Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස් වැනි පන්දු යවන්නන්ට මුහුණ දීම ඉතාමත් අසීරු බවත් ඔවුන් දෙදෙනා තමන්ගේ පිතිකරුවන් ගිල දැමූ බවත් නෙදර්ලන්ත නායක පීටර් බෝරාන් පවසයි. ශී‍්‍ර ලංකාව සහ නෙදර්ලන්තය අතර බංග්ලාදේශයේ චිතගොන් නුවරදී පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගයෙන් අනතුරුව පීටර් බෝරාන් එසේ පැවසීය.
”අපි පන්දුවට පහර දුන්නේ ඉතාමත් දුර්වල ආකාරයෙන්.... මේ වගේ තරගයකදී පවතින තත්ත්වය වටහා ගන්න, පන්දු යවන්නන් ගැන තේරුම් ගන්න තරමක වෙලාවක් ඕනේ. ඒත් අප ඒ දේ කළේ නෑ”
”අපි පහර සඳහා ඉක්මන් වුණා වැඩියි. ලකුණු 1 කට කඩුලූ 3 යි. ඊට පස්සේ මාලිංගටයි මෙන්ඩිස්ටයි මුහුණ දෙන වගකීම අපේ මැද පෙළ පිතිකරුවන්ගෙන් අපේක්‍ෂා කරන්න බෑ. ඔවුන් දෙන්නාට අප උදෑසන ආහාරය වගේ....ඉදිරි පෙළ පිතිකරුවන් මීට වඩා වගකීම බාරගත යුතුයි” යයිද බෝරාන් පැවසීය.
තරගය ආරම්භ වී ඕවර 10.3 කදී නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 39 කට දැවී ගිය අතර එය විස්සයි:20 අන්තර්ජාතික තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා පොතට එක්විය.
ටෙස්ට් තරග (ඉන්දියාවට එරෙහිව - 952/6), එක්දින අන්තර්ජාතික තරග (නෙදර්ලන්තයට එරෙහිව - 443/9) සහ විස්සයි:20 (කෙන්යාවට එරෙහිව - 260/6) තරග වලදී ඉනිමකදී වැඩිම ලකුණු ලබාගැනීමේ ලෝක වාර්තා හිමිකරගෙන සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම එක්දින අන්තර්ජාතික (සිම්බාබ්වේ - 35 යි) සහ විස්සයි:20 (39 - නෙදර්ලන්තය) තරග වලදී කණ්ඩායමක් අඩුම ලකුණු වලට දවාගැනීමේ ලෝක වාර්තාවන්ටද හිමිකම් කියයි.
” ඕන කෙනෙක් වේලාසනින් දැවී යන්න පුළුවන්. ඒත් ඒ වගේ දැවී යාම නම් හරිම අවාසනාවක්. හරියට අපව රැල්ලට හසුවෙලා ගහගෙන ගියා වගේ”
”මේක මහ ලැජ්ජාවක්. ඒත් දැන් කරන්න තියෙන්නේ ඉදිරි තරග වලදී නිකම් මෝඩයින් රැළක් වගේ දැවී නොයන්න හිතට ගන්න එකයි. ඒත් එක විකල්පයක් නෙමෙයි” යයිද පීටර් බෝරාන් පැවසීය.
කෙසේ වෙතත් තමන්ගේ කණ්ඩායම කෙරේ බෝරාන් කිසියම් විශ්වාසනීයත්වයකින් පසුවෙයි. තමන්ගේ කණ්ඩායමට මීට වඩා වැඩි දෙයක් කළ හැකිබවත් ඉදිරි තරග වලදී ඒ සඳහා උත්සාහ ගන්නා බවත් නෙදර්ලන්ත නායකයා පවසයි.
”අපේ ඉදිරි පෙළ පිතිකරුවන් දිහා නිකම් බලන්න. එතැන හොඳ පිතිකරුවෝ ඉන්නවා. ඔවුන් මීට පෙරත් මේ වගේ තරග වලදී හොඳට කී‍්‍රඩා කරල තියෙනවා..... මේ මගේ සිවුවැනි ලෝක කුසලාන තරගාවලියයි. ඒත් මේ වගේ දෙයක් වුණේ පළමු වැනි වතාවටයි” යයි ද ලකුණු 39 කට දැවී යාම සම්බන්ධයෙන් මහත් කම්පාවට පත්ව සිටින බෝරාන් පැවසීය.
”කොහොම වුණත් මේ අවස්ථාවේදී නම් අපට තිබෙන්නේ බලවත් ලැජ්ජාවක්. අපගේ විතරක් නොවේ, ටෙස්ට් වරම් නොලද අනෙක් රටවල බලාපොරොත්තුත් අපි කඩකළා. මොකද අපි මෙතෙන්ට ආවේ ඔවුන් පරදවලා”
”ඒ නිසා ඊළ`ග තරග වලදී වඩා හොඳ දස්කම් පෙන්වන් බලාපොරොත්තු වෙනවා” යයිද පීටර් බෝරාන් වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.