Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා මිල්කා ගෙහානි සුදුසුකම් ලබා සිටින බව ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය. පරිසාධන මට්ටමට නොපැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාමලේඛනය (වයිල් කාඩ්) යටතේ ඇය ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබේ.
ක්‍රීඩා ඉසව් සඳහා අනුමත සුදුසුකම් සපුරාලීමට ආපොහොසත් වන රටවලට හඳුන්වාදුන් ප්‍රසාද ලකුණු ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකාව ඒ ආසන්නයටම පැමිණ සිටියාය. මේ වනවිට ඇගේ අවසරපතට ටෝකියෝ ඔලිම්පික් තරග කමිටුව අනුමැතිය ලබාදී තිබෙන බවද මැක්ස්වෙල් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
මෙහි විශේෂත්වය වන්නේ ඔලිම්පික් උළෙලක් සඳහා ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් අනුමැති ලබාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට ඇය පත්වීමයි.
මිල්කා 2019 ජපානයේ දී පැවැති ලෝක ජිම්නාස්ටික් ශූරතාවලියට සහභාගි වූ ක්‍රීඩිකාවකි. ඇය ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ඉසව් හතරේදීම දක්ෂතා දක්වන්නියකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.