මාස් හෝල්ඩිංග්ස් ‘බී’ පිලට තියුණු ජයක්
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඩී’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී ඬේවිඞ් පීරිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 56-51 ක ජයක් වාර්තා කිරීමට මාස් හෝල්ඩිංග්ස් ‘බී’ කණ්ඩායම සමත් විය.
පළමු අර්ධය අවසානයේ ලකුණු 38-26 ක් ලෙස පෙරමුණගත් මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 18 ක් එක්කරගත්හ. ඬේවිඞ් පීරිස් කණ්ඩායම දෙවැනි අර්ධයේදී ලකුණු 25 ක් රැස්කළද පළමු අර්ධයේදී පැවැති පරතරය හේතුවෙන් තරගයේ ජය මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායමට හිමිවිය.
මරදාන ශාන්ත ජෝෂප් විදුහල් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 28 ක් රැස්කළ මාස් හෝල්ඩිංස් ‘බී’ කණ්ඩායමේ දිනිත් පතිරගේ සම්මාන දිනාගත්තේය.
තරගාවලියේ අටවැනි සහ නමවැනි දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ සෙසු තරග සියල්ල වර්ෂාව හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තරග සංවිධායකයෝ පියවර ගත්හ.
‘ඩී’ කාණ්ඩය
■ මාස් හෝල්ඩිංග්ස් ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 56-51 ක් ලෙස ඬේවිඞ් පීරිස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - දිනිත් පතිරගේ (මාස් හෝල්ඩිංස් ‘බී’ කණ්ඩායම) - ලකුණු 28