Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැකලම් නැවතත් මැද පෙළට

මැකලම් නැවතත් මැද පෙළට

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් නැවතත් මැද පෙළට එක්වීමට නියමිතය. ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ක‍්‍රයිස්ට්චර්ච්හිදී ආරම්භ වීමට නියමිතය.

පාකිස්තානු පිලට එරෙහිව මැද පෙරදිගදී පැවැති ටෙස්ට් තරගාවලියේදී මැකලම් ආරම්භක පිතිකරුවා වීම නිසා ජේම්ස් නීෂම් සහ කෝරි ඇන්ඩසන් දෙදෙනාම කණ්ඩායමට එක් කිරීමට නවසීලන්ත පිලට හැකිවිය. එහිදී ටොම් ලේතම් සමගින් ඉනිම ආරම්භ කළ බ්‍රෙන්ඩන් මැකලම් සාජා ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක්ද ලබාගනිමින් සාර්ථක දස්කම් දැක්වීය. එහෙත් නවසීලන්ත තේරීම් කමිටු නිලධාරී බෲස් එඞ්ගාර් මහතා පවසන්නේ මැකලම් ඉනිම ආරම්භ කිරීමට යෙදවීම තාවකාලික තීරණයක් බවයි.

”මේක වෙනස් තරගාවලියක්. වෙනස්ම ආකාරයේ ප‍්‍රතිවාදීන් පිරිසක් සමග වෙනස් තත්ත්වයන් යටතේ කෙරෙන තරගාවලියක්”

”අප හිතන්නේ මේ (ශී‍්‍ර ලංකා පිලට එරෙහිව) තරගාවලියේදී බ්‍රෙන්ඩන්ගේ සේවය වඩාත් ඵලදායක ලෙසින් මැද පෙළට යොදාගන්නයි” යයිද එඞ්ගාර් මහතා පැවසීය.

මැකලම් මැද පෙළට යාම නිසා නවසීලන්ත ඉනිම ආරම්භ කිරීමේ වගකීම ටොම් ලේතම් සහ හමීෂ් රදර්ෆර්ඞ්ට හිමිවනු ඇත.

මාක් ක්‍රෙග්, ඉෂ් සෝධි සහ කේන් විලියම්සන් යන දග පන්දු යවන්නෝ තිදෙනා එක් ස්ථානයක් වෙනුවෙන් තරග වදිති. එහෙත් තුවාල ලබා සිටීම හේතුවෙන් කෝරි ඇන්ඩසන් නවසීලන්ත සංචිතයට ඇතුළත් නොවේ.

දිගු කලකට පසුව සාජා ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළ ප‍්‍රවීණ කී‍්‍රඩක ඩැනියෙල් විටෝරි ලෝක කුසලාන සංචිතයේ 30 දෙනාට එක් වී ඇතත් ශී‍්‍ර ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට එක් නොවන ඇත.

පළමු ටෙස්ට් තරගය සඳහා නවසීලන්ත සංචිතය
බ්‍රෙන්ඩන් මැකලම් (නායක), ටෙ‍්‍රන්ට් බෝල්ට්, ඩග් බ්‍රේස්වෙල්, ඞීන් බ්‍රොන්විල්, මාක් ක්‍රෙග්, ටොම් ලේතම්, ජේම්ස් නීෂම්, හමීෂ් රදර්ෆෝඞ්, ටිම් සවුතී, රොස් ටේලර්, නීල් වැග්නර්, බී. ජේ. වෝල්ටිං සහ කේන් විලියම්සන්

 


අදහස් (0)

මැකලම් නැවතත් මැද පෙළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.