Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාස් - ගෝල්ඩන් බර්ඩ්ස් ශූරතා දිනති
ජනාධිපති රන් කුසලාන වොලිබෝල්

මාස් - ගෝල්ඩන් බර්ඩ්ස් ශූරතා දිනති

editorial - 2024 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ  රාජකීය විදුහල්  ගෘහස්ථ  ක්‍රීඩාංගණයේදී පැවැති ඩයලොග් - ජනාධිපති  රන් කුසලාන  වොලිබෝල්  තරගාවලියේ කාන්තා ශූරතාව අම්පාර මාස් ක්‍රීඩා  සමාජය විසින්ද හා පිරිමි  ශූරතාව රදාවාන ගෝල්ඩන්  බර්ඩ්ස් ක්‍රීඩා සමාජය විසින්ද දිනා ගන්නා ලදී.

ශ්‍රී  ලංකා වොලිබෝල්  සම්මේලනය  වයස 25 න් පහළ  කාන්ඩය සදහා පළමු වරට හදුන්වා දුන් මෙම  තරගාවලියේ මූලික  වටයට  කණ්ඩායම්  1700 ක් සහභාගි වූහ. අවසන්  (පළාත් තරග) වටය සදහා  කාන්තා හා පිරිමි කාන්ඩ දෙකෙන් කණ්ඩායම් 18 බැගින් නිර්දේශ  ලැබූහ.

 

අවසන් මහ තරග ප්‍රතිපල
කාන්තා අවසන් තරගය: 
අම්පාර මාස් ක්‍රීඩා  සමාජ පිල විසින් වට 3 - 1 කින් ගලිගමුව  හයිද්‍රාමණී පිල පරාජය  කරන ලදී. (19/25 - 25/22 - 25/11 - 25/23)
*තෙවැනි ස්ථානය -: මාහෝ විජයබා  ක්‍රීඩා  සමාජයට
*පිරිමි  :-   රදාවාන ගෝල්ඩන්  බර්ඩ්ස් ක්‍රීඩා සමාජ පිල විසින් රුවන්වැල්ල  රාජසිංහ   ක්‍රීඩා සමාජ පිල වට 3 - 0 කින් පරාජය කරන ලදී (25/20 - 25/18 - 25/11)
* තෙවැනි ස්ථානය -: වලස්මුල්ල   ක්‍රීඩා  සමාජයට

විශේෂ සම්මාන
කාන්තා අවසන් මහ තරගය
හොඳම  පිටත පන්දු ප්‍රහාරිකාව - 1 දිල්රුක්ෂි හර්ෂණී සේනාරත්න (හයිද්‍රාමණී), 2 -:චතුරි පූර්ණිමා ( මාස්), 
හොඳම  මැද පෙළ ක්‍රීඩිකාව 1 :- රුවන්‍යා හදපාන්ගොඩ (මාස්) 2 :-  සමරා නිෂාදි( මාස්), 
හොඳම ප්‍රතිප්‍රහාරක ක්‍රීඩිකාව :- නිෂාදි  කාව්‍යා (මාස්) 
හොඳම  පන්දු සකසන්නනිය :- තිවංකි මධුමාලි ( මාස්), 
හොඳම  ලිබරෝ ක්‍රීඩිකාව නෙත්මි ධනංජනී (මාස්), 
වටිනාම ක්‍රීඩිකාව :- සුලක්ෂණා පසිදුණී (මාස්)


පිරිමි  අවසන් මහ තරගය
හොඳම  පිටත පන්දු ප්‍රහාරකයා -: දුලන්ජන් සන්දීපන් ( ගෝල්ඩන්  බර්ඩ්ස්) 2 -: ඉදුවර රත්නායක (රාජ්සිංහ), 
හොඳම  මැද පෙළ ක්‍රීඩකයා 1 :-  ඩී.ආර්.ඩී. ෂෙහාන් ( ගෝල්ඩන්  බර්ඩ්ස්) 2 :- ඩබ්. ඒ.සී ඩයස් ( ගෝල්ඩන්  බර්ඩ්ස්), 
හොඳම  ප්‍රතිප්‍රහාරක ක්‍රීඩකයා -: ප්‍රනීත් තිනේන්ද්‍ර (ගෝල්ඩන්  බර්ඩ්ස්), 
හොඳම පන්දු සකසන්නා -: කේ.ජී.එම්. කරුණාරත්න ( ගෝල්ඩන්  බර්ඩ්ස්),
හොඳම ලිබරෝ ක්‍රීඩකයා :- එස්.එච්.ඒ.කේ.කුමාරසිංහ (ගෝල්ඩන්  බර්ඩ්ස් ), 
වටිනාම ක්‍රීඩකයා -: දුලංජන් සන්දීප (ගෝල්ඩන්  බර්ඩ්ස්).

 

පිරිමි ශූරතාව - රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් 

 

කාන්තා ශූරතාව - අම්පාර මාස් ක්‍රීඩා සමාජය

 


අදහස් (0)

මාස් - ගෝල්ඩන් බර්ඩ්ස් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.