Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මීගමුව ක්‍රීඩකයෝ මුවර්ස් ලකුණු 62 කට සීමා කරති

මීගමුව ක්‍රීඩකයෝ මුවර්ස් ලකුණු 62 කට සීමා කරති

editorial - 2023 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (13 වැනිදා) පැවැති තරගයකදී මුවර්ස් ක්‍රීඩා සමාජය ලකුණු 62 කට සීමා කිරීමට මීගමුව ක්‍රීඩා සමාජය සමත් විය. 

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 45 කට සීමාවූ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් මුවර්ස් ක්‍රීඩකයෝ ඕවර 21.4 ක් අවසානයේ ලකුණු 62 කට දැවී ගියහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිෂාන් පීරිස් නිලකුණු ඕවරයක්ද සමග ඕවර 4 ක් යවමින් ලකුණු 5 කට කඩුලු 4 ක් දවාගත්තේය. 

මුවර්ස් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකුට ලකුණු 12 සීමාව පසුකර යෑමට ඉඩක් නොලැබුණු අතර උපුල් ඉන්ද්‍රසිරි ලකුණු 8 කට කඩුලු 3 ක්ද, ඩිල්ෂාන් මුණවීර ලකුණු 22 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් මුවර්ස් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා නිෂාන්ට අනගි සහායක් දුන්හ.  

ජයග්‍රහණය සඳහා ලකුණු 63 ක ඉලක්කයක් හඹාගිය මීගමුව ක්‍රීඩකයෝ, ඕවර 15.3 කදී අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. මෙම ජයත් සමග ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද මීගමුව කණ්ඩායමට අවස්ථාව උදාවිය. 

ඊයේ පැවැති සෙසු තරගවලදී එස්.එස්.සී., සී.සී.සී., කෝල්ට්ස්, සෙබස්තියනයිට්ස්, නුගේගොඩ, බ්ලූම්ෆීල්ඩ් සහ හලාවත මේරියන්ස් යන ක්‍රීඩා සමාජ ජය ලැබූ අතර ඔවුන් හමුවේ පිළිවෙළින් බදුරලිය, කුරුණෑගල යොවුන්, ගාල්ල, පොලිස්, ඒස් කැපිටල්, බී.ආර්.සී. සහ මහනුවර රේගු යන ක්‍රීඩා සමාජ පරාජයට පත් විය. 

එහිදී එස්.එස්.සී. කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබාගැනීමට බදුරලිය කණ්ඩයමේ රනේෂ් සිල්වාද (112), මහනුවර රේගු කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබාගැනීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ චමෝද් සඳරුද (101) සමත් වූහ. 

එස්.එස්.සී. කණ්ඩයමේ අවිෂ්ක ප්‍රනාන්දු (56), ක්‍රිෂාන් සංජුල (57), නුවනිඳු ප්‍රනාන්දු (77), බදුරලිය කණ්ඩායමේ ගිහාන් කොළඹගේ (51), ගාල්ල කණ්ඩායමේ ඕෂධ ප්‍රනාන්දු (56), ඉරෝෂ් සමරසූරිය (68), කෝල්ට්ස් කණ්ඩාමේ සංගීත් කුරේ (නොදැවී 61), නුගේගොඩ කණ්ඩායමේ රුමේෂ් බුද්ධික (75), හලාවත මේරියන්ස් කණ්ඩායමේ රවීන් යසස් (86), මහනුවර රේගු කණ්ඩායමේ ඉමාල් ලියනගේ (87) සහ දේෂාන් දසිස් (නොදැවී 51) එම තරගවලදී අර්ධ ශතක ලබාගත්හ. 

මේ අතර පානදුර ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජය අතර පානදුර ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදීත්, රාගම ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදීත් ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. 

 

කොළඹ මුවරස් ක්‍රීඩාංගණයේදී 
මීගමුව පිලට කඩුලු 8 ක ජයක් 

මුවර්ස් පිල - ඕවර 21.4 කදී සියලු දෙනා දැවී 62 
(නිෂාන් පීරිස් 05/4, උපුල් ඉන්ද්‍රසිරි 08/3, ඩිල්ෂාන් මුණවීර 22/2) 

මීගමුව පිල - ඕවර 15.3 කදී කඩුලු 2 ක් දැවී 63
(කවිඳු ඉරෝෂ් නොදැවී 25, හිමාෂ ලියනගේ නොදැවී 15) 

 

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී 
එස්.එස්.සී. පිලට ලකුණු 14 ක ජයක් 

එස්.එස්.සී. පිල ඕවර 49.2 කදී - සියලු දෙනා දැවී 267 
(අවිෂ්ක ප්‍රනාන්දු 56, ක්‍රිෂාන් සංජුල 57, නුවනිඳු ප්‍රනාන්දු 77, දසුන් ශානක 27, පර්වේස් රසූල් 45/6, අලංකාර අසංක 36/2) 

බදුරලිය පිල ඕවර 49.1 කදී - සියලු දෙනා දැවී 253 
(රනේෂ් සිල්වා 113, පර්වේස් රසූල් 27, ගිහාන් කොළඹගේ 51, කවිඳු දිල්හාර නොදැවී 15, කළණ පෙරේරා 34/3, කසුන් රාජිත 41/3, ප්‍රභාත් ජයසූරිය 33/2) 

 

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී 
සී.සී.සී. පිලට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 17 ක ජයක් 

සී.සී.සී. පිල - ඕවර 22.5 කදී සියලු දෙනා දැවී 154
(ලසිත් කෲස්පුල්ලේ 25, ධනංජය ද සිල්වා 29, කමිඳු මෙන්ඩිස් 20, පවන් රත්නායක 16, සොනාල් දිනූෂ නොදැවී 18, චතුරංග ද සිල්වා 21, නවීන් ප්‍රනාන්දු 29/3, රන්දීර රණසිංහ 44/2) 

කුරුණෑගල යොවුන් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 112
(ගයාන් මනීෂාන් නොදැවී 45, දුලාජ් රණතුංග 19, නවීන් ප්‍රනාන්දු නොදැවී 24, චතුරංග ද සිල්වා 22/3) 

 

කොළඹ කොල්ට්ස් ක්‍රීඩාංගණයේදී 
කෝල්ට්ස් පිලට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 ක ජයක් 

ගාල්ල පිල - ඕවර 36 කදී කඩුලු 9 ක් දැවී 188
(ඕෂධ ප්‍රනාන්දු 56, ඉරෝෂ් සමරසූරිය 68, සම්පත් පෙරේරා 21, උදිත් මධුෂාන් 41/3, අකිල ධනංජය 28/2, දුනිත් වෙල්ලාලගේ 34/2, කවිෂ්ක අංජුල 47/2) 

කෝල්ට්ස් පිල - ඕවර 29 කදී කඩුලු 6 ක් දැවී 151 
(සංගීත් කුරේ නොදැවී 61, ඇන්ජලෝ මැතිව්ස් 24, ෂෙරාන් ෆොන්සේකා නොදැවී 15, සහන් අදීෂ 41/3) 


 
කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදී 
සෙබස්තියනයිට්ස් පිලට කඩුලු 6 ක ජයක් 

පොලිස් පිල - ඕවර 44 කදී සියලු දෙනා දැවී 137 
(කුසල් පෙරේරා 18, හේෂාන් ධනුෂ්ක 28, සුපුන් මධුෂංක 17, චතුරංග කුමාර 29, ප්‍රමෝද් මධුවන්ත 16/3, තරිඳු රත්නායක 27/3, චාමිකර එදිරිසිංහ 28/2) 

සෙබස්තියනයිට්ස් පිල - ඕවර 38 කදී කඩුලු 4 ක් දැවී 140 
(අභිෂේක් ලියනාරච්චි 36, ලොහාන් ද සොයිසා 32, දුෂාන් විමුක්ති 37, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 15, සුපුන් මධුෂංක 35/2) 

 

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී 
නුගේගොඩ පිලට ලකුණු 81 ක ජයක් 

නුගේගොඩ පිල - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 223
(තිලකරත්න සම්පත් 30, රුමේෂ් බුද්ධික 75, අක්‍රම් මුතාලිබ් 24, රාහුල් ගුණසේකර 26, ළහිරු ගමගේ 22, තනුක දාබරේ 18/5, වනුජ සහන් 33/2) 

ඒස් කැපිටල් පිල - ඕවර 37.4 කදී සියලු දෙනා දැවී 142 
(පවන්ත වීරසිංහ 28, සිතාර ගිම්හාන් 25, හර්ෂ කුරේ 29, සුවත් මෙන්ඩිස් 27/3, තිලකරත්න සම්පත් 11/2, දිල්ෂාන් අබේරත්න 30/2, ළහිරු ගමගේ 35/2) 

 

කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී 
බ්ලූම්ෆීල්ඩ් පිලට කඩුලු 4 ක ජයක්  

බී.ආර්.සී. පිල - ඕවර 33 කදී සියලු දෙනා දැවී 145 
(දුෂාන් හේමන්ත 36, භානුක රාජපක්ෂ 24, ලක්ෂාන් ගමගේ 30, ජෙෆ්රි වැන්ඩසේ 40/4, අසිත වන්නිනායක 26/3, සහන් නානායක්කාර 31/3) 

බ්ලූම්ෆීල්ඩ් පිල - ඕවර 33.3 කදී කඩුලු 6 ක් දැවී 146 
(හසිත බෝයගොඩ 36, නිපුන් කරුණානායක 39, ළහිරු මධුෂංක නොදැවී 31, මර්වින් අභිනාෂ් 25/2) 

 

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී 
හලාවත මේරියන්ස් පිලට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 20 ක ජයක් 

හලාවත මේරියන්ස් පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 307 
(විෂ්ව චතුරංග 24, ලසිත් ලක්ෂාන් 21, චමෝද් සඳරු 101, රවීන් යසස් 86, තික්ෂිල ද සිල්වා 30, කසුන් මධුෂංක 43/4, ඉමේෂ් උදයංග 66/2, මිතුන් ජයවික්‍රම 67/2) 

මහනුවර රේගු පිල - ඕවර 35 කදී කඩුලු 4 ක් දැවී 178
(මලිඳු මධුරංග 25, ඉමාල් ලියනගේ 87, දේෂාන් දසිස් නොදැවී 51, පුලින තරංග 19/3) 


අදහස් (0)

මීගමුව ක්‍රීඩකයෝ මුවර්ස් ලකුණු 62 කට සීමා කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.