Last Update  :  2025-04-18 17:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මීටර 200 රන් පදක්කම කැනඩාවට

මීටර 200 රන් පදක්කම කැනඩාවට

editorial - 2021 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද (04) පැවැති මීටර 200 (පිරිමි) ඉසව්වේදී නොසිතු පෙරළියක් කළ කැනඩාවේ ඇන්ඩ්‍රි ඩි’ග්‍රාසි තත්පර 19.62 කට එම ඉසව්ව නිම කරමින් රන් පදක්කම දිනාගත්තේය. එහි රිදී සහ ලෝකඩ පදක්කම් දෙකම ඇමරිකා එක්සත් ජනපදයට හිමිවිය.

රිදී පදක්කම දිනාගත් කෙනත් බෙඩ්නර්ක් තත්පර 19.68 කින් තරගය නිමකළ අතර ලෝකඩ පදක්කම හිමිකරගත් ඇමරිකානු ක්‍රීඩක නෝවා ලයිල්ස් තත්පර 19.74 කින් තරගය නිමකළේ මෙවර ගිම්හානයේදී ඔහුගේ හොඳම කාලයත් වාර්තා කරමිනි.

අතිශය තියුණු තරගයක් පැවැති මෙම ඉසව්වේ ජයග්‍රාහකයාත් 8 වැන්නාත් අතර කාල පරතරය තත්පර 0.77 කි.

අවසන් තරගයට සුදුසුකම් ලබාගත් ක්‍රීඩකයන් 8 දෙනා අතර එක්සත් ජනපදයේ තිදෙනෙක්ද කැනඩාවේ දෙදෙනෙක්ද වූහ. ඇමරිකානු ක්‍රීඩක නෝවා ලයිල්ස් මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්‍ෂාව විය. එහෙත් සියලු දෙනාගේ බලාපොරොත්තු සීසීකඩ යැවූ ඇන්ඩ්‍රි ඩි’ග්‍රාසි නව කැනේඩියානු වාර්තාවක් තබමින් රන් පදක්කම දිනාගත්තේය.  

පුදුමයකට මෙන්ම අවසන් තරගයට ඉදිරිපත් වූ ක්‍රීඩකයන් 8 දෙනා අතර සිටියේ එකම ජැමෙයිකානුවකු පමණි. දශක දෙකකට ආසන්න කාලයක් පුරා කෙටි දුර ධාවනයේ කිරුළු පළන් ක්‍රීඩකයන් සිටි ජැමෙයිකාව නියෝජනය කළ රෂීඩ් ඩෝයර්ට (තත්පර 20.21) අවසන් තරගයේ 7 වැනි ස්ථානය හිමිවී තිබිණ.


- 213


අදහස් (0)

මීටර 200 රන් පදක්කම කැනඩාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.