Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 200 (කාන්තා) රන් පදක්කම දිනා ගැනීමට ජැමෙයිකාවේ එලීන් තොම්සන් අද (3 වැනිදා) සමත් වූවාය. එම ඉසව්වේ අවසන් මහ තරගය තත්ත්පර 21.53 ක කාලයකින් නිමා කරමින් ඇය රන් පදක්කමට හිමිකම් කීවාය.
මේ වන විට 29 වැනි වියේ පසුවන එලීන්, එහිදී වාර්තා කළ කාලය ඇය මීටර් 200 ඉසව්වකදී වාර්තා කළ හොඳම කාලය මෙන්ම නව ජැමෙයිකානු වාර්තාවක් ලෙසද සටහන් වේ. කෙසේ වුවත් එම ඉසව්වේ ඔලිම්පික් වාර්තාව බිඳ දැමීමට ඇයට නොහැකි වූ අතර 1988 වසරේදී ඇමරිකාවේ ජොයිනර් ග්‍රිෆිත් තත්ත්පර 21.34 ක කාලයක් වාර්තා කරමින් එම වාර්තාව පිහිටුවා තිබිණ.
එලීන්ට වඩා තත්ත්පර 0.28 ක් පසුපසින් තරගය නිමා කළ නැමීබියාවේ ක්‍රිස්ටීන් බෝමා (තත්ත්පර 21.81) එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර ඇමරිකාවේ ගේබ්‍රියෙල් තෝමස් (තත්ත්පර 21.87) එහි ලෝකඩ පදක්කමට හිමිකම් කීවාය.
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනාගනු ලැබුවේද එලීන් තොම්සන් විසිනි. එහිදී නව ඔලිම්පික් වාර්තාවක්ද පිහිටවූ ඇය වාර්තා කළ කාලය තත්ත්පර 10.61 කි.
මීටර් 100X4 ඉසව්ව සඳහාද ඇය තරග වදින අතර එහි මූලික වටයේ තරග අනිද්දා (5 වැනිදා) පැවැත්වීමට නියමිතය.
අවසන් වරට 2016 වසරේ පැවැති රියෝ ඔලිම්පික් උළෙලේදීද මීටර් 100 සහ මීටර් 200 ඉසව්වල රන් පදක්කම් දිනාගත් එලීන්, මීටර් 100X4 ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් ජැමෙයිකානු කණ්ඩායමේද සාමාජිකාවක් වූවාය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.