Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කරගනාමින් ජාතික මට්ටම නියෝජනය කරන දඟ පන්දු යවන්නන් හා වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා වැඩි දියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ජාතික විශේෂඥයින් දෙදෙනකු වන පීටර් ස්ලීප් මහතා සහ ටිම් මැකැස්කිල් දෙදෙනාගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙම පුහුණුකරුවන් දෙදෙනා පල්ලෙකැලේ ඉහළ කාර්්‍ය සාධන මධ්‍යස්ථානයේදී සිය වැඩමුළුව ආරම්භ කළහ.
ඕස්ට්‍රේලියානු පිලේ හිටපු දඟ පන්දු යවන්නෙකු වන පීටර් ස්ලීප් මහතා දඟ පන්දු යවන්නනගේ උපදේශකවරයා ලෙසත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන කළමණාකරු ටිම් මැකැස්කිල් මහතා වේග පන්දු යවන්නන්ගේ උපදේශකවරයා ලෙසත් කටයුතු කරති.
චන්දික හතුරුසිංහ මහතාගේ නිර්දේශ මත ඔවුන් දෙදෙනා ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. පීටර් ස්ලීප් මහතා දින 15 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් සමග කටයුතු කිරීමට නියමිතය. ටිම් මැකැස්කිල් මහතාද දින 10 ක් ඔවුන් සමග කටයුතු කිරීමට නියමිතය.
දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් ක්‍රිකට් දිවිය ඇරඹූ පීටර් ස්ලීප් 1979 වර්ෂයේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් හිමි කර ගත්තේය. ඔහු 1990 දී ක්‍රීඩා දිවියට සමු දෙන විට වසර 11 දීම ක්‍රීඩා කර තිබුනේ තරග 14 කට පමණි. ෂේන් වෝන්ගේ පැමිණීමත් සමග ඔහුගේ ක්‍රිකට් දිවිය සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදු වූයේ ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීම නිසාය.
47 හැවිරිදි මැකැස්කිල් ඕස්ට්‍රේලියාව නියෝජනය නොකළ නමුත් 90 දශකයේ දේශීය තරග කිහිපයකට ක්‍රීඩා කර ඇත. මැකැස්කිල් මහතා ප්‍රධාන වශයෙන් ක්‍රීඩකයන් තුවාල වූ අවස්ථාවන්හී ඔවුන් නැවතත් යථා තත්වයට පත් කර ගැනීමට විශේෂ වු විශේෂඥතාවයකින් හෙබි උපදේශකවරයෙකි.
මැයි 18 වැනිදා ජාතික මට්ටමේ උසස් කාර්ය සාධන සහ සමාජ පුහුණුකරුවන් 50 දෙනෙකුටද පුහුණු සැසියක් පැවැත්වීමට නියමිතව ඇත.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.