Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයේදී පැවැත්වෙන පස්වැනි විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම එක ජයග‍්‍රහණයක් මෑතින් සිටියදී ලසිත් මාලිංගට විශාල පහර වැලකින් සංග‍්‍රහ කිරීමට එංගලන්තය පිඹුරු පත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. ආරම්භක පිතිකරුවන් වන ඇලෙක්ස් හේල්ස් සහ මයිකල් ලම්බ් දෙදෙනාට අමතරව ක්‍රෙග් කීස්වෙටර්ද එංගලන්ත සංචිතයට එක්ව සිටින අතර වමත් පිතිකරු මුයින් අලී එංගලන්ත පිතිකරු බලඇණියට එක්ව සිටින නවතම ප‍්‍රහාරකයාය.
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර තරගය හෙට (27 වැනිදා) චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
එංගලන්ත පිලේ ප‍්‍රධානතම අරමුණ වන්නේ ශී‍්‍ර ලංකා පිලේ අංක 1 වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ප‍්‍රහාරයට ලක් කිරීමෙන් සෙසු පන්දු යවන්නන්ද අධෛර්යට පත්කිරීමයි. ඉකුත් 22 නවසීලන්තය හමුවේ පරාජය වීම නිසා අද තරගය එංගලන්ත පිල මෙම තරගාවලියේ පැවතීම හෝ නැවතීම තීරණය කරන්නක් බවට පත්ව තිබේ. එහෙත් ශී‍්‍ර ලංකා කණ්ඩායම සුපුරුදු සැහැල්ලූ ගතියෙන් තරගයට මුහුණ දීමට සූදානම් වෙයි.
”පළමු තරගය (දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව) ජයගැනීම අපගේ මූලික ඉලක්කය වුණේ ඒ තරගය ජයගත්තායින් පස්සේ අනෙක් කණ්ඩායම් පීඩනයට ලක්කිරීම පහසු නිසායි”
”පළමු තරගය ජයගත්තායින් පස්සේ අපි දෙවැනි තරගයේදී අපේ තරම පෙන්නුවා. ඉතිරි තරග දෙකින් එකක් ජයගත්තත් අපි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන බව දන්නවා වුණත් තරග දෙකම ජයගෙන හොඳ මානසික තත්ත්වයකින් අවසන් පූර්ව වටයට යන්නයි අපේ බලාපොරොත්තුව” යයි ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් අද (26 වැනිදා) සවස චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි පිටියේදී පැවසීය.
මෙතෙක් පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගාවලි හතරෙන් තුනකදීම (2009, 2010 සහ 2012 වසරවලදී) ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබේ. ඉන් දෙකකදී අවසන් මහ තරගයට කී‍්‍රඩා කළ අතර වසර 2007 න් පසුව ලෝක කුසලාන තරගාවලියකදී එංගලන්තය පරාජය කරන සෑම අවස්ථාවකදීම ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ඇත.
කණ්ඩායමේ කී‍්‍රඩකයන් සියලූම දෙනා මනා සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවත්, එංගලන්ත පිලට එරෙහිව කී‍්‍රඩා කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව අද සවස් වන තුරුත් තීරණයක් ගෙන නොතිබූ බවත් චන්දිමාල් පවසයි.
තණතීරුවේ ස්වභාවය අනුව හෙට සවස් යාමයේදී කණ්ඩායමේ සංයුතිය තෝරා ගන්නා බවත් මෙම කී‍්‍රඩාංගණයේදී පැවැති පසුගිය තරග කිහිපයේදීම වේග පන්දු යවන්නන්ට මනා සහයෝගයක් ලැබුණ බැවින් දග පන්දු යවන්නන් දෙදෙනකුට වඩා කණ්ඩායමට ඇතුළත් කළ නොහැකි බවත් චන්දිමාල් වැඩිදුරටත් පැවසීය.
එංගලන්ත පිලේ තුන් ඉරියව් කී‍්‍රඩක රවී බොපාරා පවසන්නේ ලසිත් මාලිංග හමුවේ ලකුණු ලබාගැනීමට තිබෙන හොඳම ක‍්‍රමය ඔහුගේ පන්දුවේ වේගය ප‍්‍රයෝජනයට ගනිමින් පන්දුව කඩුල්ලෙන් පිටුපස කලාපයට හරවා යැවීම බවයි.
”මාලිංග වගේ පන්දු යවන්නෙකුට පිට්ටනියෙන් එළියට යන්න ගහන එක ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි ඔහු ලෝකයේම සිටින විශිෂ්ටතම පන්දු යවන්නෙක් වෙලා ඉන්නේ...”
”මා හිතන්නේ ඔහුට මුහුණ දෙන්න තිබෙන හොඳම ක‍්‍රමය පන්දුව කඩුල්ලෙන් පිටුපසට හරවා යැවීමයි. නැතිනම් පොයින්ට් කලාපයෙන් ලකුණු ලබාගැනීමයි”
”ඔහුට ඉතාමත් හොඳ ‘මඳ වේගී’ පන්දුවක්ද තිබෙනවා. ඒ වගේම ඔහු පන්දුව දෝලනය කරනවා. මා නම් උත්සාහ කරන්නේ පන්දුව හරවා යවන්නයි” යයි මාධ්‍ය හමුවේදී රවී බොපාරා පැවසීය.
රාති‍්‍රයේ පැවැත්වෙන තරග වලදී ඇතිවන පින්න පන්දු යවන කණ්ඩායමට මහත් කරදරකාරී බවට පත්ව ඇතත් එංගලන්ත කී‍්‍රඩකයන්ට ඒ පිළිබඳව වැඩි කලබලයක් නැත.
”අපේ කී‍්‍රඩකයන් වැඩි දෙනෙක් ඉන්දීය උප මහාද්වීපයේ රටවල කී‍්‍රඩා කරලා තියෙවා. මේ තියෙන පින්න අපට ඒ තරම් ප‍්‍රශ්නයක් නොවෙයි. අපි ඊට මුහුණ දීලා තිබෙනවා. තෙත පන්දුවෙන් පන්දු යවන්න, තෙත පන්දුවෙන් උඩපන්දු රැකගන්න වගේම තෙත පන්දුවට පහර දෙන්නත් අපට සිදුවෙලා තියෙනවා.”
”ඊට මුහුණ දෙන්න අපට පුළුවන්” යයිද බොපාරා වැඩිදුරටත් පැවසීය.
ශී‍්‍ර ලංකා පිලේ පන්දු යැවීමේ ශක්තිය ගැනත් තමන්ගේ සූදානම ගැනත් අදහස් දැක්වූ බොපාරා....
”මේ අප දිනාගත යුතුම තරගයක්. මොකද අපි නවසීලත්නය හමුවේ පරාජය වීම (ඩක්වර්ත් ලූවිස් න්‍යාය මත) නිසා. මේ තරගයේදී අපට ඔය ගණන් හදන්න දෙයක් ඉතිරි වෙලා නෑ. තරගය ජයගත යුතුයි. එච්චරයි.” යයිද පැවසීය.
ශී‍්‍ර ලංකා සංචිතය :
කුසල් ජනිත් පෙරේරා, තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, සීකුගේ ප‍්‍රසන්න, සුරංග ලක්මාල්, රංගන හේරත් සහ ළහිරු තිරිමාන්න
එංගලන්ත සංචිතය :
ස්ටුවර්ට් බ්‍රෝඞ් (නායක), මයිකල් ලම්බ්, ඇලෙක්ස් හේල්ස්, මුයීන් අලි, ඔයින් මෝගන්, ජොස් බට්ලර්, රවී බොපාරා, ඉයන් බෙල්, ටිම් බ්‍රෙස්නන්, ස්ටීවන් පැරී, කි‍්‍රස් ජොර්ඞ්න්, ජේම්ස් ටේරඞ්වෙල්, ක්‍රෙග් කීස්වෙටර්, කි‍්‍රස් වෝක්ස් සහ ජේඞ් ඩර්න්බැජ්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.