Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුතුතන්ත්‍රි සත් සාමාජික නායකත්වයට

මුතුතන්ත්‍රි සත් සාමාජික නායකත්වයට

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සැප්තැම්බර් මස 1 සහ 2 දෙදින හොංකොං හී කිංග්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ආසියානු කුසලාන සත් සාමාජික රග්බි පළමු අදියරේ තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයන් 12 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවරට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිලේ නායක නවීන් හීනකංකානම්ගේ ඇතුළත් කිරිමට ජාතික රග්බි තේරීම් කමිටුව ඊයේ පියවර ගත්තේය.

මීට අමතරව දේශීය රග්බි පිටියේදී නාවික හමුදා රග්බි පිල නියෝජනය කළ සමිත් ධනංජය ද පළමුවරට ජාතික කණ්ඩයාමට එත්වී සිටී.

ලෝක කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියට ආසියාව නියෝජනය කරන කණ්ඩායම් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන තරගාවලියක් බවට මෙවර ආසියානු කුසලාන සත් සාමාජික තරගාවලිය පත්වී තිබේ. එබැවින් මෙවර තරගාවලිය වැඩි තරගකාරීත්වයක් දැකිය හැකිවනු ඇතැයි ජාතික රග්බි තේරීම් කමිටු සභාපති මයිකල් ජයසේකර මහතා පැවසීය.

මේ තරගාවලියට ශාරිරික යෝග්‍යතාව අතින් අංග සම්පූර්ණ ක්‍රීඩකයන් යොදාගත යුතු බවට පුහුණුකරු නවසීලන්ත ජාතික පීටර් වුඞ් දැඩි ස්ථාවරයක සිටි බැවින් හිටපු නායක ධනුෂ්ක රන්ජන්ට තරගාවලිය අහිමිවිය. ඔහු මේ තරගාවලියට සහභාගි කරවීමේ අවදානම ගැනීමට අවශ්‍ය නැති බවත්. ආසියානු තරගාවලියේ දෙවැනි අදියර ලෙස පැවැත්වෙන  දකුණු කොරියානු තරගාවලියට එක්වීම සඳහා ඔහු ශාරිරික යෝග්‍යතාව ඉහළ තත්ත්වයකට පත්වනු ඇති බවත්, ජයසේකර මහතා සඳහන් කළේය.

ජයසේකර මහතාගේ සහ තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් සිවුදෙනාගේ ඒකමතික තීරණය අනුව මේ තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම සුදර්ශන මුතුතන්ත්‍රීට පවරා තිබේ. මීට පෙර අවස්ථා ගණනාවකදීම ඔහු නායකත්වයේ ඉහළ ගුණාංග පෙන්වීමට සමත්වූ ක්‍රීඩකයකු බව ජයසේකර මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම ලබන අඟහාරුවාදා (29) රාත්‍රීයේ හොංකොං බලා පිටත්වයාමට නියමිතය. ආබාධ හේතුවෙන් ශ්‍රීනාත් සූරියබණ්ඩාර, රිචඞ් ධර්මපාල, අනුරුද්ධ විල්වර, ෂෙහාන් පතිරණ සහ රීසා රෆායිඩීන් තරගාවලියට එක්නොවන අතර පළපුරුදු ක්‍රීඩක ෆාසිල් මරිජා තේරීම් සඳහා එක්නොවීය.

මේ අදියර සඳහා කෙවින් ඩික්සන් වෙනුවට සුදම් සුරියආරච්චි කණ්ඩායමට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව තීරණය කළේය. සූරියආරච්චි මෙන්ම බුද්ධිම පියරත්නත් ජාතික සත් සාමාජික රග්බි පිල නියෝජනය කරන්නේ පළමුවරටය. හිටපු ජාතික ක්‍රීඩක රොහාන් චින්තක කළමනාකරු ලෙස මේ තරගාවලියට එක්වෙයි.

 කණ්ඩායම් 8ක් තරග වදින මේ තරගාවලියට ජපානය, දකුණු කොරියාව සහ චීන තායිපේ කණ්ඩායම් සමග ශ්‍රී ලංකාව එක්වන්නේ ‘බී‘ කාණ්ඩයෙනි. සත්කාරක හොංකොං රාජ්‍යත්, චීනය, පිලිපීනය සහ මැලේසියාවත් ‘ඒ‘ කාණ්ඩයට ඇතුළත් වෙති.


හොංකොං තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම -
සුදර්ශන මුතුතන්ත්‍රී (නායක), ජේසන් දිසානායක, සුදම් සූරියආරච්චි, ඕමල්ක ගුණරත්න, තරින්ද රත්වත්ත, බුද්ධිම පියරත්න, කවිඳු පෙරේරා, ධනූෂ දයාන්, නවීන් හීනකංකානම්ගේ, හිරන්ත පෙරේරා, සමිත් ධනංජය, චානක චන්දිමාල්.

 - 077

 


අදහස් (0)

මුතුතන්ත්‍රි සත් සාමාජික නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.