Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
අවසන් අදියර තරගයේ 62 වැනි ස්ථානය තෙක් පහළට වැටුණත් අද (6) කටුනායකදී නිමාවට පත්වූ 23 වැනි ගුවන් හමුදා (තෙදින) පාපැදි සවාරියේ සමස්ත තරගයේ (කිලෝමීටර් 411.4) ජයග්‍රහණය යුද හමුදා පළපුරුදු ක්‍රීඩක අවිෂ්ක ඩිල්රුවන් මැඩොන්සාට හිමි විය. ඒ වෙනුවෙන් ඔහු දිනාගත් ත්‍යග මුදල රුපියල් ලක්ෂ තුනකි.
එහිදී ගුවන් හමුදා පාපැදි සවාරියේ පුත්තලම සිට කටුනායක දක්වා (කිලෝමීටර් 100) ඊයේ පැවැති කාන්තා රේසින් ඉසව්වේ ජයග්‍රහණයත් යුද හමුදාව සතු විය. ඒ එය යුද හමුදා ක්‍රීඩිකා ෂාලිකා දිල්හානි ඊයේ ජය ගැනීමෙනි.
මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය නිමාවට පත් කරමින් අද (6) දඹුල්ලේ සිට කටුනායක දක්වා (කිලෝ මීටර් 142.2) පැවැති තෙවැනි (අවසන්) අදියර තරගය ජය ගත්තේ චමෝද් ද සිල්වා විසිනි. ඒ පැය 3 විනාඩි 19 තත්පර 02 කටය.
එහිදී විශේෂ සිදුවීම වන්නේ අදියර 3 තරගයේ ජයග්‍රාහී චමෝද් හා තරගකරුවන් 85 දෙනකු එකී සමාන නිමි කාලයක් වාර්තා කරමින් එය අවසන් කිරීමයි.
පසුගිය (2021) වසරේ ගුවන් හමුදා පාපැදි සවාරිය ජය ගත් ෂෙනාල් ද සිල්වා මෙවර සමස්ත තරගයේ 10 වැනි ස්ථානය දක්වා පසු බැස ගොස් තිබුණි.
තරගකාරියන් 22 දෙනකු අතරින් මෙවර කාන්තා පාපැදි තරගය ජයගත් ෂාලිකා දිල්හානි වේගත්ම කාලය ලබාගත් (ස්ප්‍රින්ට්) ක්‍රීඩිකාවටද සම්මාන ලැබුවාය. පසුගිය වසරේ කාන්තා ඉසව්ව ජයගත් ක්‍රීඩිකාව වූයේ යුද හමුදා ක්‍රීඩිකා උදේනි නෙරංජනීය. මෙවර ඇය මුල් පෙලේ ස්ථානයක් ලැබීමට අපොහොසත්වූවාය. මෙවර සවාරියට තරගකරුවන් 215 දෙනකු සහභාගි වූ අතර එය මෙතෙක් මෙම පාපැදි සවාරියේ වැඩිම තරගකරුවන්ගේ සහභාගිත්වයයි.
කෙසේ වුවත් අද සමස්ත තරගය නිම කිරීමට සමත්වූයේ ඒ අතරින් තරගකරුවන් 101 දෙනකු පමණි. සාෆ් රන් පදක්කම් ලාභී රේසින් තරග ප්‍රවීනයකු වන වරාය අධිකාරියේ ජීවන් ජයසිංහ අද සමස්ත තරගය අවසන් කරන විට මුදල් ත්‍යාග හිමිවූ 25 වැනි ස්ථානය දක්වා වන ස්ථානයන් අතර පත්වීමට අපොහොසත් විය.
මෙම දීර්ඝතම රේසින් පාපැදි තරග ඉසව්ව සංවිධානය කරන ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් මෙවර ඉහළම ජයග්‍රහණය ලැබුවේ සමස්ත තරගයේ අට වැනි ස්ථානයට පත් මධුශංක ප්‍රනාන්දුය.
23 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත තරග ප්‍රතිඵල (10වැනි ස්ථානය තෙක්)
1. අවිෂ්ක ඩිල්රුවන් මැඩොන්සා (යුද හමුදාව:- පැය 9 විනාඩි 43 තත්පර 22)
2. ඩබ්ලිව්.සී. සඳුන් කුමාර (ෆන් බී. රේසින්- 9.43.59)
3. චමෝද් ද සිල්වා (වරාය අධිකාරිය- 9.43.59)
4. පැතුම් සම්පත් (යුද හමුදාව- 9.44.15)
5. පසිඳු ලක්ෂාන් (නාවික හමුදාව- 9.44.16)
6. නිදුෂ් නිරන්ත ප්‍රනාන්දු (ගුවන් හමුදාව- 9.44.17)
7. ප්‍රභාෂ් මධුශංඛ (නාවික හමුදාව- 9.44.20)
8. මධුශංඛ ප්‍රනාන්දු (ගුවන් හමුදාව- 9.44.21)
9. සුපුන් පියුමාල් (නාවික හමුදාව- 9.44.23)
10. සොනාල් ද සිල්වා (වරාය අධිකාරිය- 9.44.23)
කාන්තා (රේසින්) තරගයේ ප්‍රතිඵල (කිලෝමීටර් 96)
1. බී.ඒ. ෂාලිකා දිල්හානි (යුද හමුදාව)
2. ඈන් ෂෙනාලි (නාවික හමුදාව)
3. මධුමාලි ප්‍රනාන්දු (යුද හමුදාව)
4. ඊ.ඒ.එන්. ශ්‍යාමලි (කොළඹ)
5. පන්චාලි සුලෝචනා (වරාය අධිකාරිය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.