Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැකලම් (100) චෙන්නායි පිලට ජය ගෙනෙයි

මැකලම් (100) චෙන්නායි පිලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) සිව්වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර චෙන්නායිහි චිදම්බරම් කී‍්‍රඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 45 ක ජයක් අතකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 210 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් පිලට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී රැුස්කගරත හැකිවූයේ ලකුණු 164 ක් පමණි.

නායක ඬේවිඞ් වෝනර් හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් පන්දු 42 කදී ලකුණු 53 ක් රැස්කරමින් හයිද්‍රාබාද් පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්නද, මැද පෙළ පිතිකරුවන්ට තරගය ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට නොහැකි විය.

තරගය නිමා වන විට කඩුල්ලේ රැුදී සිටි කේන් විලියම්සන් පන්දු 18 කදී හයේ පහරක් හතරේ පහරක් සමගින් ලකුණු 26 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 209 ක් ලබාගත්තේය.

එහිදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 56 කදී මෙවර තරගාවලියේ පළමු ශතකය (නොදැවී 100) ක් රැස්කළේ හයේ පහර 9 ක් සහ හතරේ පහර 7 ක්ද සමගිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් ඞ්වේන් ස්මිත් (27) සමග එක්ව ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මැකලම්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් සුරේෂ් රයිනා (14) සමග එක්ව ලකුණු 60 ක සහ තෙවැනි කඩුල්ල වෙනුවෙන් මහේන්ද්‍ර සිං දෝනි (53) සමග එක්ව ලකුණු 63 ක සම්බන්ධතා ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව කරා රැගෙන ගියේය.

පන්දු 29 කදී වාර්තා වූ නායක දෝනිගේ අර්ධ ශතකයට (53) හයේ සහ හතරේ පහර 4 බැගින් ඇතුළත් විය.


සන්රයිසස් පිල දවාගත් කඩුලූ 4 න් තුනක්ම දුවද්දී දවාගැනීම් විය.


චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී 209
(ඞ්වේන් ස්මිත් 27, බ්‍රෙන්ඩන් මැකලම් නොදැවී 100, සුරේෂ් රයිනා 14, මහේන්ද්‍ර සිං දෝනි 53)

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම -  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 164
(ඬේවිඞ් වෝනර් 53, ශිකර් ධවාන් 23, නාමන්  ඕජා 15, රවී බොපාරා 22, කේන් විලියම්සන් 26, ඞ්වේන් බ‍්‍රාවෝ 25/2, මෝහිත් ශර්මා 36/2)


- 036


අදහස් (0)

මැකලම් (100) චෙන්නායි පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.