Last Update  :  2025-04-18 17:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මීටර 400 කඩුලු - ලෝක වාර්තාව අලුත්වෙයි

මීටර 400 කඩුලු - ලෝක වාර්තාව අලුත්වෙයි

editorial - 2021 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීටර 400 කඩුලු පැන දිවීමේ ඉසව්වේදී තමන්ගේම ලෝක වාර්තාව නැවතත් බිඳ දැමූ නෝර්වේහි කර්ස්ටන් වෝහෝම් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම දිනාගත්තේය.

එක්සත් ජනපදයේ රායි බෙන්ජමින් (තත්. 46.17) රිදී පදක්කම දිනාගත් අතර බ්‍රසීලයේ ඇලිසන් සැන්ටොස් (තත්. 46.72) ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.

රන් පදක්කම දිනාගැනීම සඳහා මීටර 400 ඉසව්ව තත්ත්පර 45.94 කින් නිමාකළ වෝහෝම් තත්ත්පර 46.70 කින් තරගය නිමකරමින් මෙම ඉසව්වේ ලෝක වාර්තාව පිහිටවූයේ පසුගිය මාසයේ 01 වැනිදා නෝර්වේහි ඔස්ලෝ නුවරදීය. ඒ සමගම වසර 29 ක් පැරණි එහි ඔලිම්පික් වාර්තාවද බිඳ වැටිණ. එහි පැරණි හිමිකරුවා වූයේ 1992 බාර්සිලෝනා ඔලිම්පික් උළෙලේදී තත්ත්පර 46.78 කින් ඉසව්ව නිමකළ එක්සත් ජනපදයේ කෙවින් යංග්ටය.

25 හැවිරිදි වෝහෝම් මෙම ඉසව්ව තෝරා ගත්තේ නොර්වේ ජාතිකයක් විසින් සාමාන්‍යයෙන් තෝරාගනු ලබන දුර දිවීමේ ඉසව් සඳහා අවශ්‍ය තරම් ශාරිරික යෝග්‍යතාවක් තමන්ට නැතැයි කියමිනි. එහෙත් පසුව දශ ප්‍රයාම ඉසව්ව වෙනුවෙන් උනන්දු වූ වෝහෝම් සිය වත්මන් පුහුණුකරුවා වන ලීෆ් ඔලීව් මහතා සමග එක්වීමෙන් පසුව වසර 2016 සිටම, මීටර 400 කඩුලු පැන දිවීමේ ඉසව්ව කෙරෙහි වැඩි අවධානයක් දුන්නේය.

“මේක නම හිතාගන්නවත් බෑ. මගේ ජීවිතයේ හොඳම දවස අදයි” යයි ලෝක වාර්තාව බිඳ දැමීමෙන් පසුව වෝහෝම් කීවේය.

ටෝකියෝ නගරය මේ වන විට හිරු රැසින් ගිණියම් වී තිබෙන අතර එහි දිවාකාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 


 

- 213

 


අදහස් (0)

මීටර 400 කඩුලු - ලෝක වාර්තාව අලුත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.