Last Update  :  2025-04-18 17:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මීටර් 400 රන් පදක්කම බහමාස්හි ස්ටීවන්ට

මීටර් 400 රන් පදක්කම බහමාස්හි ස්ටීවන්ට

editorial - 2021 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 400 (පිරිමි) රන් පදක්කම දිනා ගැනීමට බහමාස්හි ස්ටීවන් ගාඩ්නර් අද (5 වැනිදා) සමත් විය. එම ඉසව්වේ අවසන් මහ තරගය තත්ත්පර 43.85 ක කාලයකින් නිමා කරමින් ඔහු රන් පදක්කමට හිමිකම් කීවේය.  

විසිපස් හැවිරිදි ස්ටීවන් මීටර් 400 ඉසව්වේ වත්මන් ලෝක ශූරයාද වන නමුත් මෙම තරගයේදී සිය හොඳම කාලය වාර්තා කිරීමට ඔහු අසමත් විය. එම ඉසව්වේදී ඔහු වාර්තා කරන ලද හොඳම කාලය තත්ත්පර 43.48 කි.

 දකුණු අප්‍රිකාවේ වේඩ් වැන්‘නීකර්ක් මීටර් 400 ඉසව්වේ ඔලිම්පික් වාර්තාවට සහ ලෝක වාර්තාවට හිමිකම් කියන අතර 2016 වසරේදී පැවැති රියෝ ඔලිම්පික් උළෙලේදී තත්ත්පර 43.03 ක කාලයක් වාර්තා කරමින් ඔහු එම වාර්තාව පිහිටුවා තිබිණ.

ස්ටීවන්ට වඩා තත්ත්පර 0.23 ක් පසුපසින් තරගය නිමා කළ කොලොම්බියාවේ ජොස් ඇන්තනී (තත්ත්පර 44.08) එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර ග්‍රෙනඩාවේ කිරාන් ‍ජේම්ස් (තත්ත්පර 44.19)  ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ ස්ටීවන්ට වඩා තත්ත්පර 0.34 පසුපසින් තරගය නිමා කරමිනි.
 

-036 


අදහස් (0)

මීටර් 400 රන් පදක්කම බහමාස්හි ස්ටීවන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.