Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජේෂ්ඨතම ක්‍රීඩකයින් දෙදෙනකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් සමත්වීම නිසා බටහිර ඉන්දිය කොදෙව් සංචාරය සඳහා ඔවුන් දෙදෙනා සහභාගී කරවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (17 වැනිදා) නිවේදනය කළේය.
බටහිර ඉන්දිය කොදෙව් සංචාරය සඳහා පසුගිය සතියේ නම්කරන ලද 17 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුළත් කර තිබුණ අතර ශාරීරික යෝග්‍යතාව මත ඔවුන් දෙදෙනාගේම සහභාගීත්වය අවිනිශ්චිතව තිබුණි.
මෙම මස මුල් සතිය තුළදී පැවැති වෛද්‍ය පරීක්‍ෂණයෙන් ඔවුන් දෙදෙනාම සමත්වී සිටියද ටෙස්ට් තරගයක් ක්‍රීඩාකිරීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව තිබේදැයි මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී දින 8 ක් පුරා පැවැති පුහුණු කඳවුරේදී පරීක්‍ෂා කෙරුණි.
ටෙස්ට් තරග 72 කට ක්‍රීඩාකරමින් ලකුණු 4914 ක් රැස්කර ඇති තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 33 ක්ද දවාගැනීමට සමත්වී ඇත.
වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ටේස්ට් තරග 44 කදී ලකුණු 543 ක් රැස්කර ඇති අතර කඩුලු 102 ක් දවාගෙන සිටී.
මෙම මස අවසානයේ බටහිර ඉන්දිය කොදෙව් දූපත් සංචාරය ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම ජූනී 6 වැනිදා පළමු ටෙස්ට් තරගයට සහභාගීවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.