Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 43 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර චෙන්නායිහිදී අද (08) පැවැති තරගයෙන් මුම්බායි ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක ජයක් ලැබීමට සමත් වූහ.
මුම්බායි පිල තරග 11 කදී ලැබූ හයවැනි ජය මෙය වන අතර මෙම ජයත් සමග ප‍්‍රසාද ලකුණු 12 ක් සමගින් මුම්බායි පිල ප‍්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට උසස් විය.
මෙම තරගය ආරම්භ වන විට මුම්බායි පිල තරග 10 කදී ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා හයවැනි ස්ථානයේ පසු විය. මුම්බායි පිල ලකුණු 159 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 19.2 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.
මුම්බායි ආරම්භක පිතිකරුවන් වන ලින්ඞ් සීමන්ස් (38) සහ පර්තිව් පටෙල් (45) ලකුණු 84 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණයට අනගි අඩිතාලමක් දැමූහ.
පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිල ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 158 ක් පමණක් රැස් කළේය.
නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 32 කදී නොදැවී ලකුණු 39 ක් රැස්කරමින් ඉනිමේ වැඩි ලකුණු ලාභියා බවට පත්විය. චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා කී‍්‍රඩකයන්ට චෙන්නායිහිදී පැවැත්වෙන තරග වලට දේශපාලන හේතුමත සහභාගී වීමට වාරණයක් පනවා තිබීම නිසා මුම්බායි පිලේ ප‍්‍රධානතම වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග මෙම තරගයෙන් ඉවත්ව සිටියේය. මාලිංග මේ වන විට තරග 10 කදී කඩුලූ 15 ක් දවා ගනිමින් කඩුලූ ලාභීන් අතර හයවැනි ස්ථානයේ පසු වෙයි.
චෙන්නායි පිල තරග 11 කදී ප‍්‍රසාද ලකුණු 14 ක් හිමිකර ගනිමින් පළමු ස්ථානයේ හිමිකර ගෙන සිටියි.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 කට 158
(ඞ්වේන් ස්මිත් 27, බ්‍රෙන්ඩන් මැකලම් 23, සුරේෂ් රයිනා 10, ෆෆ් ඩූ ප්ලීසිස් 17, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 39, පවන් නිගි 36)
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 19.2 යේදී කඩුලූ 4 ට 159
(ලින්ඞ් සීමන්ස් 38, පර්තිව් පටෙල් 45, රෝහිත් ශර්මා 18, අම්බාටි රයිදු නොදැවී 34, හෙන්ද්‍රික් පන්ද්‍යා නොදැවී 21, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 17/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.