ඉවත් කළ ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පිතිකරුවකු වන සෞම්‍ය සර්කාර් ලකුණු 28 කට දවාගනිමින් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමේ විනාශය ආරම්භ කළේය. එතැන් සිට වැඩ ඇල්ලූ මාලින්ද පුෂ්පකුමාර ඕවර 19.3 ක් යවමින් ලකුණු 46 කට කඩුලු 6 ක් දවාගත්තේය.
මෙම තරගයේදී ශතකයක් ලබාගත් ෂෙහාන් ජයසූරිය තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගන්නා විට පළමු සහ දෙවැනි තරග වලදී ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ළහිරු තිරිමාන්න තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.