Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුම්බායි පිලට ලකුණු 3 ක තියුණු ජයක්

මුම්බායි පිලට ලකුණු 3 ක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 50 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (16 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 183 ක් පමණි. තරගය ජය ගැනීම සඳහා පන්ජාබ් කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 17 ක් රැස්කිරීමට සිදුවූ අතර කඩුල්ලක්ද දවාගනිමින් එම ඕවරය ලකුණු 13 කට සීමා කළ මිචෙල් මැක්ලෙනගන් පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන වළක්වාලීය.

වේගවත් පිතිහරඹක නිරත වූ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් පන්දු 60 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 94 ක් රැස්කළද, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔහු අපොහොසත් විය. කෙසේ වුවත් මෙම තරගයේදී ලබාගත් අර්ධ ශතකයත් සමග මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලභියා බවට පත්වීමට රාහුල්ට හැකිවිය. මේ දක්වා තරග 13 කට සහභාගි වී ඇති ඔහු එහිදී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 652 කි.

දැවැන්ත ඉලක්කයක් හඹා යෑමේදී පන්ජාබ් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් රාහුල්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඒරන් ෆින්ච් (46) සමග එක්ව පන්දු 70 කදී ලකුණු 111 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය. පන්දු 35 කදී වාර්තා වූ ෆින්ච්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කන් සමන්විත විය.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වු ජස්ප්‍රීට් බුම්රා කඩුලු 3 ක් දවාගත්තේ සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කරමිනි. පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මිචෙල් මැක්ලෙනගන් ලකුණු 37 කට කඩුලු 2 ක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 186 ක් ලබාගැනීමට සමත් වූ අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ කිරන් පොලාඞ් පන්දු 23 කදී ලකුණු 50 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

කෘනාල් පාණ්ඩ්‍යා හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 32 ක්ද, සූර්යකුමාර් යාදව් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක්ද, ඉෂාන් කිෂන් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 20 ක්ද බැගින් රැස්කරමින් මුම්බායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

මෙවර තරගාවලියේ වැඩි කඩුලු ලාභියා බවට පත්ව සිටින පන්ජාබ් කණ්ඩායමේ ඇන්ඩෘ ටේ, මෙම තරගයේදී ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගනිමින් සිය කඩුලු මල්ල 24 ක් දක්වා ඉහළ දමාගත්තේය. එහෙත් කඩුලු 18 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැදී සිටින මුම්බායි කණ්ඩායමේ හර්දීක් පාණ්ඩ්‍යා මෙම තරගයේදී කඩුලු දවාගැනීමට අසමත් විය.

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 186
(සූර්යකුමාර් යාදව් 27, ඉෂාන් කිෂන් 20, කෘනාල් පාණ්ඩ්‍යා 32, කිරන් පොලාඞ් 50, ඇන්ඩෘ ටේ 16/4)

කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 183
(ලෝකේෂ් රාහුල් 94, ක්‍රිස් ගේල් 18, ඒරන් ෆින්ච් 46, ජස්ප්‍රීට් බුම්රා 15/3, මිචෙල් මැක්ලෙනගන් 37/2)

-036

 


අදහස් (0)

මුම්බායි පිලට ලකුණු 3 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.